|
|
රසය සමඟ උපදේශයක් ගෙනෙන රූප රචනයක්
කඳුළ නුඹ ගීතයේ
සිතට ඇවිත් නුඹ හිමිහිට
සැලෙන ඇසිපිය සොයන රූසර
විටෙක සසලව දිලෙන නෙතු විල
'කඳුළ නුඹ' ගායනා කරන්නේ සඳුන් දොලමුල්ල. ගීත ගැයුවට ඔහු වඩාත් ප්‍රකට ගායකයකු හැටියට නම් නෙවෙයි. සඳුන් ටෙලි නාට්‍ය නිෂ්පාදකවරයෙක්. ඒ අංශයෙන් වැඩ කටයුතු කළත් විවේකයක් ලද විගම ඔහු සංගීතමය නිර්මාණ වෙනුවෙන් වෙහෙසෙනවාලු. කඳුළ නුඹ සඳුන්ගේ දෙවැනි ගීතය. ඔහු පළමු ගීතය ගැයුවේ සිය බිරිය වෙනුවෙන්. එහි නම ඔබගෙ සෙනෙහෙන් පිරිලා. ඒ සඳහා ද ඉහළ ප්‍රතිචාර ලැබුවා. ඒ ලද පන්නරය ඔස්සේ තමයි සඳුන් මෙහෙම තම දෙවැනි ගීතයට අත තබන්නෙ. සුන්දරව කාලය ගත කරන පෙම්වතුන් යුවළක් සිටිනවා. ඔවුන් මහත් වූ බලාපොරාත්තු රැසක් සිත්හි තබා ගනිමින් තමයි කාලය ගත කරන්නෙ. නමුත් ඒ පෙම්වතාගෙ ජීවිතය උඩු යටිකුරු වන්නේ පෙම්වතිය සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් නොසිතූ විරූ අන්දමින් මිය යන නිසයි. එතැන් පටන් ඔහු පෙම්වතියගේ මතකයන් තුළ ජීවත් වෙනවා. මේ කතා පුවතයි කඳුළ නුඹ රූප රචනාවෙ දිග හැරෙන්නේ. තැනක් නොතැනක් නොබලා සෙල්ෆි ගැනීමට යන තරුණ තරුණියනට මෙමඟින් හෝ පණිවිඩයක් ලබාදීම තමන්ගේ අරමුණ බව සඳුන් අප හා එක්ව පැවසුවා. මේ ගීතය රූගත කොට ඇත්තේ බදුරලිය සහ අගලවත්ත යන ප්‍රදේශයන්හි. හර්ෂණ බෙත්මගේ, දිනූෂා සිරිවර්ධන සහ තේජා නදීශානි මෙහි රංගන දායකත්වය සපයා තිබෙනවා.
සංක සමරප්පුලි
වීඩියෝවේ සංකල්පය -
ඉදිරිපත් කිරීම -
කැමරා අධ්‍යක්ෂණය -
අංග රචනය -
නිෂ්පාදන සම්බන්ධිකරණය -
කලා අධ්‍යක්ෂණය -
|




