|
|
SARASAVIYA MODEL BANKරත්නපුර නිව් ඉම්පීරියල් සිනමා ශාලාවට එදා පැමිණි සියල්ලන්ගේම සිත් තුළ පැවතියේ මහත් වූ බලාපොරොත්තුවකි. ඒ කෙදිනක හෝ රංගන ලොව ජය කෙහෙළි නැංවීමයි. සරසවිය මොඩ්ල් බෑන්ක් රත්නපුරයට ගෙන ඒම පිළිබඳ ඔවුන් අපට අපරිමිතව ස්තූති කළහ. එදින මුලින්ම පැමිණ සිටි අයගෙන් වැඩි දෙනෙකු ළමෝ වීම ද විශේෂත්වයකි. SMBRP 03
මලිති මධුශානි
මල්වල නවෝද්‍යා විදුහලේ ඉගෙනුම ලබන මලිති මධුශානිගේ වයස අවුරුදු 12 යි. මේ වන විට ළමා නාට්‍යවල පමණක් රඟපා ඇති ඇය ළමා චිත්‍රපටයකට රංගනයෙන් දායකවීමට කැමැත්තෙන් පසු වෙනවා. මලිතිත් කැමැතියි හා හා පුරා කියලා ජැක්සන් ඇන්තනිගේ නිර්මාණයකට දායකවීමට. SMBRP 04
ට්‍රිෂාන් දිල්රුක්
ට්‍රිෂාන් දිල්රුක් කුමාරතුංගගේ වයස අවුරුදු 13 යි. රත්නපුර කුමාර විදුහලෙන් තමයි අධ්‍යාපනය හදාරන්නේ. නමට කුමාරතුංග කියන වාසගම තියෙන හින්දමද මන්දා ට්‍රිෂාන් කැමැතිම නළුවා විජය කුමාරතුංග. කවදා හරි විජය වගේ ජනප්‍රිය වෙනවලු. රත්නපුරයේ පදිංචි ඔහු මේ වන විට පාසල් නාට්‍යවල පමණයි රඟපාලා තිබෙන්නේ. ට්‍රිෂාන්, ජැක්සන් ඇන්තනී යටතේ රංගනයේ යෙදෙන්න ආසාවෙන් පසු වෙනවා. SMBRP 05හංසි විරාජිනී
හංසි විරාජිනී සරසවිය මොඩ්ල් බෑන්ක් එකට ආවේ දුරෙක් කන්ද මල්වල ඉඳලා. මල්වල නවෝද්‍යා මහ විදුහලෙන් තමයි හංසි ඉගෙන ගන්නේ. පාසලේ තිබුණු ළමා නාට්‍යවලට පමණයි හංසි දායක වී ඇත්තේ. ආචාර්ය සෝමරත්න දිසානායකගේ චිත්‍රපටයකට එකතුවන්න හංසි කැමැත්තෙන් ඉන්නවා. SMBRP 06
එස්. ගජසිංහආරච්චි
එස්. ගජසිංහආරච්චිගේ ගම හිදැල්ලන. වයස අවුරුදු පනස් අටයි. ඔහු මේ වන විට ළමා නාට්‍ය නිෂ්පාදකවරයකු ලෙසට කටයුතු කරනවා. මේ වනතුරු සරසවිය මොඩ්ල් බෑන්ක් හරහා ඔබ වෙත හමු වුණ ළමා නිළියන් සියල්ල ගජසිංහගේ ගෝල බාලයෝ. එදින මේ ළමා නළු නිළියන් එකමුතු කරගෙන පුංචි ළමා නාට්‍යකුත් අපට පෙන්නුවා. |






