වර්ෂ 2016 ක්වූ පෙබරවාරි 23 වැනිදා බ්‍රහස්පතින්දා




අනෝරා මුහුරත් උලෙළ දා

අනෝරා මුහුරත් උලෙළ දා

ජනාධිපති සම්මාන දිනූ හෙක්ටර් කුමාරසිරි අධ්‍යක්ෂණය කරන 'අනෝරා චිත්‍රපටයේ මුහුරත් උලෙළ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ දී පැවැත් විණි.

මේ මුහුරත් උලෙළ පවත්වන ලද්දේ ප්‍රවීණ නාට්‍යවේදී ලූෂන් බුලත්සිංහල, සිනමා විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ, රංජනී රත්නවිභූෂණ, ජයසේකර අපොන්සු ආදී කලාකරුවන් රැසකගේ ප්‍රධානත්වයෙනි.

මෙහි රංගනයෙන් විජේරත්න වරකාගොඩ, චිත්‍රා වරකාගොඩ, ඩබ්ලිව්. ජයසිරි, මහේන්ද්‍ර පෙරේරා, මේනකා ගාර්දින්, හෙක්ටර් බෙත්මගේ, දමයන්ති ෆොන්සේකා, දයාදේව එදිරිසිංහ, ගිහාන් ප්‍රනාන්දු, ෆර්නි රෝෂිනී, දයා වයමන්, සුදර්ශන බණ්ඩාර, ආරියසේන ගමගේ,උදය කුමාරි, තරංග බණ්ඩාර, ප්‍රසන්න ෆොන්සේකා, නිමන්ත හේෂාන්, අංජලී මිශ්‍රා ඇතුළු නළු නිළියෝ රැසක් සහභාගි වෙති. කැමරා අධ්‍යක්ෂණයෙන් කපිල සුදේශ් , සහය අධ්‍යක්ෂයෙන් රුවන් බණ්ඩාර, රංජිත් යාපා, අංගරචනයෙන් සිරිනාථ වික්‍රමසිංහ සහය වන 'අනෝරා' චිත්‍රපටයේ සංගීතය නිමන්ත හේෂාන්ගෙනි. නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ප්‍රියන්ත කළුආරච්චි, සුනිල් දිසානායක ගෙනි. නිෂ්පාදනය දොන් ප්‍රේමදාස, පුලස්ථී බෙත්මගේ, සරත් පොඩි නිලමේ ගෙනි.


විදේශීය නාට්‍යවේදීන්ගෙන් නාට්‍ය හා රංග කලා වැඩමුළුවක්

වසර විසි පහකට පසු සිංහල සංස්කෘතික ආයතනය මඟින් යාවත්කාලීන වීමට කැමැති ප්‍රවීණ ශිල්පීන් ඇතුළු නාට්‍ය ගුරුවරුන්, පෙර පාසල් ගුරුවරුන් හා අවු 18 වයසැති රංගකලාවට උනන්දුවක් දක්වන අයට සහභාගි විය හැකි නාට්‍ය හා රංග කලා වැඩමුළුවක් සංවිධානය කර ඇත. විදේශීය නාට්‍යවේදීන් කරන වැඩමුළුවට සිය දෙනෙකු එක්කර ගැනීමට නියමිත අතර ඒ සඳහා ඉදිරිපත් වන්නන් මේ මස 05 වැනිදාට පෙර තම අයැදුම් පත් ලේකම්, නාට්‍ය අනුමණ්ඩලය, සිංහල සංස්කෘතික ආයතනය, අංක 375, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට යොමු කරන්න. වැඩි විස්තර 0112-687979 හා 0714-113457 යන දුරකථන අංකවලට කතා කිරීමෙන් දැන ගත හැකිය.