‘රේඛාවේ’ බැලුම්බෝල වෙළෙන්දා කවුද?
‘රේඛාවේ’ බැලුම්බෝල වෙළෙන්දා කවුද?
දෙහිවල
පියුම්මාලි සිරිමාන්න
ප්‍රශ්නය - ගායිකා රූපා ඉන්දුමතීගේ ලිපිනය පළ කරන්න?
පිළිතුර - 335/6, දෙණිය, මෙරටු පාර, පිළියන්දල.
අත්තනගල්ලේ විමලසේන හපුතන්ත්‍රි
ප්‍රශ්නය - 'රේඛාව' චිත්‍රපටයේ බැලුම්බෝල වෙළෙන්දාගේ චරිතය රඟපෑ නළුවා කවුද?
පිළිතුර - ශේෂා පලිහක්කාර. ඔහු මෙහි බොරු කකුල්කාරයා ලෙසත් රඟපෑවා. ඒ අනුව
ශේෂා මෙහි චරිත දෙකක් රඟපෑවා.
මත්තෙගොඩ අජිත් ජෝතිය කරසිංහ
ප්‍රශ්නය - 'පාකීසා' චිත්‍රපටයේ සංගීතය ගුලාම් මොහොමඩ්ගේ බවයි මගේ අදහස. ඒත්
මගේ මිතුරකු කියන්නේ එහි සංගීතය නෞෂාඩ්ගේ බවයි. අප දෙදෙනාගෙන් නිවැරැදි කවුද?
පිළිතුර - චිත්‍රපටයේ සංගීතය ගුලාම් මොහොමඩ්ගේ තමයි. ඒත් තේමා වාදනය හා
පසුබිම් සංගීතය නෞෂාඩ්ගේ.
කොළඹ සේදර එම්. ආර්. සී. ඩයස්
ප්‍රශ්නය - 'පෙරළිකාරයෝ' චිත්‍රපටයේ ටෙඩී විද්‍යාලංකාරව ලයිට් හවුස් එකේ
කඹයකින් එල්ලා පහර දෙන දර්ශනය කෙවින් බිලින්ටන් අධ්‍යක්ෂණය කළ 'ලයිට් ඇට් ද ඒජ් ඔෆ්
ද වර්ල්ඩ්' ඉංග්‍රිසි චිත්‍රපටයේ ආ ජවනිකාවක් අනුකරණය කිරීමක් නේද?
පිළිතුර - ඒ ජවනිකාව අනුසාරයෙන් අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද් එය තවත්
නිර්මාණශිලීව යෙදාගෙන තිබෙනවා . ඒ කියන්නේ වෙනත් කැමරා කෝණවලින්. යුල් බ්‍රයිනර්,
කර්ක් ඩගලස් ඉංග්‍රීසි චිත්‍රපටයේ ඒ ජවනිකාවේ රඟපෑ බවක් මට මතකයි.
මූදුකටුවේ මිල්ටන් ප්‍රනාන්දු
ප්‍රශ්නය - 'සුමධුර වේ සුපිරිසුදු වේ අපේ ආලේ' නමැති ජනප්‍රිය ගීතය ඇතුළත්
චිත්‍රපටය කුමක්ද? එය ගායනා කරන ගායිකාව කවුද?
පිළිතුර - චිත්‍රපටය 'සුජාතා'. ගායිකාව කේ. රාණි.
කොටුගොඩ යාගොඩමුල්ලේ සුනිල් චන්ද්‍රසේකර
ප්‍රශ්නය - 'අනෝකි ආදා' හින්දි චිත්‍රපටය ගැන කෙටි විස්තරයක් කරන්න?
පිළිතුර - එය මෙහෙබුබ්ගේ අධ්‍යක්ෂණයක්. සුරේන්ද්‍ර, නසීම් මෙහි ප්‍රධාන චරිත
රඟපෑවා. සංගීතවත් කළේ නෞෂාඩ්.
නිටටඹුව රන්පොකුණගම ආනන්ද ප්‍රනාන්දු
ප්‍රශ්නය - 'දැක්කොත් පද්මාවතී' ගීතය ඇතුළත් වුණේ 'අහස් ගව්ව් චිත්‍රපටයේ බව ඔබ
කියා තිබුණා. එහි ඇතුළත් වුණේ 'මොරට්ටු ගම්මන සුරුට්ටු උරමින' ගීතය නොවේද?
'දැක්කොත් පද්මාවති' ගීතය ඇතුළත් වුණේ 'සත් සමුදුර' චිත්‍රපටයටයි.
පිළිතුර - ඔබ හරි ආනන්ද. මට වරදුණා. ඒ වගේම ආලේ බැන්ද මාගේ පණේ සෝමාවති මගේ
සෝමාවති' ගීතය ඇතුළත් වුණේ 'රන්වන් කරල්' චිත්‍රපටයේ.
මාවතගම සමන්ලතා වනිගතුංග
ප්‍රශ්නය - ඇතැම් කවීන්ගේ කවි පොත්වල 'කවි' නැහැනේ. තියෙන්නේ බෙහෙත් වට්ටෝරු
වගේ පද පේළි ටිකක්. මේ ගැන ඔබේ අදහස මොකක්ද?
පිළිතුර - ගණන් ගන්න එපා. කිඹුල බනිස් කිව්වට කිඹුලෙක් නැහැ වගේ, මාළු පාන්
කිව්වට මාළු නැහැ වගේ තමයි මේවාත්.
කෑගල්ලේ තටාකය පාරේ තිලකරත්න විල්වල, මැණිකේ විල්වල
ප්‍රශ්නය - ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'උසාවිය නිහඬයි' චිත්‍රපටයේ සංගීතය
කාගේද?
පිළිතුර- ඒ සඳහා නාමාවලියේ යොදා ඇත්තේ 'ම්' කියායි. ඉන් එහාට දෙයක් දන්නේ
නැහැ.
කළුතර දොඩන්ගොඩ එන්. ඩී. ඉසෙඩ් සිරිවර්ධන
ප්‍රශ්නය - ජනප්‍රිය නළු වොලී නානායක්කාර ලියූ ගීත මොනවාද?
පිළිතුර - 'සඳකඩ පහණක' (සුනිල් එදිරිසිංහ) 'ගුවන් ගැබේ සඳුන් විමානේ' (එම්.
එස්. ප්‍රනාන්දු හෝ වෝල්ටර් ප්‍රනාන්දු).
මහනුවර තැන්නේ කුඹුරේ ලීනා ද සිල්වා
ප්‍රශ්නය - කැමරා ශිල්පී වී. වාමදේවන් ගැන ඔබේ අදහස් දක්වන්න?
පිළිතුර - ලංකාවේ දක්ෂතම කැමරා ශිල්පියා කවුදැයි මම වරක් තවත් කැමරා
ශිල්පියකු වූ ඇන්ඩෲ ජයමාන්නගෙන් ඇසුවා. ඔහු ගත්කටටම කීවේ 'වාමදේවන්' කියායි. ඒ කෙසේ
වෙතත් ඔහු මෙරට බිහි වූ විශිෂ්ටතම කැමරා ශිල්පීන් දස දෙනාගෙන් කෙනෙක්.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. දෙහිවල, නැදිමාලේ කේ. ඩි. කරුණාරත්න, වත්තල හේකිත්තේ
ලක්ෂ්මන් රණසිංහ, ගාල්ලේ විජය ගලප්පත්ති, මාවනැල්ලේ උපාලි අමරසිංහ, කළුබෝවිල
ප්‍රේමසේන පෙරේරා, මීටියාගොඩ තිලකසිරි ද සිල්වා.
ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.
|