|
|
ප්‍රියයකුගේ වෙන්ව යාම
පසුගිය සරසවිය සම්මාන උලෙළ අලංකාර කිරීමට වෙන කවරදාටත් වඩා ලේක්හවුස් ආයතනයේ සහෘද පිරිසගේ දායකත්වය ලැබිණි. එම පිරිස අතර අතිශය කැපී පෙනුණු මෙහෙවරක් කළ අපූරු සහෘදයකු වූ ආයතනික දේපල පිළිබඳ වැඩබලන ප්‍රධාන විධායක එම්. ඩී. අජන්ත ප්‍රියදේ්ව පසුගිය ඉරිදා හදිසියේම අප අතහැර ගියේය. පසුගිය උලෙළ අලංකාර කිරීමට දිවා රෑ වෙහෙසුණ ප්‍රියදේව කිසි විටෙකත් නැහැ - බැහැ යයි පැවසුවේ නැත. රැයක් දවාලක් වෙනසක් නොවීය. කඩියකු මෙන් වැඩ කරන ඔහු මිතුරු සමාජයේ රසවතෙක් විය. වැඩේ කියපං, මං කරන්නම් ඔහුගේ න්‍යාය විය. සරසවිය උලෙළ හැඩ කල වේදිකා සැරසිලි, කටවුට්, පුවරු ආදී සියල්ල පමණක් නොව, නිසි වෙලාවට ආරාධනා පත් යැවීමේ කර්තව්‍යයට ද කළ ප්‍රියදේ්ව දායක වූයේ පංගු පේරුවකින් තොරවය. ඔහු නැති අඩුව අපට අදට වඩා හෙට දැනෙනු ඇතැයි හැඟෙනුයේ එබැවිනි. පි‍්‍රයදේව ඔබට නිවන් සුව පතන්නට අප සිත හදාගත යුතුව ඇත.
සුනිල් ධර්මසිරිගේ මව මියයයි
චිත්‍රපට නිෂ්පාදක, ගීත රචක සුනිල් ටී. ෆිල්ම්ස් හි සාමාන්‍යාධිකාරී සුනිල් ධර්මසිරිගේ මව වන උරගස්මංහන්දියේ පදිංචි සොමලින් විජේරත්න පසුගියදා අභාවප්‍රාප්ත වූවා ය. මියයන විට අසූපස්වැනි වියේ පසු වූ සොමලින් විජේරත්න මහත්මියගේ අවසන් කටයුතු ඊයේ දින (01 වැනිදා)පවුලේ සුසාන භුමියේ දී සිදු කෙරිණි. - තිලානි
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයේ සංගීත රාත්‍රියක්
කෑගල්ල ශාන්ත මරියා විද්‍යාලයට වසර එකසිය පනහක් පිරීම නිමිති කර ගනිමින් සංවිධානය වන අධ්‍යාපන හා වෙළෙඳ ප්‍රදර්ශනය මේ මස 01 වැනිදා සිට 05 වැනිදා දක්වා පැවැත්වෙයි. දිනපතා සංගීත සංදර්ශන සහ විනෝදා ක්‍රීඩා පැවැත්වෙන අතර 02 වැනිදා - සහරාෆ්ලෑෂ්, 03 වැනිදා - ඔක්සිජන්, 04 වැනිදා - ඇරෝස්ටාර්, 05 වැනිදා - ඕල්රයිට් යන සංගීත කණ්ඩායම් සංගීත රාත්‍රිය සඳහා සහභාගි වෙති.
ඉතාලිය මිලානෝ පැවැත්වෙනසංගීත රාත්‍රිය 11සන්ෆ්ලවර්ස් සංගීත කණ්ඩායම මෙහෙය වන සංගීත රාත්‍රිය මේ මස 11 වැනිදා පසුවරු 5.00ට ඉතාලිය මිලානෝ හි ඩිස්කෝටෙක් ගලිම්බා ස්පේස් හිදී පැවැත්වෙයි. මෙහිදි සන්ෆ්ලවර්ස් සමඟ ජනප්‍රිය ගායක ගායිකාවන් රැසක් ගී ගැයීමට නියමිත ය.
ප්‍රභාත්ගේ ග්‍රන්ථ දෙකක් අද දොරට වඩියි
ප්‍රභාත් වරුසමාන්න විසින් රචනා කරන ලද සූරිය මල් සහ නිළි වරම යන ග්‍රන්ථ ද්විත්වය මෙම මස 02 දා එනම් අද සවස බත්තරමුල්ල සෙත්සිරිපාය (දෙවන අදියර) ගොඩනැගිල්ලේ 11 මහලේ පිහිටි ශ්‍රවණාගාරයේදී එළිදැක්වේ. සුරිය මල් මෙරට වාම ව්‍යාපාරය දෙස සෞන්දර්යාත්මක විමසුමකි. නිළි වරම කාව්‍ය සංග්‍රහයක් වේ.
‘අන්න ඒකයි හරි’ හෙට
හිටපු පොලිස්පති බෝධි ලියනගේගේ ජීවිතය ඇසුරින් චම්මින්ද වෙලගෙදර ලියූ නවතම නවකතාව 'අන්න ඒකයි හරි' හෙට (03 වැනිදා) පස්වරු 3.00ට මහවැලි කේන්ද්‍රීය ශ්‍රවණාගාරයේදී එළිදකියි.
‘කුසල් සහ කුමාරයා’ එළිදකියි
ඉතිහාස හා පුරාවිද්‍යා ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ කුසුම්සිරි විජයවර්ධනගේ 'කුසල් සහ කුමාරයා' අලුත්ම යොවුන් නවකතාව මේ මස 07 වැනිදා මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේදී එළිදකියි. රාජ කුමාරයෝ තුන්දෙනා සොයිසාපුරේගුණරත්න ඒකනායකගේ යොවුන් නවකතා මාලාවේ අලුත් ම කෘතිය 'රාජ කුමාරයෝ තුන්දෙනා' හෙට සොයිසාපුර නිපුන් පොත් මැදුරේදී එළිදකියි.
‘කොටි සටනින් ඔබ්බට’ 08 වැනිදා
ප්‍රියංකා කුරුගලගේ 'කොටිසටනින් ඔබ්බට' කෘතිය මේ මස 08 වැනිදා පස්වරු 3.00ට කොළඹ 07 පුස්තකාල ප්‍රලේඛණ සේවා මණ්ඩලයේ ශ්‍රවණාගාරයේදී එළිදකියි. එහිදි ඇල්ලේ ගුණවංශ හිමි මුලසුන හොබවන අතර ජනාධිපති නීතිඥ මනෝහර ආර් ද සිල්වා, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ස්විට්ස්ලන්තයේ සූරිච්හි හින්දු බෞද්ධ සංවිධානයේ සභාපති ටී. ලෝගේෂ්වරන් යන මහත්වරු දේශන පවත්වති. |








