අර්ජුන් ගෙන් පැන විසඳුම්

මොරටුව කටුබැද්දේ ඩඩ්ලි ගෝමස්

වේදිකා නාට්‍යය සංවිධානය කරන එඩ්වඩ් චන්ද්‍රසිරි සහ රසඳූන සරසවිය පුවත්පත් වලට හිනා කතා ලියන එඩ්වඩ් චන්ද්‍රසිරි එක් අයෙක් ද?

හිනා කතා ද කියලා දන්නෑ ඒ ලියන චන්ද්‍රසිරි නාට්‍යයත් සංවිධානය කළා .

පූගොඩ ඩී.බී.කුලතුංග

අන්දාස් නමින් හින්දි චිත්‍රපට කීයක් තිබෙනවාද?

චිත්‍රපට ත්‍රිත්වයක් තිබෙනවා.එකක් 1947 වසරේ තැනුණ මෙහෙබුබ් කාන් තැනූ චිත්‍රපටය. දෙවැන්න 1971 වසරේ රමේශ් ශිප්පි අතින් ද තෙවැන්න 1991 වසරේ ඩේවිඩ් ධාවන් අතින් ද නිර්මාණය වුනා.එහෙත් මේ චිත්‍රපට සමාන වන්නේ නමින් පමණයි.

කළහේ වංචාවල තිලක ගමගේ

මෑතක තිරගත වූ ගාමණී සහ දැන් තිර ගත වන මාතා චිත්‍රපට වල ඔබ දකින වෙනස්කම් මොනවාද?

ලොකුම වෙනස එක් චිත්‍රපටයක් සිනමා රසිකයකු අතින් තැනුණ චිත්‍රපටයක් වීම. අනෙක් චිත්‍රපටය සිනමා විද්‍යාර්ථියකු අතින් තැනුණ එකක් වීම.

බදුල්ල ස්පරංවැලි ජෙරල් පෙරේරා

රාජ් කුමාර් රඟ පෑ මුල්ම සිනමා කෘතිය කුමක්ද?ඔහු චිත්‍රපට කීයක රඟගපෑවාද?ඔහුගේ බිරිඳ සිනමාවට සම්බන්ධ ද?

මුල්ම චිත්‍රපටය රංගිලි. ඔහු චිත්‍රපට 75ක රඟපෑවා. බිරිය ගයත්‍රී සිනමාවට සම්බන්ධ නැහැ.

ඇල්පිටිය පොරවගම නාරංඕවිට එල්.ආර්.ශිරාන් පෙරේරා

වෙන්නප්පුව නගරයේ පැවැති ශ්‍රී ලංකා සහ ෂැම්රොක් සිනමාශාලා වල දැනට චිත්‍රපට ප්‍රදර්ශනය වනවාද?

නැහැ.

මුදුන්ගොඩ රේමන් ලියනගේ

එදා සිටි තිලක් පුෂ්පකුමාර,මාස්ටර් ජයන්ත්, බේබි සන්ධ්‍යා යන ළමා ශිල්පීන් දැන් කෝ?

තිලක් පුෂ්පකුමාර පිළිබඳා ලිපියක් ළඟ දී සරසවිය පුවත්පතේ පළ වුනා. ඔහු දැන් විදේශ රටක පදිංචි ව සිටිනවා. අනෙක් දෙදෙනා ගැන නම් ආරංචියක් නැහැ.

උතුරු මූදුකටුව මිල්ටන් ප්‍රනාන්දු

සෙලිනාගේ වලව්ව චිත්‍රපටය තිර ගත වූයේ කිනම් වසරක ද?

1978 වසරේ.

මීටියාගොඩ මරදානවත්තේ එච්.එල්.තිලකසිරි ද සිල්වා.

මෙතෙක් වැඩිම සිංහල චිත්‍රපට සංඛ්‍යාවක් නිපදවන ලද නිෂ්පාදකවරයාත් වැඩිම චිත්‍රපට ගනනක් අධ්‍යක්ෂනය කළ අධ්‍යක්ෂවරයාත් කවුරුන්ද?

නිෂ්පාදක සුනිල් ටී,ප්‍රනාන්දු.අධ්‍යක්ෂක සුනිල් සෝම පීරිස්

ඉහල තල්වේ ආනන්ද වික්‍රමාරච්චි

ජනප්‍රිය විකට නළුවන් යුගලක් වූ ටෙරන්ස් හිල් සහ බඩ් ස්පෙන්සර් දැන් කෝ? ඔවුන් ගැන විස්තරයක් කියන්න

ඉතාලි ජාතික මේ නළුවන් දෙදෙනා ගෙන් ටෙරන්ස් හිල් දැන් 72 හැවිරිදි වියේ ත් බඩ් 84 හැවිරිදි වියෙත් පසු වෙනවා.

මේ දෙදෙනාම දැනටත් චිත්‍රපට රංගනයේ නියැලෙනවා. එහෙත් 1994 වසරේ තිර ගත වූ ට්‍රබල්මේකර්ස් චිත්‍රපටයෙන් පසු දෙදෙනා එකට රඟගපෑවේ නැහැ.

බඩ් ස්පෙන්සර් ගේ සැබෑ නම කාලෝ පෙඩර්සෝලි. නළුවකු වන්නට පෙර ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටියේ ඉතාලියේ පිහිනුම් සූරයකු ලෙසටයි.

එමෙන්ම ඔහු චිත්‍රපට සංගීතයට පවා දායක ව තිබෙනවා.ටෙරන්ස් හිල් ගේ සැබෑ නම මාරියෝ ගිරොට්රි. මෙ දෙදෙනාම විවාහක යි. දැන් මුනුබුරු මිනිබිරියන් ගේ සුරතලය විඳීනවා. 1958 වසරේ හැනිබල් චිත්‍රපටයේ සිට චිත්‍රපට 18 ක් ඔවුන් දෙදෙනා එකට රඟපෑවා.

ගනේමුල්ල නැදුන සීතා සෙනරත් අමරසිංහ

රන්සළු චිත්‍රපටයේ මෙහෙනින් වහන්සේ ගේ චරිතය රඟපෑ නිළිය කවුරුන්ද?දැන් ඇය කෝ?

ඇය සුභාෂිනී අතුකෝරාළ යි. ඇය ගැන දැන් ආරංචියක් නැහැ.

වත්තල හේකිත්ත ලක්ෂ්මන් රණසිංහ

දේශපාලන,අධිකරණ සිවිල් නීතිය වැනි විෂයන් පිළිබඳ වඩාත් නිවැරදිව කතා කළ එකම කලාකරුවා ගාමිණී ෆොන්සේකා බව මගේ අදහසයි.ඔබ ඒ පිළිබඳ සිතන්නේ කුමක්ද?

ඔව්.ලක්ෂ්මන් මාත් ඒ මතයට එකඟගයි.එයට හේතුව ගාමිණී ෆොන්සේකා නම් මහා කලාකරුවාට කලාව සම්බන්ධව පෞද්ගලික න්‍යාය පත්‍රයක් තිබුනේ නැහැ.ඒ නිසාම ඔහු කාටවත් නයත් නැහැ. බයත් නැහැ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව