සළ රූ ගී සර

වසන්තේ දවසක්

ගැ/පි - දේදුන්නෙන් එන සමනලුනේ
ගම් මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉඳහල්ලා

පි - දවසක් දා බෝ මළුවේ
ගැ - තනි වූ දාකදි අපි දෙන්නා
පි - පහනක් දල්වා එකම හිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
ගැ - භවෙන් බවේ පෙර ආවාසේ
භවෙන් බවේ මතු සංසාරේ
පි - නිවන් දක්නා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

පි - ආදරයේ සුවඳ ලෙනේ
ගැ - තනි වී උන්නා අප දෙන්නා
පි - කාන්සියක් හෙම නෑ දැනුනේ
පෙති දිලුනා වන මල් අරණේ

ගැ - ඔබ පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැළි පෙරළේ
පි - කියව් කුරුල්ලනි මලින් මලට හෙට
අපේ අහිංසක කතන්දරේ

පද රචනය – ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
ගායනය - සංගීත් නිපුන් සනත් නන්දසිරි සමඟ
ලතා වල්පොල
අධ්‍යක්ෂණය – ටී. අර්ජුන

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව