අලුත් වැඩක්
අලුත් වැඩක්

මෙරට සිටින උසම නිළිය කවුද යන පැනයට එකම එක පිළිතුරයි තවමත් තියෙන්නේ. ඒ විශාකා
සිරිවර්ධන කියන නම. ඇත්තමයි ඒ වාර්තාව බිඳින්න තවමත් කාටවත් බැරි වුණා. විශාකා ගැන
අලුත් ආරංචියක් තියෙනවා. ඒ ගැන කියන්නයි මේ හදන්නේ. විශාකා ව්‍යාපාරික කටයුත්තකට අත
ගහලා. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායට අනුව රංගන ශිල්පිණියන් වැඩිපුරම ආරම්භ කරන්නේ
සැලුන්. විශාකාත් එහෙමයි. ඇයත් මේ පටන් ගත්තේ සැලොන් එකක්. ගම්පහ වර්ඩ් සිටි හි
පස්වැනි මහලේ අංක 181 දරණ ස්ථානයෙහි තමයි විශාකාගේ සැලුන් එක ආරම්භ වන්නේ. අද තමයි
ඒකට සුභ නැකත තියෙන්නේ. උදෑසන දහයයි දහයට යෙදෙන ඒ වෙලාවේදී විශාකා බියුටි කෙයා
නමින් විශාකාගේ සැලොන් එක ආරම්භ වෙනවා.
|