|
|
‘ආරියවංශලා’ සිවුදෙනකුගේ කතාවයි මේ
මගේ මතකය හරි නම් මීට වසර දෙකකට පෙර මම 'ප්‍රේමය නම්' චිත්‍රපටය නැරැඹුවෙමි. චිත්‍රපටය බලා මා තරංගනී සිනමාහලෙන් පිටතට පැමිණ, මගේ කල්‍යාණ මිත්‍ර කුලරත්න ආරියවංශටත්, ඔහුගේ බිරිඳ සීතාටත් සුබපතා වැඩි වේලාවක් නොසිට නිවස බලා ගියේය. චිත්‍රපටය බැලීමෙන් පසු මට අවශ්‍ය වූයේ හුදෙකලා වීමටය. කාර්යාල වාහනයේ නැඟුණ මට අවශ්‍ය වූයේ නිවසට යන තෙක්ම චිත්‍රපටය ගැන මෙනෙහි කිරීමටය. එදා සිනමා ශාලාවට ඇතුළු වූ මා ඉන්පිටව ගියේ අපූරු ජීවිත අත්දැකීමක් විඳ, හරියටම මානසික රෝහලක ප්‍රතිකාර ලබා සුව වී නිවෙස බලා යන නිරෝගී පුද්ගලයකුගේ මානසිකත්වයෙනි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම එය අපූරු සිනමා අත්දැකීමක් විය. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑ ශ්‍යාම් ප්‍රනාන්දු මා පුද්ගලිකව හඳුනන්නේ නැත. ඔහු සමඟ අඩු තරමේ වචනයක්වත් කතා කොට නැත. දෙවන වර මංගල දර්ශනය නැරැඹූ දා ඔහුට සුභ පැතීමට බලාපොරොත්තු වුවත් ඔහු මට හමු වූයේ නැත. 'ඔබ නැතිව ඔබ එක්ක' චිත්‍රපටය නැරඹූ දා ඔහු අනාගතයේ තරුවක් නොවන ප්‍රතිභාපූර්ණ නළුවෙකුගේ පෙරමඟ ලකුණු මගේ හදෙහි සටහන් විය.
මට මගේ කලණ මිතුරාගේ පුතුන් දෙදෙනා ගැන ආඩම්බර සිතුණි. කුඩ කල සිටම මේ දෙදෙනා මගේ පුංචි මිතුරන්ය. 'රන්ජිත් මාමා' යයි ඔවුහු මා අමතති 'අන්කල්' කියනවාට වඩා 'මාමා' යන ආමන්ත්‍රණය කෙතරම් හෘදයාංගමද? කල්පන කුඩා කාලයේ සිටම නිශ්ශබ්දය. ඔහුගේ නිර්මාණ ශක්තිය බෙහෙවින් නැඹුරුව තිබුණේ ග්‍රැෆික් කලාවටය. ඇමරිකාවේ ජීවත් වූ කාලයේ ඔහු බොහෝ උසස් කලා කෘති මෙන්ම පොතපත, සිනමා කෘති බලා ලබා ගත් රස වින්දනයෙන් පෝෂණය වී සිටියේය. තම පියා වූ කුලරත්න ආරියවංශගේ අපූරු, රසපූර්ණ ගේයපද සහිත උසස් ගීත එකතුවට ඔහු නිර්මාණය කළ පිට වැස්ම තරම් නිර්මාණාත්මක කලා කෘතියක් මම දැක නොතිබුණි. 'පිනිබර මලක් ; කුලරත්න ආරියවංශ තිස් වසරක ගී' නම් මේ සංයුක්ත තැටි තුනට ගීත 66 ක් ඇතුළත්ව තිබුණි. තම පියාගේ අත් අකුරු සහිතව මේ උසින් වැඩි සංයුක්ත තැටියේ කංචුකයේ කල්පනගේ සංකල්ප අනුව සිසිර විජේතුංග නිර්මාණය කර තිබුණි. කල්පන සිනමාවට අසීමිත ලෙස ආදරය කළ තරුණයෙකි. ඔහුගේ බාල සොහොයුරු වින්දන ද ඇමරිකාවේ සිටි කාලයේ අයියා සමඟ විශ්ව සිනමාවේ දුලබ කලා කෘති අධ්‍යයනය කළේය. වින්දන විශ්ව සිනමාව ගැන සරසවිය පත්‍රය මඟින් බුද්ධිමත් පාඨකයාට තම දැනුම ලබා දුන්නේය. වින්දන කල්පනට වඩා හිතුවක්කාරය. විප්ලවකාරීය. කලබලකාරයෙකු වුව ද ඔහු රසඥතාවයෙන් පරිපුර්ණ අලුත් විදිහට හිතන තරුණයෙකි. සිනමාව ගැන ඇති භක්තිය මේ දෙදෙනාට කොළඹ ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේ සිටම ඇති වූවකි. ඇමරිකාවේ සිටියදී ඔවුහු මට ඡ්දබඥපබචඪදථඥදබ එඥඥඬතර සඟරාවේ විශේෂ කලාප තැපැල් කොට එවීමට තරම් කාරුණික වූහ. කල්පන හා වින්දන හාපුරා කියා එක්ව අධ්‍යක්ෂණය කළ 'ප්‍රේමය නම්' චිත්‍රපටය නැරැඹූ මට සිතුණේ ජීවිතය ගැන භාවනා කිරීමක් වැනි හැඟීමකි. එමඟින් අප සිත් කළකිරවන කිසිවක් ඒ චිත්‍රපටයේ පිළිබිඹු වූයේ නැත. එහි එන කැමරා කෝණ ද සිනමා පේ‍්‍රක්ෂකයාගේ සිතට වදයක් ගෙන නුදුන්නේය. එහි ඇති ආකාරයට මිස වෙන කිසිදු ආකාරයට ඒවා රූපගත කළ නොහැකි බව මගේ හැඟීමය. චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන නළුවාගේ දැවැන්ත හෙවනැල්ල චිත්‍රපටය පුරාම සනිටුහන්ව ඇත්තේ සංයමය, අපූර්ත්වය කැටි කරමිනි. කැමරාව මෙන්ම සංස්කරණය ද චිත්‍රපටයට අවිච්චින්නව බද්ධ වී ඇත. මෙය 'ප්‍රේමය නම්' ගැන විචාරයක් නොවේ. ප්‍රශස්තියක් ද නොවේ. මගේ සිතට නැඟුණු අදහස් කිහිපයකි. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන නළුවා මානසික රෝහලේ ගත කරන දර්ශන ඉතාමත් ප්‍රශස්තව මෙහෙයවීම අධ්‍යක්ෂවරුන්ට හැකිව තිබුණේ ඔවුන් තුළ තිබෙන සංයමය ධී ශක්තිය නිසා බව මොනවට පැහැදිලි වෙයි. එම දර්ශනාවලිය දකින විට අපරාධය හා දඬුවමේ රැස්කෝල්නිකව් හා හයේ වාට්ටුවේ දොස්තර මතකයට එයි. කතානායකයාගේ බිරිඳ ලෙස රඟපෑ සමනලී ෆොන්සේකා තම සැමියාගේ රෝගී ලක්ෂණ හා මානසික ස්වභාවය තේරුම් ගන්නා ආකාරය ඉතා සූක්ෂමව ඉදිරිපත් කර ඇති ආකාරය ද ප්‍රශංසනීය. කල්පන හා වින්දන ගැන ලියන මොහොතේ ඔවුන්ගේ පියා හා මව නිරතුරුව මතකයට එයි. කුලරත්න ආරියවංශ මට හමු වන්නේ ආනන්දයේ අප ඉගෙන ගත් 1965 වසරේදීය. කුලේ හා මා අතර මිත්‍රත්වයට දැන් වසර 52 ක් පිරී ඇත. කුලේ කවිකම සරසවියගෙන් ලබා සිටි අපූරු සහෘදයෙකි. එකල ආනන්දයේ කවියන් සිව් දෙනෙක් කැපී පෙනුණි. ප්‍රේමකීර්ති ද අල්විස්, ධර්මකීර්ති ජයසේකර (පසුව කීර්ති බාලසූරිය), මෛත්‍රී පනාගොඩ හ කුලේ් මේ හතර දෙනාය. කුලේ නිසැඳැස් කවි මෙන්ම ගේය පද රචනයට ද ප්‍රතිභාව දැක් වීය. මහගම සේකර, මඩවල රත්නායක ආදීන් ගුරුතන්හි තබා අපූරු සංකල්පනා ලිවීය. ඔහු මිල දී ගත් නිසඳැස් කවි පොත්වල හා වෙනත් පොත් ඇතුල් කවරවල ඔහු ලියූ සංකල්පනා කියවීමට මට අවස්ථාව ලැබිණ. සහෝදර පාසල්වල නිර්මාණශීලී සිසු සිසුවියන්ගේ නිර්මාණ ශක්තියට අත හිත දීමේ අදහසක් කුලේ පන්ති සගයන් වූ රන්ජන් බෝධිනායක, ලක්ෂ්මන් මල්ලවාරච්චි (මියගිය) සරත් වීරසේකර හා මා ද එකතුව සංස්කරණය කළ 'සෙවන' පුවත්පතින් ඉඩ ප්‍රස්තාව සලසා දුන්හ. කුලේ පාසල් යන කාලේ බොහෝ විට අප නිවෙස් මගේ කාමරයේ නවාතැන් ගත්තේය. අප පාඩම් කළේ පන්ති මිතුරු රත්නසිරි රාජපක්ෂ (හිටපු නගරාධිපති) සමඟ එකටය. මට වඩා ඔහු මිතුරු වූයේ මගේ පියා හා නැගණිය සමඟය. තාත්තා මට වඩා කුලේ හොඳම හිතුරා කොට සිතූ අතර නංගී සොහොයුරෙකට මෙන් ඔහුට සංග්‍රහ කළාය. ඇතැම් විට ඔවුන් එක්ව කාඩ් සෙල්ලම් කළහ. කුලේගේ ඇතැම් රහස් පවා දැන සිටියේ මා නොව තාත්තාය. කුලේ සීතා සමඟ පෙමින් බැඳී සිටින බව මුලින්ම කියා ඇත්තේ තාත්තාට හා නංගීටය. මේ දෙදෙනා එම රහස මගෙන් ද වසන් කරන්නට විය. එකල අපි උසස් පෙළට පාඩම් කිරීමට පාසැලේ පුස්තකාලයේ ඉඩ නැති නිසා මහජන පුස්තකාලයට යන්නෙමු. එය එදා තිබුණේ අද කොළඹ නගරාධිපති නිල නිවසේය. දිනක් කුලේ සීතා මට හඳුන්වා දුන්නේය. මට කලින් මේ සම්බන්ධය තාත්තාත්, නංගිත් අපට සහෝදරයන් මෙන් ආදරය කළ සිරිල් බී. පෙරේරා (මියගිය) හා ඔහුගේ බිරිඳ කැලිස්ටා දැන සිටියහ. සිරිල් අයියා සහ කැලිස්ටා අක්කා අපට කරන ලද ආගන්තුක සත්කාර අමතක නොවේ. එකල විශේෂ උත්සවයකට පැලඳීමට අපට ටයි පටි නොතිබිණ. ජැන්ඩියට කුමාරයෙක් මෙන් අඳින සිරිල් අයියාට ටයි පටි පණහක් පමණ තිබිණ. 'උඹලට ඕනෑ එකක් තෝරා ගනින්. ආපහු නොගෙනාවත් කමක් නෑ. ඔය ෂර්ට් හරි යනව නං ඒවත් ගනිං' සිරිල් අයියා කුලේටත් මටත් කියයි. ඔහු ඒ තරම්ම හදවත පිරිසුදු පරාර්ථකාමි චරිතයකි. කුලේට මෙන්ම සීතාට ද මේ දෙදෙනා උදව් කළහ. කුලේගේ කවීත්වය මෝරා වැඩෙද්දී ඒවාට ජාතික පුවත්පත්වල ඉඩකඩ ලැබිණ. ඔහු ලියූ නිර්මාණාත්මක ගීත කොතරම්දැයි 'පිනිබර මලක්' සංගත තැටි තුනම සාක්ෂි දරයි. කුලේ සහ සීතා විවාහ වීමෙන් පසු මගේ ජීවිතයේ මිහිරි සහ අමිහිරි අවස්ථාවලදී එක කුස සොහොයුරෙකු හා සොහොයුරියක ලෙස ළඟ සිටියහ. මේ අපූරු රසවතා, කවියාගේ පුතුන් දෙදෙනාගේ ප්‍රතිභාව දකින විට මගේ පුතුන් දෙදෙනෙකු මෙන් ඔවුන් ගැන මට සතුටක් ආඩම්බරයක් ඇති වෙයි. ගහේ කටු උල් කළ යුතුද? අවසාන වශයෙන් කිව යුත්තේත්, මගේ මතකයට නැඟෙන්නෙත් මහාචාර්ය සුචරිත ගම්ලතුන් සාජි ඇන්. කරුන්ගේ 'පිරවි' චිත්‍රපටය බලා ලියූ වදන් පෙළය 'පිරවි නුදුටු දෑස් කුමට ද?' 'පේ‍්‍රමය නම් නොබලන දෑස් කුමටදැයි' මට ද සිතුණි. කල්පන වින්දන ඔබේ ඉදිරි ගමනට සුබ පතමි.
|




මට මගේ කලණ මිතුරාගේ පුතුන් දෙදෙනා ගැන ආඩම්බර සිතුණි. කුඩ කල සිටම මේ දෙදෙනා මගේ
පුංචි මිතුරන්ය. 'රන්ජිත් මාමා' යයි ඔවුහු මා අමතති 'අන්කල්' කියනවාට වඩා 'මාමා' යන
ආමන්ත්‍රණය කෙතරම් හෘදයාංගමද? කල්පන කුඩා කාලයේ සිටම නිශ්ශබ්දය. ඔහුගේ නිර්මාණ
ශක්තිය බෙහෙවින් නැඹුරුව තිබුණේ ග්‍රැෆික් කලාවටය. ඇමරිකාවේ ජීවත් වූ කාලයේ ඔහු
බොහෝ උසස් කලා කෘති මෙන්ම පොතපත, සිනමා කෘති බලා ලබා ගත් රස වින්දනයෙන් පෝෂණය වී
සිටියේය. තම පියා වූ කුලරත්න ආරියවංශගේ අපූරු, රසපූර්ණ ගේයපද සහිත උසස් ගීත එකතුවට
ඔහු නිර්මාණය කළ පිට වැස්ම තරම් නිර්මාණාත්මක කලා කෘතියක් මම දැක නොතිබුණි. 'පිනිබර
මලක් ; කුලරත්න ආරියවංශ තිස් වසරක ගී' නම් මේ සංයුක්ත තැටි තුනට ගීත 66 ක් ඇතුළත්ව
තිබුණි. තම පියාගේ අත් අකුරු සහිතව මේ උසින් වැඩි සංයුක්ත තැටියේ කංචුකයේ කල්පනගේ
සංකල්ප අනුව සිසිර විජේතුංග නිර්මාණය කර තිබුණි.
'ප්‍රේමය නම්' බැලූදා රාත්‍රියේ මම චිත්‍රපටයේ නිර්මාතෘන් වන කල්පන හා වින්දනට
ලිපියක් ලියූවෙමි. පසුදා එය තැපැල් කළෙමි. 'පෙරදින මා ඔබ දෙදෙනාගේ චිත්‍රපටය බලා
කිසියම් අමාවක් අනුභව කළා' යන වාක්‍යයෙන් ඒ ලිපිය ඇරැඹුවෙමි. එය අතිශයෝක්තියෙන්
ලියූවක් නොවේ.