|
|
කරීනාගේ සැමියාත් පෙම්බරාත් එකට එක්කළ විශිෂ්ට චිත්‍රපටයක්...Rangoon
බොලිවුඩ් සිනමා රසික රසිකාවන්ට පසුගිය පෙබරවාරි 24 වැනිදා සිට ලොවපුරා තිරගතවීම
ඇරඹි ප්‍රේමණීය - යුද කතාවක් රැගත් චිත්‍රපටයක් තිළිණ වුණා. Rangoon නම් වූ එය
අධ්‍යක්ෂණය කර තිබෙන්නේ විශාල් භාරද්වාජ් විසින්. ආරම්භයේදීම අධක්ෂවරයා ගැන සඳහන්
නොකළේ නම් එය විශාල අඩුවක්. මන්ද ඔහු සම්මානනීය සංගීත අධ්‍යක්ෂවරයෙක්. විශාල්
විසින් චිත්‍රපට 44ක සංගීතය අධ්‍යක්ෂණය සිදුකර තිබෙනවා. ඉන්දිය ජාතික සම්මාන සහ
ෆිල්ම්ෆෙයාර් සම්මාන ලද ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපට ගණන 10ක්. සම්මානනීය ළමා
චිත්‍රපටයක් වූ The Blue Umbrella, Omkara, Haider වගේම දැන් තිරගත වන
Rangoon
ද විශේෂ වෙනවා. මේ අතරේ චිත්‍රපට අටක අධ්‍යක්ෂණය, තිරරචනය, නිෂ්පාදනය සහ සංගීත
අධ්‍යක්ෂණය යන අංශ හතරම ඔහු විසින් සිදු කිරීම එයට හේතුවයි. Rangoon කියන්නෙත් ඒ
අතරින් එකක්. එහි තිරරචනයට මැතිව් රොබින්ස් සහ සබ්‍රිනා ධවාන්ගේ දෙවන ලෝක යුද සංග්‍රාමය පසුතලය කරගෙන නිර්මාණය වූ Rangoon හි ප්‍රධාන චරිත ත්‍රිත්වය වන රස්තම්, ජමාදාර් නවාබ් මලික්, මිස් ජූලියා නිරූපණය කරන්නේ, සයිෆ් අලී ඛාන්, සහීඩ් කපූර් සහ කන්ගනා රනවුත් විසින්. බුරුම දේශ සිමාව ආසන්නයේ වන සටන් අතරතුරදී රස්තම් මෙන්ම ජමාදාර් නවාබ් මලික්ද මිස් ජූලියා සමඟින් ප්‍රේමයෙන් බැඳෙනවා. ආදරය සහ වෛරය සමඟින් ගලා යන මේ ත්‍රිකෝණ ප්‍රේම වෘත්තාන්තය අවසායේ ජුලියාගේ අත ගන්නේ කවුරුන්ද යන්න Rangoon අවසානය කියනවා. අධ්‍යක්ෂ විශාල් භාරද්වාජ් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරන්න සූදානම්ව සිටියේ 2016 වසරේ ර්‍ණථඬචපච චිත්‍රපටයෙන් පසුවයි. එය මුලදී බ්භතඪච ලෙසින් නම්කර තිබුණද 2015 වසරේ එහි වැඩකටයුතු ආරම්භ කරන විට Rangoon ලෙසින් නම් කළා. Rangoon යනු අතීත බුරුමයේ (වර්තමානයේ මියන්මාරය) විශාලතම නගරය යි. (වර්තමානයේ එය යැන්ගූන් ලෙසින් හැඳීන්වේ) මියන්මාර භාෂාවෙන් Rangoon යන්නෙහි අර්ථය 'සටනක අවසානය' යන්නයි. මෙම චිත්‍රපටයේ යුධමය පසුබිම මෙන්ම ප්‍රේමය වෙනුවෙන් වූ අරගලය හේතුවෙන් අධ්‍යක්ෂවරයා විසින් එය Rangoon ලෙසින් නම් කරන්න ඇතිබව සිතිය හැකිය. 2015 වසරේදී Rangoon හි රූගත කිරීම් සිදු කෙරුණේ ඉන්දියාවේ ඊසානදිග කඳුකර ප්‍රදේශයක් වූ අරුණාචල්හිදීයි. මේ නිසා මනිපුරි සහ අරුණාචල්හි නවකයන් රැසකට මේ චිත්‍රපටය සිනමාවට පිවිසෙන්න ලොකු උපකාරයක් වෙලා. ශහීඩ් කපූර් සහ තවත් නළුවකු තුවාල ලැබීම නිසා කාලයක් මෙම චිත්‍රපටයේ රූගත කිරීම් නතර කරන්නත් සිදුවී තිබෙනවා. Rangoon ගැන අදහස් පළ කරන විචාරකයකු වන මුර්තාසා අලි ඛාන් පවසන්නේ, මෙය වරදකාරී සතුටක් ගෙන දෙන චිත්‍රපටයක් බවයි. ඔහු ඒ වෙනුවෙන් ලකුණු 6.5/10ක් පිරිනමා ඇති අතර විශාල්හට මෙය මීට වඩා විශාල අර්ථයක් ඇතුව ඉදිරිපත් කළ හැකිව තිබූ බවත් පවසනවා. යුද්ධය සහ ප්‍රේමය ඉතා මැනවින් පෙන්නුම් කෙරෙන මෙහි ඇතැම් යුද දර්ශන ඉතාම දරුණු ඒවා බවත් පංකජ් කුමාර්ගේ කැමරාකරණය ඉතාම විශිෂ්ට බවත් විචාරක අදහස් අතරේ සඳහන්කර තිබෙනවා. එපමණක් නොව යුද්ධය පසුබිම් කරගත් ත්‍රිකෝණ ආදර කතාවක් ප්‍රකාශ කිරීමේ අභිමතාර්ථයේදී එයින් කියන්නට අදහස් කළ දේ 1942 වසරේ තිරගත වූ අතිශය ජනප්‍රිය ප්‍රේමණිය කතාවක් චිත්‍රපටයක් වූ Casablanca සහ 2002 වසරේදී තිරගත වූ Chicago චිත්‍රපටය සමඟින්ද සබඳකමක් පෙනෙන බවත් එම විචාරක අදහස් අතරට ඇතුළත්.
|




සහයෝගයත් හිමි
වුණා. මිනිත්තු 167ක ධාවන කාලයකින් යුතු Rangoon හි ගීත 12ක් ඇතුළත්. එයින් නවයක පද
රචනය සිදුකර තිබෙන්නේ, ප්‍රවීණ ලේඛකයකු, තිරරචකයකු, නිෂ්පාදකයකු, පද රචකයකු මෙන්ම
චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද වන ගුල්සාර් විසින්. අර්ජිත් සිං සහ සුනීධි චෞහාන් ඇතුළු
පිරිසක් විසින් එම ගීත ගායනා කළා.