වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




පෙර පරපුරේ ආශිර්වාදය

පෙර පරපුරේ ආශිර්වාදය

වින්දන ආරියවංශ සහ කල්පන ආරියවංශ දෙසොහොයුරන් අධ්‍යක්ෂණය කළ ප්‍රේමය නම් සිනමාපටය මේ දිනවල සී. ඊ. එල්. මණ්ඩලය් සිනමා ශාලාවන්හි තිරගත වේ. එය සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වූවක්. ප්‍රේමය නම් සිනමාපටයේ මංගල දැක්ම ඉකුත්දා පැවැත්වුණේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී. ඒ සඳහා කලා සහෘදයන් රැසක් සහභාගි වී සිටියා. මෙහිදී පොල්තෙල් පහන දැල්වීමට තෝරාගෙන සිටි පිරිස ගැන එදින බොහෝ දෙනෙක් කතා කළා. එයට ප්‍රධානම හේතුව වුණේ ඒ අය එක් එක් යුග නියෝජනය කළ චිත්‍රපට අධ්‍යක්ෂවරුන් වීම. සුමිත්‍රා පීරිස්, මහාචාර්ය සුනිල් ආරියරත්න, චන්ද්‍රන් රත්නම්, ධර්මසිරි බණ්ඩාරනායක, ජයන්ත චන්ද්‍රසිරි, උදයකාන්ත වර්ණසුරිය, බෙනට් රත්නායක, අශෝක හඳගම ඒ අතර සිටියා. ඉතින් කල්පන සහ වින්දන ඒ අයගේ ආශිර්වාදය මධ්‍යයේ තමයි ප්‍රේමය නම් මංගල දර්ශනය ඇරැඹුවේ.