වර්ෂ 2016 ක්වූ  දෙසැම්බර් 21 වැනිදා බ්‍රහස්පතින්දා




චිත්‍රපට ගීයෙන් සැරසුණ විවාහය

චිත්‍රපට ගීයෙන් සැරසුණ විවාහය

 

පසුගිය දා මෙරට මාධ්‍ය ලෝකය ජනප්‍රියතම සිදුවීමක් වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විවාහයකට සාක්ෂිකරුවන් ලෙස අත්සන් තැබීමය. එම විවාහය සිදු වූයේ අමාත්‍ය ලක්ෂමන් යාපා අබේවර්ධනගේ පුත් පසිදු යාපා අබේවර්ධන වුවත් මානාලියගේ නම හෙළි වූයේ නැත.මනාලිය ජාතික රූපවාහිණි සංස්ථාවේ හිටපු වැඩසටහන් අධ්‍යක්ෂවරයකු ,සම්මානනිය ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු,ලේඛකයකු,ග්‍රන්ථ රචකයකු වූ ජනක මල්ලිමාරච්ච්ගේ බාල දියණිය වූ ජනාසි අමන්තා මල්ලිමාරච්ච් යි. සිනමාවේ හා කලා ලෝකයේ තරු පිරිවරා විවාහ මංගල උත්සවය කොළඹ ශැන්ගි‍්‍රලා හෝටලය දි පැවත් වූහ. මේ විවාහ මංගල උත්සවය එහි පැමිණි බෝහෝ දෙනාට තවත් ආකර්ශනයක් වූයේ එහි ගැයුණු සියලු ගී ජනප්‍රිය චිත්‍රපට ගී වීමයි. සිංහල චිත්‍රපට ගී 35ක් ඒ සඳහා තොර ගෙන තිබිණි, දෙවනි ගමනේ දී තෝරා ගැනුණේ සම්භාවනීය ඉංග්‍රීසි චිත්‍රපට ගීතයන් හා සංගීත තේමාවන්ය. එහිදි උත්සවයේ විශේෂ අවස්ථා තෙවැනි ඇසේ සටහන් වූ අයුරුයි.