සිංහළ සිනමා විස්තරය

රන් ඔන්චිල්ලා

තිරගත වූ දිනය – 1971 මාර්තු 14

කතාව, දෙබස්, තිර නාටකය – අධ්‍යක්ෂණය- නිෂ්පාදනය – ධර්ම ශ්‍රී කල්දේරා

කැමරා අධ්‍යක්ෂණය – ඩබ්ලිව්. ඒ. බී. ද සිල්වා

සංස්කරණය – එම්. පී. රූපසේන

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි, ටී. සෝමසේකරන්

සටන් අධ්‍යක්ෂණය – රොබින් ප්‍රනාන්දු, කුමාර ස්වාමි

රසායනාගාර – අයි. ඒ. ජොහාර් / සී. මහේන්ද්‍රන්

සංගීත අධ්‍යක්ෂණය – ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – ධර්මසිරි ගමගේ, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ, සිරිල් ඒ. සීලවිමල, ඔගස්ටස් විනයාගරත්නම්

ගීත ගායනය – මල්ලිකා කහවිට, ඇන්ජලින් ගුණතිලක, මිල්ටන් මල්ලවආරච්චි, සී. ඩී. ෆොන්සේකා, කේ. සේන

ගීත සංඛ්‍යාව - 04

ගීත:

රන්කෙන්දෙන් රනින් සැදූ – මල්ලිකා කහවිට, ඇන්ජලින් ගුණතිලක (පද – ධර්මසිරි ගමගේ)

බැමි බිඳදා රැහැන් මුදා – ඇන්ජලින් ගුණතිලක, කේ. සේන

තත්කිට තරිකිට පදයට – මිල්ටන් මල්ලවආරච්චි (පද - ජෝර්ජ් ලෙස්ලි රණසිංහ)

සල්ලි සල්ලි ලෝකේ නසන - සී. ඩී. ෆොන්සේකා

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ - මරදාන

නළු නිළියන් -

විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට, නීටා ප්‍රනාන්දු, සේනාධීර රූපසිංහ, ශේන් ගුණරත්න, එම්. පී. ගැමුණු, ක්‍රිස්ටි පෙරේරා, ලලිතා අල්මේදා, ජෝ ලිවේරා, ජෙසිකා වික්‍රමසිංහ, රොබින් ප්‍රනාන්දු, මල්ලිකා ජයරත්න, පර්ල් කුරේ, එච්. ඩී. කුලතුංග, ආර්. කුමාරස්වාමි, දේවිකා කරුණාරත්න, ගාමිණී වික්‍රමසූරිය, විනී රන්වල, ලයනල් දැරණියගල, මාලිනී රත්නායක, චන්ද්‍රිකා සිරිවර්ධන, දොන් සිරිසේන, සිඩ්නි කුමාරණතුංග, ධර්මදාස කුරුප්පු, බී. සී. ද සිල්වා, ආරියපාල සේනාධීර, ජයන්ත පී. සමරසිංහ

මෙහි මංගල දර්ශනය ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් එල්ෆින්ස්ටන් සිනමා ශාලාවේදී පැවැත්විණ.


කතුරු මුවත්

තිරගත වූ දිනය – 1971 ජූනි 20

ඉදිරිපත් කිරීම – ගම්පහ ෆිල්ම්ස්

නිෂ්පාදනය – පී. ඩබ්ලිව්. සිරිවර්ධන, එල්මෝ ජයවර්ධන, කේ. එච්. ගුණදාස

කතාව, දෙබස්, තිර නාටකය හා අධ්‍යක්ෂණය - කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්

සංස්කරණය – එඩ්වින් ලීටින්

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු

ශබ්ද පරිපාලනය - නිමල් වීරක්කොඩි

රසායනාගාර - සී. මහේන්ද්‍රන්

සැකසුම – ලංකා චිත්‍රාගාරය

සංගීත අධ්‍යක්ණය - ප්‍රේමසිරි කේමදාස

ගීත ප්‍රබන්ධය – තලංගම ප්‍රේමදාස, සරත් විමලවීර, මානෙල් පෙරේරා

ගීත ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ඇන්ජලින් ගුණතිලක, ලතා වල්පොල, සී. ඩී. ෆොන්සේකා

ගීත:

කතුරු මුවාත් පිහිය මුවාත් - ජේ. ඒ. මිල්ටන් මානෙල් පෙරේරා

සිහින ලොවක පැතුම් සෙමෙර – ලතා වල්පොල

සරා සලෙල හැඟුම් බරට - සී. ඩී. ෆොන්සේකා, ඇන්ජලින්

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ -

මරදාන

නළු නිළියන් -

ඩී. ආර්. නානායක්කාර, ජානකී කරුකුලසූරිය, ඔස්වල්ඩ් ජයසිංහ, සේනාධීර රූපසිංහ, රෙක්ස් කොඩිප්පිලි, නීලා ලියනගදර, රූබි ද මෙල්, ජෝසප් සෙනෙවිරත්න, ඒ. ජේ. ද සොයිසා, ඩී. බී. ලියනගෙදර, ලැටීෂියා පීරිස්, දොන් සිරිසේන, පියදාස විජේකෝන්, ජෙසිකා සමරසිංහ, ඩේවිඩ් ධර්මකීර්ති, කුවින්ටස් වීරකෝන්, ජී. එච්. ස්ටැන්ලි පෙරේරා, බී. ඇස්. පෙරේරා, පර්ල් වාසුදේවි, සම්පත් ශ්‍රී නන්දලෝචන, විනී රන්වල, හර්බට් අමරවික්‍රම, ස්ටැන්ලි ද සිල්වා, ප්‍රේමනාත් මොරායස්, අනූෂා ගීතාංජල


හතර දෙනාම සූරයෝ

තිරගත වූ දිනය – 1971 ජූලි 20

නිෂ්පාදනය හා අධ්‍යක්ෂණය – නීල් රූපසිංහ

සහාය අධ්‍යක්ෂණය – ඇන්ටන් ග්‍රෙගරි

කතාව - ධර්මසිරි ගමගේ

දෙබස් රචනය – ආරියරත්න කහවිට

කලා අධ්‍යක්ෂණය – ඒ. ඩී. රංජිත් කුමාර

කැමරා අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස්

වේශ නිරූපණය - කේ. සුබ්බයියා

සංස්කරණය – ඩබ්. කේ. රූබන්

නැටුම් - හෙලන් කුමාරි

තිර නාටකය – නීල් රූපසිංහ, ලෙනින් මොරායස්

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත ප්‍රබන්ධය – කරුණාරත්න අබේසේකර,

එම්. එස්. ප්‍රනාන්දු

ගීත ගායනය – එච්. ආර්. ජෝතිපාල, ලතා වල්පොල, ඇන්ජලින් ගුණතිලක, එම්. එස්. ප්‍රනාන්දු

ගීත -

පැතුම් මල්ලකී මේ ජීවිතේ – ලතා වල්පොල

මේ දෑස මගේ පින්වන්තයි – එච්. ආර්. ජෝතිපාල

අහා අහා ආදරණිය සිනා - ජෝතිපාල, ඇන්ජලින්

රත්තරනින් රන් කිරිල්ලියේ - එම්. එස්., ඇන්ජලින්

කොඩි ගහ යට මම උපන්නේ එම්. එස්., ජෝතිපාල, පිරිස

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ

නළු නිළියන්:

ගාමිණී ෆොන්සේකා විජය කුමාරණතුංග, මාලිනී ෆොන්සේකා, සේනාධීර රූපසිංහ, ශ්‍රියාණි අමරසේන, අග්‍රා සජීවනී, ඇන්තනි සී. පෙරේරා, බන්දු මුණසිංහ, තලතා ගුණසේකර, එම්. එස්. ප්‍රනාන්දු, පර්ල් වාසුදේවි, ලයනල් දැරණියගල, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, සුගත් ප්‍රසන්න, වෛජයන්තිමාලා


අබිරහස

තිරගත වූ දිනය – 1971. 08. 04

ඉදිරිපත් කිරීම – නිමලවීර චිත්‍රපට

නිෂ්පාදනය, ශබ්ද පරිපාලනය – නිමල් වීරක්කොඩි

අධ්‍යක්ෂණය - ලෙනින් මොරායස් (මෙය ඉංග්‍රීසි චිත්‍රපටයක අනුකරණයකි.‘යාර් ආවල්’ නමින් දමිළ බසින් ද තිරගතව ඇත)

දෙබස් - චන්ද්‍රා අනගිරත්න

කැමරා අධ්‍යක්ෂණය – එම්. ඒ. ගපූර්

කැමරා සහාය - සෝමපාල ධර්මප්‍රිය, මර්සලින් එස්. පෙරේරා

සංස්කරණ සහාය – ඇස්. විපුලානන්දන්, ජෝකීම් අප්පුහාමි

කලා අධ්‍යක්ෂණය – ලයනල් සිල්වා

වේශ නිරූපණය - ඩෙරික් ප්‍රනාන්දු,

සහාය - ඩබ්ලිව්. සෙල්වරාජ්

සහාය අධ්‍යක්ෂණය – ඇස්. ඒ. අලගේෂන්, ආතර් මාදිවෙල

සංගීත අධ්‍යක්ෂණය – පී. එල්. ඒ. සෝමපාල

ගීත පද රචනා - කරුණාරත්න අබේසේකර, ප්‍රේමකීර්ති ද අල්විස්, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ

ගීත ගායනය - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක

ගීත:

ඇත දිලිසෙන හිරු සඳු - ජෝතිපාල, ඇන්ජලින්

සුසුදු රැල්ල වැල්ලේ - ජෝතිපාල, ඇන්ජලින්

සිතුම් පැතුම් සඳ ආදරේ - ජෝතිපාල, ඇන්ජලින්

ගීත පොත් – එම්. කේ. පොන්නයියා පිල්ලේ -මරදාන

නැටුම් - හෙලන් කුමාරි,

බියුලා ඩයස් කරුණාරත්න

නිෂ්පාදන කළමනාකරු - බර්ටි තලගල

රසායනය – ඒ. අයි. ජොහාර් සහාය ඇස්. ඇස්. සමරසිංහ

සැකසුම – ලංකා චිත්‍රාගාරය

කොණ්ඩා සැරසිලි - රංජිත් ගුණසිංහ

නළු නිළියන් -

විජය කුමාරණතුංග, ස්වර්ණා කහවිට, තලතා ගුණසේකර, මාලිනී ෆොන්සේකා, රොබින් ප්‍රනාන්දු, බැසිල් ද සේරම්, සම්පත් ශ්‍රී නන්දලෝචන, ඇලෙක්සැන්ඩර් ප්‍රනාන්දු, පියදාස විජේකෝන්, වොලී නානායක්කාර, ඇල්. ඇම්. පෙරේරා, ඇල්බට් පෙරේරා, එච්. ආර්. ජෝතිපාල, සෝනියා දිසා, ටියුඩර් කරුණාතිලක, ශීලා පීරිස්, අනූෂා ගීතාංජලී, සුරේකා මැණිකේ, මහිමන් පෙරේරා, ගාමිණී ලියනගේ, උපාලි ජයසූරිය


කේසර සිංහයෝ

තිරගත වූ දිනය – 1971 අගෝස්තු 28

ඉදිරිපත් කිරීම – ඇම්රෝස් චිත්‍රපට

නිෂ්පාදනය, අධ්‍යක්ෂණය, කතාව, දෙබස්, තිර රචනය සහ සටන් අධ්‍යක්ෂණය - රෝලන්ඩ් අමරසිංහ

වේශ නිරූපණය – ඊබට් විජේසිංහ, සනත් විජේවර්ධන

සහාය අධ්‍යක්ෂණය සහ සංස්කරණය –මහින්දානන්ද අමරසිංහ

නාමාවලිය – ටී. ඩී. කුලවික්‍රම

සංගීත අධ්‍යක්ෂණය - ප්‍රේමදාස අතුකීරාළ

ගීත ගායනය - ජේ. ඒ. මිල්ටන් පෙරේරා, ශ්‍රීමතී

රණසිංහ, ලතා - ධර්මදාස වල්පොල,

සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල

ගීත සංඛ්‍යාව - 05

ගීත - සන්සුන් රුවන් හද – මිල්ටන් පෙරේරා, ශ්‍රීමතී රණසිංහ

පද රචනය - සිරිල් ඒ. සීලවිමල, කිත්සිරි රැන්දූ ලක්දද - ලතා වල්පොල

පද – කරුණාරත්න අබේසේකර

කේසර සිංහයෝ වාගේමයි - ජෝතිපාල, මිල්ටන් පෙරේරා

දිළිඳුන් අතරේමයි විමානේ – ධර්මදාස වල්පොල

හීනෙකි මේ ජීවිතේ - සුජාතා අත්තනායක

නළු නිළියන්

විජය කුමාරණතුංග නීටා ප්‍රනාන්දු, ලයනල් දැරණියගල, පියදාස විජේකෝන් අනූෂා ගීතාංජලී, කුමාර් අමරසිංහ, සිරි පෙරේරා, තිලකා දැරණියගල, ප්‍රියංකා පෙරේරා, බර්ට්‍රම් ප්‍රනාන්දු, විමල් ජයවර්ධන, ලලිතා අල්මේදා, වේහැල්ලේ පියතිලක, දයානන්ද ජයවර්ධන, රුවන් පියරත්න, එච්. සෙනරත්

ගීත පොත් - ආනන්ද පොත්හල, මරදාන

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව