|
|
මෙයත් එක්ක දීග කන්න පුළුවන්දැයි එදා සමහරු ඇසුවා
සමන් - අයෝමා විවාහ දිවියට විසිපස් වසරයි
ගුරුවරයකු ලෙස මම මුල්ම පත්විම ලැබුණේ ගල්ගමුව මයිලෑව විදුහලට. ඒක තරමක් දුෂ්කර පළාතක තිබුණු පාසලක්. මහ පාරකට එන්නත් සෑහෙන වෙලාවක් යනවා. ඒ වන විට මං කෝපි කඩේ රඟපානවා. ඒ හින්දා මට නිතර කොළඹ එන්න සිදු වුණා. ඉතින් මට අර ඉස්කෝලේ උගන්නන ගමන් කොළඹ එන්න අපහසුයි. ඒ වගේම කෝපි කඩේ අතහරින්නත් මට ලෝභයි. ගුරු වෘත්තියත් එහෙමයි. කරන්නට පුළුවන් එකම වැඩයි තිබුණේ.. ඒ කොළඹ යාම ඊම් කරන්න පුළුවන් පාසලකට මාරුවක් හදාගන්න එක. ඒකට මං ගියා වයඹ පළාත් අධ්‍යාපන කාර්යාලයට. එතැන මාර පෝලිමක්. හිමිහිට මං ඒ පෝලිමට එකතු වුණා. සැහෙන වෙලාවක් මං එතන. ඔන්න එතකොට තරුණ ගැහැනු ළමයෙක් තාත්තා එක්ක එතනට ආවා. පේන හැටියට ඇගේ තාත්තා ජනප්‍රිය කෙනෙක්. දාඩිය මුගුරු හලාගෙන වරුවක් විතර මං පෝලිමේ ඉද්දි මෙයා තාත්තත් එක්ක රොකට් 'එක වගේ ඇතුළට ගියා. ඇයත් මං වගේ වැඩකට තමයි මේ ඇවිත් තියෙන්නේ. තාත්තගේ හැඳුනුම්කමත් එක්ක හිනා මූණ දාලා මෙන්න මේගොල්ලො ආව රාජකාරියත් ඉක්මනට කරගෙන එතනින් නික්ම ගියා. මට අසූහාරදාහට තද වෙලා හිටියේ ඒ තාත්තයි දුවයි එක්ක. කොහොම හරි මට දවස් කිහිපයකට පසු වෑවල ප්‍රාථමික විදුහලට මාරුවක් ලැබුණා.
මෙහෙම කතාව පටන් ගත්තේ සමන් ගුණවර්ධන. ඔහුව ඔබ වඩාත් හඳුනන්නේ කෝපි කඩේ බණ්ඩාගෙ චරිතයෙන්. බණ්ඩා නම් ජිවිතකාලය පුරාවට කෝපි කඩේ හිටිය තනිකඩයකු විදිහටනෙ. පන්සලේ ඇබිත්තයා වූ ඔහු ගමේ උන්නු මෝඩ පහේ අයවලුන්ගෙන් කෙනෙක්. ඒ හේතුවෙන් බණ්ඩා කෝපි කඩයට ගෙනා කුමාර සිරිවර්ධන ඇතුළු කෝපි කඩේ රචකයින් බණ්ඩාව තනිකඩයකු හැටියටම තැබුවා. එහෙත් සැබෑ ජීවිතයේ ඔහු ඊට හාත්පසින්ම වෙනස් කෙනෙක්. හොඳ රාජ්‍ය සේවකයෙක්. සාර්ථක පවුල් ජිවිතයක් හිමි ස්වාමි පුරුෂයෙක්. ඒ වගේම පුතණුවන් දෙදෙනකුගේ පියෙක්. ඒ අචල විවාහ දිවියට අද දිනයට වසර විසිපහක් සපිරෙනවා. ඒ වෙනුවෙන් තමයි මේ ලිපිය ලියවෙන්නේ. සමන්ගේ පිය බිරිය අයෝමා දමයන්ති. ඇයත් සමන් කියන ඒවාට අඩුපාඩු එක් කළා * කියන්න සමන් කියාගෙන ආව කතාවේ ඉතුරු ටික? අයෝමත් මමත් දැන් එක පාසලේ. නමුත් මට අර සිද්ධිය මතක තිබුණා. ඒත් අර කණ්ඩුල ඇතා දුටුගැමුණුට ගහන්න හක්කෙ ගලක් හිර කගෙන හිටියා වගේ මට ඉන්න බැරි වුණා. අපි දෙන්නම එකම දිනයක තමයි පත්වීම් ලැබුණේ. ඒක නිසා පාසලේ පැරැණි පිරිසට පාර්ටි එකක දෙන්න වුණා මටයි ඇයටයි. මේ සිදුවීම නිසා අපි දෙන්නට කතා කරන්නම සිදු වුණා. අර පාර්ටියත් අපි හොඳට දුන්නා. එදායින් පස්සේ අපි දෙන්නා ටික ටික කතා කළා. * අයෝම මතකද ඒ කාලේ? මොකද නැත්තේ. හැබැයි සමන් කාලයක් යනතුරු මට කියලා නැහැ මගෙත් එක්ක කේන්තියෙන් හිටියා කියලා. පාසලේ වැඩවලට අපි නිතර මුණ ගැහුණා. ඇත්තම කිව්වොත් ඒ සෑම මුණ ගැසීමකදීම අප එකට බැඳුණා කිව්වොත් වැරැදි නැහැ. සමන්ට යම් කාර්යයක් ලැබුණම ඒක ඉටු කරන විදිහට මං හරි කැමැති වුණා. ඒ වගේම ඔහුට හොඳ ඉවසීමක් තියෙනවා. කරන වැඩේ හරියට කරනවා. මේ මේ කරුණුත් එක්ක මට ඔහු පිළිබඳ විශේෂත්වයක් ඇති වුණා. * සමන්ටත් එහෙමද? අයෝමා ගොඩක් අවංකයි. මං කැමැති වුණේ ඒ ගුණාංගයට. මගෙත් පොඩි කැමැත්තක් තිබුණා මේ හේතුව නිසා ඇයට. * අයෝමා, ඔබ දැනගෙන හිටියද සමන් නළුවෙක් කියලා? වෙලාවට දැනගෙන හිටියේ නැහැ. * අයෝමාට මා යොමු කළ පැනයට පිළිතුරු දුන්නේ සමන්. ඒ මොකද? මමත් සමන්ටම ඊට වගඋත්තර බඳින්නට දුන්නා.
* ඇත්තද අයෝමා මේ කියන්නේ? මං සමන්ව මුලින්ම දැක්කෙ සමන් විදිහට, බණ්ඩා විදිහට නෙවෙයි. පාසලේ ඉන්නකොට ඇතැම් අය සමන්ව පෙන්නලා 'අන්න අරූ නළුවෙක්' කියලා පවසලා තියෙනවා. නමුත් මම දැකලා නැහනෙ. පසුකාලීනව මං ඔහුව කෝපි කඩෙන් දැක්කා. නමුත් විශේෂත්වයක් දැනුණේ නැහැ. * බණ්ඩා කියන්නේ කෝපි කඩේ ඉන්න මෝඩ පහේ චරිතයක්. සමාජයේ ගොඩක් දෙනා නළු නිළියන්ව මනින්නේ ඒ කරන චරිතවලින්. තමන්ගේ ස්වාමි පුරුෂයා එවන් වූ චරිතයක් හරහා සමාජගතවීම හේතුවෙන් අයෝමා අපහසුතාවයටත් ලක්වෙලා නැද්ද? ඔය ගැන නම් අහපු එකම හොඳයි. බණ්ඩා විදිහටනෙ සමන්ව වැඩි දෙනෙක් දැකලා තියෙන්නේ. ඇතැම් වයසක අම්මලා මා ගාවට ඇවිත් විස්සෝප වෙනවා 'අනේ කෙල්ලෙ උඹට මේ මෝඩ මිනිහත් එක්ක දීග කනන පුළුවන්දැයි' කියලා. තව අය අහනවා 'උඹ මෙහෙම මෝඩ මිනිහෙක් මොකට කරගහ ගත්තද' කිලා. ඒ සෑම ප්‍රතිචාරයක්ම මං විඳින්නේ හරිම සතුටින්. මං දන්නවනෙ සමන් මෝඩ නෑ කියලා. * ඔය දෙන්නගෙන් කවුද මුළින්ම යාළුවෙන්න ඇහැව්වෙ? සමන්ටයි ඒ පැනය. අපි අර කලින් කිව්වෙ අපි දෙන්නගෙ හිත්වල කාටත් හොරෙන් ආදරයක් පැලපදියම් වෙලා තිබුණා. අයෝමා තමයි මට මුලින්ම ලියුමක් දෙන්නෙ නවකතාවක් ඇතුළෙ දාලා. * ඒ කාලෙ ආදරේ කරන එක ලෙහෙසි නැහැනේද? අද වගේ පහසුකම එහෙමත් නැහැනෙ? ආයෙත් අහලා. අපිට තවත් ගැටලුවක් තිබුණා. ඒ අපි දෙන්නම ගුරවරු වීම. හරිම සංයමයකින් හිිටියේ. සමහර දවස්වල ලියාගෙන ආව ලියුම නොදී ගෙදර ගෙනිච්චා. ඒත් ආදරය ලියලලා වැඩුණා. කොහාම හරි දෙන්නා හාද වුණා පස්සේ මම වෑවල මහ විදුහලට මාරුවක් හදාගෙන ගියා. * අද වන විට ඔබ දෙපළ කසාද බැඳලා අවුරුදු විසිපහක්. මොකද හිතෙන්නේ? 1992 අද වගේ දවසක තමයි අප විවාහ වුණේ. කොළඹ බණ්ඩාරනායක ශාලාෙවිදියි උත්සවය තිබුණේ. අවුරුදු විසි පහක් ගෙවී ගියා ද කියලත් විටෙක පුදුමයි. මේ කාලය ඉතාම සුන්දරව ගෙවුණෙත් නැහැ අසුන්දරව ගෙවුණෙත් නැහැ. ජිවිතයේ යම් යම් බාධක කරදර ආවා. ඒවාට පවුලක් විදිහට සාර්ථකව මුහුණ දුන්නා. අපේ කැදැල්ලේ පුතුන් දෙදෙනෙක් ඉන්නවා. ලොකු පුතා මධුර, පොඩි පුතා විදුර. දෙන්නම කලාවට ලැදියි. සෑම සෙනසුරාවක්ම අප විවේකීව තියාගෙන ඉන්නවා. පවුලේ හැමෝම එකතු වන්නේ එදාට. පුතාලා දෙන්නත් අපිට යාළුවො වගේ. හැම දෙයක්ම කියනවා. ඇත්තම කිව්වොත් අපි සුන්දරව ජීවිතය ගෙවනවා. * සමන් මෙහෙම හිටියට ඉහළ තනතුරක් දරන කෙනෙක්. ඒ ගැන වැඩිය කවුරුවත් දන්නෙ නැහැ? වයඹ පළාත් සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂ විදිහටයි මං සේවය කරන්නේ. මම එදා ගුරු මාරුව හදාගන්න පේලිමේ හිටපු කාර්යාලයේම මට වැඩ කරන්න ලැබුණා. ඒ කැපවීම නිසා. කොතරම් තනතුරු ගරු නම්බු නාම ලැබුණත් මම බණ්ඩගේ චරිතය තරම් වටින දෙයක් නැහැ. එයට හේතුව මේකයි. මිනිස්සු මාව දුටුවම මං ළඟට දුවගෙන ඇවිත් කතා කරනවා. ඒ අධ්‍යක්ෂ ධුරය හින්දා නෙවෙයි මං බණ්ඩා නිසා. ඔවුන් බණ්ඩව බෙහෙවින් අගය කරනවා. ඒ ආදර සත්කාරය මට ලැබෙන්නේ බණ්ඩා නිසා.
|




එතැන ඉඳන් කොළඹ එන්න ලෙහෙසියි. පළවෙනි දවසෙ ජැන්ඩියට ඇඳ
පැළඳගෙන මං පාසලට ගියා. මෙන්න වැඩක්. අර ගෑනු ළමයත් පාසලේ ඉන්නවා. ඇයටත් මේ
ඉස්කේලෙටම ගුරු පත්වීම්ක් ලැබිලා. පළවෙනි දවසේ ඇයත් එක්ක මං හිනා වුණේවත් නැහැ. ඒත්
එහෙම මං ඔරවපු ගෑනු ළමයා දෛවෝපගත අන්දමින් මගේ බිරිය වුණා.
මේකනෙ. අයෝමාගෙ ගෙවල් තිබුණු හරියට ඒ කාලේ අයි. ටී. එන්. පෙනුණේ නැහැ. ඒ හින්දා ඇය
මාව නළුවෙක් විදිහට කොහෙත්ම දන්නේ නැහැ. බණ්ඩා විදිහට අයෝමා මාව මුලින්ම දැක්කා නම්
ඇය මගෙත් එක්ක පෑහෙන එකකුත් නැහැ.