උරේෂාට ජය මංගලම්

තම හද බැඳි සොඳුරු යුවතිය කැන්ඳන් යන්න ආව හිරු කුමාරයා වුණු රුචිර නදීරගේත්, උරේෂාගේත් සොඳුරු පැතුම් ඉටු වුණේ පසුගියදා, ඒ ගාලු මුවදොර හෝටලයේදී. ඒ සොඳුරු මොහොතට උරේෂාට ආදරය කරන නෑදෑ – හිත මිතුරන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් ඇතුළු බොහොම දෙනෙකු ඇවිදින් හිටියේ මේ සොඳුරු යුවළට සුබ පතන්නයි. මේ දැක්වෙන්නේ සරසවිය කැමරා ශිල්පී ටෙනිසන් එදිරිසිංහගේ කැමරා ඇසට හසුවුණු සුන්දර දසුන් කිහිපයකි.

ගායන ශිල්පී අමල්, ගායන ශිල්පිනී දීපිකා, සංගීත අධ්‍යක්ෂ සුරේෂ් මාලියද්ද මනාල යුවළ සමඟ ගත කළ සොඳුරු මොහොතක්

‘අපෙන් ඔබටත් සුබ මංගලම්’ සංගීත අධ්‍යක්ෂ කපිල පුගල ආරච්චි සමඟ ගායන ශිල්පිනී නෙලූ අධිකාරී

ප්‍රවීණ ගායන ශිල්පි විශාරද නන්දා මාලිනී, සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ සහ බිරිඳ, ගායන ශිල්පී කිත්සිරි ජයසේකර හා උපේක්ඛා ගංගොඩවිල උරේෂාට සුබ පතන්නට ඇවිත්

‘පායනා ඉර පාන වාගේ – පීදෙනා මල් යාය කාගේ . . .’ මේ ගීතය අද නම් ගයන්නේ මමයි

මනාල යුවළට සුබ පතන්න පැමිණි යොවුන් නිළි පබෝධා සන්දීපනී

‘සීත හිමිගිර සීත නොදැනේ – දැනේ උණුසුම ආදරේ’ උරේෂාගේ ආදරේ ගැන ද මේ කියන්නේ

‘පුංචි දවස්වල නින්දට යද්දී – පීතු පාදං නමා මහං කියලා..’ මංගල ගමනට අවසර ගන්නා උරේෂා

කලකට පසු හුමුවුණු චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරා, චිත්‍රපට නිෂ්පාදක ධම්මික සිරිවර්ධන හා නිළි පූජා උමාශංකර්


මන්දිරා අතිනත ගත් දා . . .

මන්දිරා අපේ විශිෂ්ට කැමරා ශිල්පී සහ චිත්‍රපට අධ්‍යක්ෂ එම්. එස්. ආනන්දගේ සහ චිත්‍රපට නිෂ්පාදිකා වයලට්ගේ මිනිබිරියයි. මන්දිරා 1995 දී තිරගත වූ ‘මම බය නෑ ශ්‍යාමා’ හි ප්‍රධාන ළමා නිළියයි.
මන්දිරා පෙරේරා - ටෙහාන් ද මැල් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අතිනත ගත් දා ශ්‍යාමාගේ පුතු රිචී රසංග පෙරේරා

අම්මා ශ්‍යාමා ආනන්ද - තාත්තා සාලිය පෙරේරා

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව