|
As Good as It Getsස්වාධීන රූපවාහිනි සේවයේ ඉංග්‍රීසි චිත්‍රපට පෙළ ගැස්මේ ලබන 23 වැනි සෙනසුරාදා රාත්‍රි 10.30ට විකාශය කිරීමට නියමිතව ඇත්තේ, ජේම්ස් එල්. බෘක්ස් විසින් අධ්‍යක්ෂණය කෙරුණු As Good as It Gets චිත්‍රපටය යි. ප්‍රේමණීය, හාස්‍යමය සිනමා නිර්මාණයක් වන As Good as It Gets චිත්‍රපටයේ ජැක් නිකල්සන්, හෙලන් හන්ට්, ග්‍රෙග් කීනර් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වී සිටියි. එහි කියවෙන පරිදි, මෙල්වින් යනු එකම දේ නැවත නැවතත් කරන ලේඛකයෙකි. ඔහු අතින් වැඩි වශයෙන් රචනා කෙරෙන්නේ ආදර කතා ය. නමුත් ඔහු, තමාට හමුවන සෑම කෙනෙකුහටම නපුරු ආකාරයෙන් සලකන්නට පුරුදු වී සිටින්නෙකි. දිනක් ඔහුගේ අසල්වැසියා සිය සුරතල් සුනඛයා බලා ගැනීම මෙල්වින් වෙත පවරයි. ඒ සමඟින් මෙල්වින් ටිකෙන් ටික වෙනස්වීමටත් ඔහුගේ මෘදු ගතිගුණ වර්ධනය වීමටත් පටන් ගනී. එනිසාම ඔහු නිවෙස අසල අවන්හලක සේවයේ නිරත වේටර්වරිය සමඟින් සබඳතාවයක් ඇති කර ගනී. 1997 වසරේ තිරගත කෙරුණු As Good as It Gets දර්ශකයේ 7.7/10ක් සහ රොටෙන් ටොමැටෝස් වෙබ් අඩවියේ සියයට 86ක් ලබා ගන්නට සමත් වී ඇත. අධ්‍යක්ෂ ජේම්ස් එල්. බෘක්ස් සහ ජැක් නිකල්සන් ඔවුන්ට කළ හැකි උපරිමයෙන් මේ සිනමා නිර්මාණය කර ඇති අතර ඉතාම හොඳ තිරරචනය මෙන්ම වරදක් පෙන්විය නොහැකි රංගනයෙන් හොඳ වින්දනීය අගයක් එය ඔස්සේ මිරිකා දෙන බව විචාරක අදහසයි. As Good as It Gets ඔස්කාර් සම්මාන උලෙළේ සම්මාන හතක් වෙනුවෙන් නිර්දේශ නාම අතරට ඇතුළත් වී එයින් හොඳම නළුවා සහ හොඳම නිළියට හිමි සම්මාන ද්විත්වය දිනා ගන්නට සමත් විය. ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උලෙළේදී එයට හොඳම නළුවා, හොඳම නිළිය සහ හොඳම චිත්‍රපටයට (සංගීතමය හෝ හාස්‍යමය) වෙනුවෙන් සම්මාන හිමි විය.
|