|
|
පහන් පූජා
දීපාල් සිල්වා අප අතරින් සමුගෙන මාසයකුත් ගෙවී ගිහින් මේ මාසේ 14 ට මාස දෙකයි.
දීපාල් වෙනුවෙන් ඔහුට පින් පමුණුවමින් පහන් පූජාවක් පසුගියදා කොළඹ කිරුළපන රජමහා
විහාරයේදී පැවැත්වුණා. එය සංවිධානය කොට තිබුණේ දීපාල් අවසන්වරට රඟපෑ අශෝක සෙනරත්
මුදලිගේ සිකියුරිටි සින්නතම්බි නාට්‍ය කණ්ඩායම විසින්. ඔවුනට තදින්ම දැනෙනවා ඇති
සොයුරකු වන්ව සිටි දීපාල්ගේ අඩුව. මේ අවස්ථාව සඳහා එම නාට්‍ය කණ්ඩායම සමඟ දීපාල්ගේ
බිරිය සහ සෙනාලි ෆොන්සේකා ද එක් වී සිටියා. එහෙත් එහෙමද? මෙහෙත් එහෙමයි
පසුගියදා නිමාව දුටු අසූතර වැනි ඔස්කාර් සම්මාන උලෙළේදී කවුරුත් නොසිතූ විරූ දෙයක් සිදු වුණා. ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් මෙවර සරසවිය කලාපයේ පල වෙනවා. කෙටියෙන්ම කිව්වොත් සිද්ධ වුණේ උලෙළේ හොඳම චිත්‍රපටයට වෙනුවෙන් කියැවුණේ වෙනත් චිත්‍රපටයක නමක් වීමය. මේ හේතුවෙන් බොහෝ දෙනෙකු අසීරුතාවයට පන් වුණා. මේ ආරංචිය සැල වූ වහා අපේ රටේ සම්මාන උලෙළවල් සංවිධානය කරනු ලබන කිහිප දෙනෙක් අපට කතා කළා. ඒ අයගෙන් වැඩි දෙනකු කිව්වේ ඔස්කාර් වැරදුනා නම් අපේ උලෙළවල්වල වරදින ඒවා මොනවාද? කියලයි. බලගෙන ගියාම කතාව ඇත්ත. එකත් එකටම ඔස්කාර් සම්මාන උලෙළ සංවිධානය කරන අය වැරැදීමකින් හෝ අපේ සම්මාන උලෙළක් නරඹලා තියෙනවා. ඒක තමයි ඒකටත් හෙනහුරා පාත් වුණේ. එය මෙහෙය වූ ප්‍රවීණ රංගධරයන් වු වොරන් බෙටී සහ ෆේ ඩනවේ වයස හංගන්න සහ කණ්ණාඩි නොපැලඳීම වරදට හේතුව බවයි පැවසෙන්නේ.
|




