වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




සෙක්කුව අභිනන්දන උලෙළ දා

VIEWFINDER

සෙක්කුව අභිනන්දන උලෙළ දා

සෙක්කුවට වසර හතළිහක් පිරීම නිමිත්තෙන් සිදු කරන විශේෂ අභිනන්දන උලෙළ පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණි. එහිදි සෙක්කුව රඟපෑ පැරැණි නිෂ්පාදනවල ශිල්පීන්ට ද උපහාර දැක්වීම සිදු විය. ඡායාරූපවලින් දැක්වෙන්නේ එහි අවස්ථා කිහිපයකි.


විජය ගී තරුව

 

විජය කුමාරතුංග අනුස්මරණය කරමින් වසරක් පාසා සංවිධනය කරනු ලබන විජය ගී තරුව තේරීමේ තරගාවලියේ අවසන් වටය පසුගියදා ජාතික ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවත්වින. ජනමාධ්‍ය හා තොරතුරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි විය. මෙහිදී විජය කුමාරතුංගයන්ගේ සේයාරුවට අමාත්‍යවරයා විසින් පුෂ්පෝපහාරයක් ද සිදු කරන ලදී. ජ්‍යෙෂ්ඨ සිනමාවේදී විමලදාස පෙරේරාට උපහාර පිදීමක් ද මෙදින සිදු විය. මෙය අනුර ශ්‍රීනාත්ගේ සංවිධානයකි.


පත්තිනි ටෙලි නාට්‍යයක් වෙයි

සම්මානනීය අධ්‍යක්ෂවරියක්, තිරපිටපත් රචිකාවක්, නවකතාකාරියක් වන තුෂාරි අබේසේකරගේ නවතම ටෙලි නාට්‍යය ‘පත්තිනි’ හි මුහුරත් උලෙළ පසුගියදා චිත්‍රපට සංස්ථාවේ දී පැවැත්විණි. ඡායාරූපවලින් දැක්වෙන්නේ ‘පත්තිනි’ හි මුහුරත් උලෙළේ අවස්ථා කිහිපයකි.


වෛද්‍ය කපිල සුූරියආරච්චි විසින් අධ්‍යක්ෂණය කිරිමට නියමිත සිනේ-මා සිනමාපටය් සමාරම්භය මෙලෙස සිදු විය.