වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




Prawns - Large Size

Prawns - Large Size

ඔය අජිත් ලොකුගේ ඉන්නවා නේද? මිනිහා හොඳ නළුවා. ඒ වගේම අධ්‍යක්ෂවරයෙකුත් ලෙසට නිර්මාණ කිහිපයක්ම අප වෙත ගෙන ආවා. දන්න අය නම් කියන්නේ අජිත්ව ලේසියෙන් අන්දන්න බැහැ කියලා, නමුත් එහෙම කෙනාත් ඇන්දුණා. අජිත් ගැන මේ කියන්න හදන කතාව ටිකක් පරණ වුණත් ඒක හරිම රසවත්. පරණ වයින් රස වැඩියි වගේ තමයි මේ කතාවක් එහෙමයි. ඔන්න අජිත් දවසක් යාළුවො කිහිප දෙනෙක් එක්ක ගියා පොඩ්ඩක් සප්පායම් වෙන්න කියලා හිතාගෙන තැනකට. එතැන වාඩිවෙලා ඉන්න ගමන් පොරක් ආවලු අජිත්ලාව හඳුනගෙන.

ආ මහත්තයාලනෙ මේ. කොහොමද?

එහෙම කුළුපඟු වුණ කෙනා වහාම ළඟ හිටපු වේටර් කෙනෙකුට ඉස්තරම්ම වර්ගයේ බෝතලයක් අජිත්ල ඉන්න මේසෙට ගේන්න කිව්වලු. වේටරුත් ඒක ගෙනල්ලා. ඒ අතරේ අර තැනැත්තා විධාන දෙනවලු 'මල්ලී ගේන්න ප්‍රෝන්ස් එකක්, ලොකු එකක්. ආයේ තව ටික වේලාවකින් හොඳයි නේද සෝක්, එහෙමනම් මල්ලි ගෙන්න පෝක් එකක් ලොකු එකක්. එකී මෙකී නොකී දේවල් මෙතනට ගේන්න කියලා. වේටර් කුස්සියට යනවලු. ඉස්සො ප්ලේට් එකක් ගේනවා. ආයෙ කුස්සියට යනවලු දැල්ලො ප්ලේට් ඒකක් ගේනවලු. ඔහොම අරක මේක ගෙනෙද්දි කලින් ගෙනාව බෝතලේ ඉවරලු. ආයෙත් තව ඒ වගේම බෝතලයක් ගෙන්න ඕඩර් කළාලු. ඒකත් එතනට ගෙනාවලු අර යාළුවත් සප්පායම් වෙනවලු. එක පාරටම අර අමුත්තා,

එහෙනම් මහත්තුරුනේ මං යනවා බායි.

අජිත්ලා තුස්නිම්භූත කරමින් එහෙම එතැනින් මාරු වුණාලු. එතැනින් පසුව වුණේ මොකක්ද කියලා අජිත් තමයි දන්නේ.