|
ලේක්හවුස් නත්තල් කැරොල්
ලේක්හවුස් ආයතනයේ වාර්ෂිකව පවත්වන නත්තල් කැරොල් ප්‍රසංගය මෙවරත් ලේක්හවුස් පරිශ්‍රයේදී පසුගියදා පැවැත්විණි. ලේක්හවුස් කතෝලික සහයෝගිතාවය සංවිධානය කළ කැරොල් ප්‍රසංගයට ලේක්හවුස් ගායන කණ්ඩායම ගීත ගායනා කළ අතර ආරාධිත අමුත්තා ලෙස දොන් බොස්කෝ දෙව්සත්හලේ අධ්යක්ෂ ගරු නිහාල් ලියනගේ පියතුමා සහභාගි විය. ලේක්හවුස් ආයතනයේ සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතා, කර්තෘ මණ්ඩල අධ්යක්ෂ චන්ද්‍රසිරි සෙනවිරත්න මහතා ඇතුළු ලේක්හවුස් සේවක සේවිකාවන් රාශියක් එයට සහභාගි වූ අතර ආරාධිත ගායන ශිල්පියා ලෙස අනිල් භාරතී ප්‍රසංගය ගීතවත් කළහ. ඡායා - රංජිත් අසංක
අශේන් මංජුලගේ මිතුරුතුමෝනත්තල් දා රූපවාහිනියේ
අශේන් මංජුල විසින් අධ්‍යක්ෂණය කළ නත්තල් ඒකාංගික නාට්‍ය මිතුරතුමෝ මෙම මස 25 වැනිදා එනම් නත්තල් දා සවස 5 ට ජාතික නාලිකාව ඔස්සේ විකාශය වේ. කපිල කුමාර කාලිංගගේ රූපවාහිනි රචනයක් වූ මෙය පැයක විකාශන කාලයකින් යුක්තය. නව පරපුුරේ රංගන ශිල්පී සංජය වෙදආරච්චිගේ නිෂ්පාදනයක් වන මිතුරුතුමෝ නාට්‍යයේ හේමසිරි ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා, සේමිණි ඉද්දමල්ගොඩ, සංජය වෙදආරච්චි, හිරුණි හංසනී, සෙනුල්යා දන්තනාරායන, ආකාශ් විහඟ, මහින්ද ලොකු යද්දෙනි රංගනයේ යෙදෙති. මිතුරුතුමෝ නාට්‍ය සඳහා අනුග්‍රහය රූත් ස්ටයිල් ආයතනයෙනි. සෝක් සර් 24 වැනිදා
ඉන්ද්‍රජිත් චාමිකර විසින් නිර්මාණය කරන ලද සෝක් සර් වේදිකා නාට්‍ය මෙම මස 24 වැනිදා පිළියන්දල මධ්‍ය මහ විද්‍යලයීය ශ්‍රවණාගාරයේදී වේදිකා ගත වේ. සමෝජා බිබිලේ, ජයරත්න රූපසිංහ, ජයතිලක හේරත්, මහින්ද කරුණරත්න, චුලා මෙන්ඩිස්, ගයා ක්‍රිෂාණි, රුවන් චාමර මෙහි චරිත රංගනයේ යෙදෙති. සෝක් සර් ජයරත්න රූපසිංහගේ රචනයකි. මිරාන් තරින්ද සංගීත අධ්‍යක්ෂණයෙන් ද, වසන්ත කුමාර රංගාලෝකයෙන් ද, ආනන්ද පොල්ගහවෙල අංග රචනයෙන් ද, සජීව හෙට්ටිආරච්චි වේදිකා පරිපාලනයෙන් ද මෙයට දායක වේ. ප්‍රහසනාත්මක නාට්‍යයක් වන සෝක් සර් අධ්යක්ෂවරයාගේ පස්වැනි වේදිකා නාට්‍යයයි. බීන් ඉන් ශ්‍රී ලංකා, සෝබෝන්ලා, කමඩි 07 සහ මායා ඔහු මීට ප්‍රථම නිර්මාණය කළ නාට්‍ය අතර වේ.
අනුලාගේ පුත් විවාහ වූ දා
සරසවිය සම්මාන හොඳම සහ ජනපි‍්‍රය නිළිය සම්මාන දිනූ අනුලා කරුණතිලකගේ පුත් “බිනර උදයංග රණවිර සහ තිලෝෂා ශාමීන්ද්රි සුරියආරචිචි දෙපලගේ විවාහ මංඟල උත්සවය පසු ගිය දින මාතර සනායා මෙන්ෂන් හෝටලයේදි කලාකරුවන් සහ විශේෂ ආරාධිත අමුත්තන් ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මේ එහිදි අප කැමරා කාචයේ සටහන් කරගත් විශේෂ අවස්ථා කිහිපයකි.
වැඩිමහල් පුත් ඔසඳ බුද්ධික, බිනර පුතුන් හා ලේලියන් මුනුබුරු මිනිබරියන් සමඟ අනුලා
ශ්‍රීමත්ගේ තවත් දස්කමක් 22 දා
නිවේදකයකු, රංගන ශිල්පියකු, හඬ කැවීමේ ශිල්පියකු, ගත් කතුවරයකු ඇතුළු කලා ලෙවේ අංශ ගණනාවක් නියෝජනය කළ ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ චිත්‍ර ශිල්පියකු ලෙසට කලඑළියට පැමිණෙන රිදම් ඔෆ් ශ්‍රීමත් සිතුවම් දැක්ම මෙම මස 22 වැනිදා එනම් හෙට උදෑසන සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජේ. ඩී. ඒ. පෙරේරා කලාගාරයේදී ආරම්භ වේ. විවිධ මාතෘකා ඔස්සේ ශ්රිමත්ගේ තෙළි තුඩින් හැඩ වූ සිතුවම් 150 ක් මෙහිදී ප්‍රදර්ශනය වනු ඇත. සිතුවම් දැක්මේ සමාරම්භය හෙට උදෑසන 10 ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදුවීමට නියමිතය. මෙම චිත්‍ර ප්‍රදර්ශනය හෙට සහ අනිද්දා යන දෙදින පුරා උදෑසන 10 සිට රාත්‍රී 7 දක්වා විවෘතව ඇත.
ආයු විශේෂ සංගීත දැක්මක් 23
ආයු සංගීත කණ්ඩායම විසින් පවත්වනු ලබන විශේෂ වූ සංගීතමය සැඳෑවක් මෙම මස 23 වැනිදා සවස තලවතුගොඩ ඇක්ට් 4 ආයතනයේදී පැවැත්වේ. මෙම ප්රසංගයෙහි තේමාව වනුයේ මිනිස් ජීවන චක්රයයි. උපතේ සිට විපත දක්වා මිනිස් ජීවනය ගලා යන අන්දම ප්‍රසංගයෙන් විද්‍යාමාන කෙරේ. |