වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




පෙර ගමන් වැඩක්

පෙර ගමන් වැඩක්

කලාකරුවන් සමාජයේ පෙර ගමන්කරුවන්. ඔවුන්ගේ දැක්ම වඩාත් පුළුල්. ඒ වගේම කලාකරුවන්ව අප සමාජයේ බොහෝ දෙනෙකු අනුගමනය කරනවා. මේ හේතුවෙන් ඔවුන් ආදර්ශවත් චරිත විය යුතුයි. මේ කියන්න හදන්නේ එවන් වූ කලාකරුවන් කිහිප දෙනෙකු කළ ආදර්ශවත් කාරණයක් ගැනයි. මත්ද්‍රව්‍ය භාවිතයේ ආදීනව ගැන කියවෙන පෝස්ටරයක් නිර්මාණය කළා ටයර් හවුස් ආයතනය. එහි අධිපති සම්භාවනීය චිත්‍රපට නිෂ්පාදක සුනිල් ෆොන්සේකාගේ අනුදැනුම යටතේ තමයි එය සිදු වුණේ. එම පෝස්ටරය උඩවලවේ වන සංරක්ෂණ කාර්යාලයට පිවිසෙන මාර්ගයේ බෙදා හැරිම සිදු කළා. ඊට සහභාගි වුණා මහාචාර්ය සුනිල් ආරියරත්න, ප්‍රසන්න විතානගේ සහ ජැක්සන් ඇන්තනි. මේ එම අවස්ථාවේ ගත් සේයාරුවක්. මොනවා වුණත් මේ කළ දේ නම් අගය කළ යුතුමයි.

මේ සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අයකැමි ජී.පී.සමන් සහ එම්.ඩී. කරුණාදාස යන අයද සහභාගී වුණා.