|
|
මට උවමනා වුණේ හරි දෙයක් කරන්නයිඅලෝකෝ උදපාදි නිපද වූ තුසිත විජයසේන
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන විදිය චිත්‍රපටයකට නඟන ඔහුගේ අදහස පිළිබඳ මා සොයා බැලුවා. එහි ඇත්තක් තිබෙන බව වැටහුණා. තේ, රබර්, පොල්වලට පෙර අප විදේශ ගත කළේ බෞද්ධ ධර්මය නේ. අනෙක් කාරණය නම් සමහර විට ත්‍රිපිටකයයි බයිබලයයි ග්‍රන්ථාරූඪ නොවුණා නම් මොක ද වෙන්නේ? අද වනවිට මේ දෙක ම නැතිවෙලා ගිහින්. ඒ කාරණය කිසිම කෙනෙකුගේ මතකයට නැඟුණේ නැහැ. එහෙත් මෙය චිත්‍රපටයකට රැගෙන පැමිණීමෙන් යම් දෙයක් කළ හැකි යැයි සිතුණ නිසා ඒ කටයුත්තට මා මුල පිරුවා.
චත්‍ර වීරමන් හා භාරත හෙට්ටිආරච්චි අධ්‍යක්ෂණය කළ ‘ආලෝකෝ උදපාදි’ සිනමාපටය මේ දිනවල සාර්ථක ලෙස තිරගත වෙයි. එහි නිෂ්පාදකයා වන්නේ තුසිත විජයසේනයි. ‘කැන්ඩි සිටි සෙන්ටර්’ හි සභාපති මෙන්ම කළමනාකරණ අධ්‍යක්ෂවරයා වන තුසිත විජයසේන විවිධ කාලවලදී විවිධ කාර්යයන්වල නිරත වෙයි. මෙවර ඔහු අප හමුවට පිවිසෙන්නේ චිත්‍රපට නිෂ්පාදකවරයකු ලෙසිනි. ඔහුගේ මේ ආගමනය පිළිබඳ හා චිත්‍රපට කර්මාන්තය පිළිබඳ තුසිත විජයසේන සමඟ සරසවිය කළ සාකච්ඡාවකි. ව්‍යාපාරිකයකු වන ඔබ චිත්‍රපට කර්මාන්තයට යොමු වීමට සිතුණේ ඇයි? අප පුංචි කාලයේ තිරගත වුණු චිත්‍රපට මට අද වගේ මතකයි. ‘හතරදෙනා ම සූරයෝ’, ‘චණ්ඩියා’, ‘වැලිකතර’ වගේ චිත්‍රපට විවිධාකාරයි. විනෝදාත්මකයි. ඊට පසුව අප මුහුකුරා යන කාලයේ අප කුඩා කාලයේ නැරැඹුවා වැනි චිත්‍රපට පැමිණියේ අඩුවෙන්. ඊටත් පසුව පැමිණියේ රජ කතායි. මේ චිත්‍රපට නරඹන විට එන්න එන්න ම එහි තිබුණු ගුණාත්මක බව සම්බන්ධයෙන් මගේ සිතේ විවිධ ප්‍රශ්න පැන නැඟුණා. මේ නිර්මාණ ඇත්ත ද? මේවා කරන්නේ රිසර්ච් එකක් කරලා ද? කියන කාරණා ගැන සිතෙන්නට පටන් ගත්තා. මේ කාල පරාස සියල්ල විමසලා බලන විට මට හැඟුණු දෙයක් වුණේ, ඒ කුඩා කාලයේ අප නැරැඹු චිත්‍රපටයක, අප ඇසූ ගීතයක ගත යුතු දෙයක් ඇතුළත් වුණු බවයි. එහෙත් දැනට වසර පහළොවක තරම් කාලයක් ඇතුළේ එවැනි හොඳ නිර්මාණයක් බිහිනොවුණු බවයි මගේ හැඟීම වුණේ. ඒ කාලය ඇතුළත විවිධ නිර්මාණ පැමිණි බව ඇත්තයි. ඒත් ඒ හොඳම දෙයක් නොවෙයි. මේ අදහස කාලයක පටන් මගේ සිතේ ගැඹුරේ ම තැන්පත් වී තිබුණ කාරණයක්. එය වෙනස් කිරීමේ අදහසිනුයි මා සිනමා ක්ෂේත්‍රයට නිෂ්පාදකවරයකු ලෙස පිවිසෙන්නේ. ඒ කියන්නේ ඔබ කුඩා කාලයේ හොඳ සිනමා රසිකයෙක්? මා මුලින් ම පාසල් ගියේ ගුරුකුළ විද්‍යාලයටයි. පාසල් යන කාලයේ මා හොරෙන් ගිහින් චිත්‍රපට නැරැඹුවා. ඒ කාලයේ සිනමා ප්‍රවේශ පත්‍රයක් සත පනස් පහක් වගේ මුදලක් වගත් මට මතකයි. ‘හතරදෙනා ම සූරයෝ’, ‘චණ්ඩියා’, ‘වැලිකතර’,‘ධීවරයෝ, ‘ගැටවරයෝ’, ‘රන්මුතු දූව’ ආදි එකල ජනප්‍රිය වූ චිත්‍රපට රැසක් ම මා නැරැඹුවා. ඒ කාලයේ අපේ සිනමා වීරයා බවට පත්වෙලා සිටියේ ගාමිණි ෆොන්සේකා. ඒ වගේ ම විජය කුමාරතුංගටත් මා බොහොම කැමැතියි. ඔවුන් රඟපෑ චිත්‍රපට ගැන මතක් කරන විට ඒ චිත්‍රපට නැරැඹීමෙන් ලැබුණු ආස්වාදය තවමත් මගේ සිතේ තිබෙනවා. ඒ චිත්‍රපටවල ගීත තවමත් අපට මතකයි. ‘ආලෝකෝ උදපාදි’ සිනමාපටයට සම්බන්ධ වීමට ආරාධනා ලැබෙන්නේ කොහොම ද? මුලින් ම මා කැන්ඩි සිටි සෙන්ටර් එක නිර්මාණය කරලා මිනිසුන්ට විශාල සේවයක් කළා. ඒ ඔස්සේ ඔවුන් අතර පරිවර්තනයක් සිදු වුණා. මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් වුණා. ඒ වකවානුවේ විවිධ දේවල් කිරීමට අප ආණ්ඩුවට යෝජනා කළා. නගරයේ සමහර දේවල් දියුණු කිරීමට අප යෝජනා කළේ අපේ මුදල්වලින්. ඒත් ඒ සඳහා ඔවුන්ගෙන් අනුමැතිය ලැබුණේ නැහැ. මේ නිසා ඒ සියලු වැඩපිළිවෙළවල් මා අතහැර දැමුවා. ඊට පසු කාලයේ බොහොම මහන්සියෙන් ශ්‍රී පාදස්ථානය සංවර්ධනය කළා. බොහෝදෙනා පැවසුවේ එය කිරීමට නොහැකි දෙයක් බවයි. එහෙත් අපි ඒ දේ සාර්ථකව ඉටු කළා.මේ සියලු දේ කළේ පුණ්‍ය කර්මයක් ලෙස සලකා ගෙනයි. අනෙක් කාරණය නම් ඒ කටයුතු කළ යුතු දේවල් ලෙසයි මා විශ්වාස කරන්නේ. මතු පරම්පරාවට රැක දිය යුතු දේවල් ලෙසයි එවැනි කටයුතු මා දුටුවේ. මේ කටයුතු අතරදියි මට සමන් වීරමන් මහත්තයා චිත්‍රපටයක් කිරීමට ආරාධනා කරන්නේ. මා ඔහුව හඳුනන්නේ වසර තිහක කාලයක පටන්. ඔහුගේ අදහසට ඔබගේ අනුමැතිය ලැබෙනවා? ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කරන විදිය චිත්‍රපටයකට නඟන ඔහුගේ අදහස පිළිබඳ මා සොයා බැලුවා. එහි ඇත්තක් තිබෙන බව වැටහුණා. තේ, රබර්, පොල්වලට පෙර අප විදේශ ගත කළේ බෞද්ධ ධර්මය නේ. අනෙක් කාරණය නම් සමහර විට ත්‍රිපිටකයයි බයිබලයයි ග්‍රන්ථාරූඪ නොවුණා නම් මොක ද වෙන්නේ? අද වනවිට මේ දෙක ම නැතිවෙලා ගිහින්. ඒ කාරණය කිසිම කෙනෙකුගේ මතකයට නැඟුණේ නැහැ. එහෙත් මෙය චිත්‍රපටයකට රැගෙන පැමිණීමෙන් යම් දෙයක් කළ හැකි යැයි සිතුණ නිසා ඒ කටයුත්තට මා මුල පිරුවා. ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයට නිෂ්පාදකවරයකු විදියට සහභාගි වනවිට ඔබ සිනමා ක්ෂේත්‍රය ගැන සිතාගෙන සිටියේ කුමන විදියට ද? සිනමා කර්මාන්තය මේ තරම් සවුත්තු වගක් දැනගෙන නොවෙයි මා ඊට පා නැඟුවේ. ඒ වග කලින් ම දැනුම්වත් වුණා නම් මා මේ ක්ෂේත්‍රයට පා නඟන්නේ නැහැ. නොදැන වුණත් ඔබ මේ ක්ෂේත්‍රයට පා නැඟුවේ යම් වෙනසක් කළ යුතුය කියන හැඟීමෙන් නේද? අපේ රටේ නිර්මාණකරුවන් පුරුදු වී තිබෙන්නේ යම් කිසි මුදලක් නිෂ්පාදකයකු වියදම් කිරීමෙන් පසුව ඒ ගණනට චිත්‍රපටයක් නිර්මාණය කිරීමයි. ඊට පස්සේ ඒ නිර්මාණය තිරගත කරනවා. ඒ මඟින් සමහර විට ලාභයක් වෙන්නත් පුළුවන්.
‘කැන්ඩි සිටි සෙන්ටර්’ එකේ සැලසුම නිර්මාණය කරන්නේ හොඳ ම සැලසුම් ශිල්පීන් විසින්.
එය සිනමා ශාලා තුනක්, ඔඩිටෝරියම් එකක්, ඩාන්සින් ෆ්ලෝ එකකින් යුක්තයි. ඒ හා සම්බන්ධ
කේබල් කාර් පාර්ක් දෙක හන්තානයට විහිදෙනවා. මේ කේබල් කාර් පාර්ක් දෙක උඩට අක්කර
විසිදෙකක් විහිදෙනවා. අනෙක් පැත්තෙන් තිබෙන්නේ කෝච්චි පාරයි. මේ අවට ප්‍රදේශයේ බස්
නැවතුමක්, පොළක්, කැන්ඩි සිටි සෙන්ටර් එකක්, පේවුමන්ට් ෂොප් දාහක් ඇතුළු සියල්ල ම
එකම ස්ථානයකට ඒකරාශී කරමින්, මුළු නගරය ම සංවර්ධනය කිරීමටයි සැලසුම සකස් වුණේ.
තනිකරම රැකියා තිස්පන්දහසක උත්පාදනයක්. ඒ වගේ ම මහනුවරට ඇතුළු වන්න පාලම් පහක්
තිබෙනවා.
නැත්නම් පාඩුවක් වෙන්නත් පුළුවන්. මගේ අදහස නම් මේ ක්‍රමවේදය වෙනස් කළ යුතු බවයි. එකක් නම් පසුගිය කාලයේ රජකතා ගොඩක් නිර්මාණය වුණා. ඒ අතර ඉතිහාස කතා, ආගමික කතා ඊටත් වැඩියි. මේ නිර්මාණ දෙස බලන විට අපට පෙනුණ කාරණයක් නම්, ඒ නිර්මාණ අඩුපාඩුකම්වලින් යුක්ත වූ බවයි. ඒ නිසා මට උවමනා වුණේ හරි දෙයක්, ආදර්ශවත් දෙයක් කර පෙන්වීමටයි. අනෙක් නිෂ්පාදකවරුන් අතරින් ඔබ වෙනස් වන්නේ කුමන ආකාරයෙන් ද? මා, සමන් වීරමන් මහත්තයාත් සමඟ කළ සාකච්ඡාවලින් පසුව යෝජනා කළේ මේ නිර්මාණයේ සියලු ම කටයුතු සඳහා අලුත් ම පිරිසක් යොදා ගමු ය යන්නයි. අනෙක් කටයුතුවලදිත් නිර්මාණයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට මා වග බලා ගත්තා. උදාහරණයක් විදියට අශ්වයන් යොදා ගැනීමේදී ඔවුන් පැවසුවේ අශ්වයන් දෙදෙනකු යොදා ගත යුතු බවයි. අශ්වයන් දෙදෙනෙක් අරගෙන හරියන්නේ නැහැ නේ. නියම විදියට අශ්වයන් කී දෙනෙකු උවමනා දැයි මා ඔවුන්ගෙන් විමසූ විට පැවසුණේ අශ්වයන් පනහක් යොදා ගත යුතු බවත්, ඒ සඳහා විශාල මුදලක් වැයවන බවත්. එහිදි මා පැවසුවේ අශ්වයන් පනස් දෙනා ම යොදා ගත යුතු බවයි. මෙහි තිබෙන සටන්, අංගම් පොර සටන් සිදු වුණෙත් සත්‍ය ආකාරයෙන්මයි. එහෙම නොවුණා නම් ඒ සිදු වුණු සටන් සිනමා ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ බොරුවක් විදියටයි. ලොකේෂන් තුනකින් චිත්‍රපටය කළ හැකි බව ඔවුන් පැවසුවත් මා පැවසුවේ එය හොඳට ම කළ යුතු බවයි. ඒ අනුව මේ නිර්මාණය සඳහා වැඩි ප්‍රමාණයක් ලොකේෂන් යොදා ගත්තා. යොදා ගන්න කැමරා, කැමරා කෝණ භාවිත කළේ උපරිමයෙන්. එවිටයි නිර්මාණය ලස්සන වන්නේ. ඔබ නිෂ්පාදකවරයාගේ භූමිකාව නිසි ආකාරයෙන් වටහා ගත් බව ද ඔය පවසන්නේ? නිෂ්පාදකවරයාගේ කාර්ය විය යුත්තේ අධ්‍යක්ෂවරයාට නිදහසේ නිර්මාණය කිරීම සහ ඔහුගේ දැක්මට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීමයි. ඒ කාර්ය මා නියම ආකාරයෙන් සිදු කළා. ඒ නිසාමදෝ සමන් වීරමන්, චත්‍ර වීරමන්, කැමරා අධ්‍යක්ෂවරයා, සම අධ්‍යක්ෂවරයා ඇතුළු නළු නිළියන් සියල්ලන් ම මේ නිර්මාණ කටයුත්ත අවසන් කළේ මහත් කැප කිරීමකින්. ඒ සියලු කැප කිරීම් මත වසරකටත් පෙර චිත්‍රපටය නිර්මාණය කර අවසන් වුණා. මේ සියලු කටයුතු සාර්ථකව සිදු කළත් ඔබ අසතුටට පත් වන යමකුත් සිදු වෙනවා. ඔබට ඊට මුහුණ පෑමට සිදු වුණේ කුමන අවස්ථාවකදී ද? චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට ගිය විටයි ඒ කුණු කන්දල් සියල්ල ම පැමිණියේ. හැම කෙනෙක් ම මේ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට කැමැති වුණත්, ශාලාවල තිබෙන ප්‍රශ්න, ශාලා හිමියන්ගේ තිබෙන ප්‍රශ්න දෙස බලන විට බොහොම අවසනාවන්ත තත්ත්වයකුයි චිත්‍රපට ප්‍රදර්ශනය සම්බන්ධයෙන් තිබෙන්නේ. එකක් චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමට තරම් හොඳ ශාලාවල් නොමැති වීමයි. දැනට තිබෙන හොඳ ශාලාවල් ඔවුන් භාවිත කරන්නේ විදේශීය චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම සඳහායි. ශ්‍රී ලාංකේය සිනමාවට ඒ ශාලාවල තිබෙන්නේ බොහොම පොඩි ඉඩක්. අපේ රටේ මේ තරම් පාලකයන් රැසක් ඉඳලත් ඒ තත්ත්වය නියම ආකාරයට සැලසුම් නොවුණු බවකුයි අපට පෙනෙන්නේ. ඒක කනගාටුවට කාරණයක්. ඒ වග මුලින් ම මා දැන ගත්තා නම් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන්නේ නැහැ. මොකද අවසන් නිමැවුම නියම ආකාරයට සිනමා ප්‍රේක්ෂකයන් අතරට පිවිසෙන්නේ නැත්නම් එවැනි නිර්මාණයකින් වැඩක් නැහැ. වර්තමානයේ වෙළෙඳ පොළ ඇතුළේ ශ්‍රී ලාංකික සිනමාවේ ලාබ උපයාගත නොහැකි තත්ත්වයකුයි උදා වී තිබෙන්නේ? එකක් මට උවමනා වුණේ හොඳ නිෂ්පාදනයක් කිරීමටයි. හොඳ නිෂ්පාදනයක් කරන විට ලාභ අලාභ බලන්නට නොහැකියි. දෙවැන්න නම් මේ නිර්මාණය ගැන මට තිබුණු විශ්වාසයයි. ඒ මේ නිර්මාණය ජාත්‍යන්තර වෙළෙඳ පොළට ගෙන යා හැකිය යන්නයි. ඊට පළමු හේතුව නම් අපේ රටේ ලක්ෂ විසිපහක් පමණ විශාල පිරිසක් විදෙස්ගතවී සිටීමයි. දෙවැනි හේතුව නම් අනෙක් ජාතීන් අතර ගත්තත් රටවල් රාශියක ම ව්‍යාප්තව තිබෙන්නේ බුදු දහමයි. ඒ රටවල්වලට මේ නිර්මාණය ආදර්ශයක්. තුන්වැනි කාරණය නම් වෙනත් ආගම්වල අයත් මේ චිත්‍රපටය නරඹනවා. ඒ මේ චිත්‍රපටය සත්‍ය කතාවක් ද කියලා දැන ගැනීම සඳහායි. මේ වනවිටත් හින්දු, දෙමළ ඇතුළු ජාති රැසක් ම ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය නැරැඹුවා. මා හැමදාමත් වැඩක් ආරම්භ කරන විට එහි ආරම්භය වගේ ම අවසානයත් දකින කෙනෙක්. එහෙත් ඒ කටයුත්තට දිගු කාලයක් යන බව ඇත්තයි. හොඳ වැඩක් කරන විට එහෙම තමයි. ඒ වගේ ම කරන වැඩක ආරම්භය හා අවසානය නොදකින කිසිවකුටත් ඔවුන්ගේ ජීවිතේ සාර්ථක කර ගන්න බැහැ. ඒ කාරණා දැකලයි මා චිත්‍රපටය නිෂ්පාදනය කළේ. එහෙත් ඔබට සිනමා ශාලා පිළිබඳ ප්‍රශ්නය මඟ හැරුණා? මා නොදැක්ක එක ම පැත්ත සිනමා ශාලා ප්‍රශ්නයයි. ඒ ගැන මාව කිසිවකුත් දැනුම්වත් කළේ නැහැ. ඊළඟට මේ චිත්‍රපටයෙන් චිත්‍රපට තුනක් නිර්මාණය කරන්න තිබුණා. ඒක මට කවුරුවත් කිව්වේ නැහැ. එහෙම වුණා නම් මේ නිර්මාණය අතිශය සාර්ථක වෙනවා. ‘ආලෝකෝ උදපාදි’ 1,2 වශයෙන් සියලු ම කාරණා ඇතුළත් කරමින් චිත්‍රපට දෙකක් කළ හැකි වූවා වගේ ම වළගම්බා රජු පිළිබඳ ලස්සන ටෙලි නාට්‍යයක් කිරීමටත් අවස්ථාව තිබුණා. එහෙම වුණා නම් අවසානයේ අප ලබන ජයග්‍රහණය ගැන කියන්නට වචන නැහැ. ‘කැන්ඩි සිටි සෙන්ටර්’ එකේ සැලැස්මට සිනමා ශාලා කිහිපයකුත් ඇතුළත් වුණා. මේ වනවිට ඒවාට කුමක් ද සිදු වී තිබෙන්නේ?
‘කැන්ඩි සිටි සෙන්ටර්’ එකේ සැලසුම නිර්මාණය කරන්නේ හොඳ ම සැලසුම් ශිල්පීන් විසින්.
එය සිනමා ශාලා තුනක්, ඔඩිටෝරියම් එකක්, ඩාන්සින් ෆ්ලෝ එකකින් යුක්තයි. ඒ හා සම්බන්ධ
කේබල් කාර් පාර්ක් දෙක හන්තානයට විහිදෙනවා. මේ කේබල් කාර් පාර්ක් දෙක උඩට අක්කර
විසිදෙකක් විහිදෙනවා. අනෙක් පැත්තෙන් තිබෙන්නේ කෝච්චි පාරයි. මේ අවට ප්‍රදේශයේ බස්
නැවතුමක්, පොළක්, කැන්ඩි සිටි සෙන්ටර් එකක්, පේවුමන්ට් ෂොප් දාහක් ඇතුළු සියල්ල ම
එකම ස්ථානයකට ඒකරාශී කරමින්, මුළු නගරය ම සංවර්ධනය කිරීමටයි සැලසුම සකස් වුණේ.
තනිකරම රැකියා තිස්පන්දහසක උත්පාදනයක්. ඒ වගේ ම මහනුවරට ඇතුළු වන්න පාලම් පහක්
තිබෙනවා. ඒ පාලම් පහට ගේට්ටු පහක් දමලා රුපියල් දහයක් අය කරලා, කිලෝමීටර අනූහයක්
තිබෙන මහනුවර නගරය කාපට් කරලා, මල් වවලා සියල්ල පිළිවෙළකට නිර්මාණය කිරීමටයි තීරණය
වී තිබුණේ. ඒ ඔස්සේ ආණ්ඩුවට බිලියනයක ආදායමක් ගන්න තිබුණා. ඒ මඟින් දහදාහක රැකියා
උත්පාදනයක් කිරීමට හැකියාව තිබුණා. මේ සියලු යෝජනා අප ගෙනාවා. අනුමත වුණා. ඒත් ඒ
කිසිවක් කරන්න දුන්නේ නැහැ. සිනමා ශාලා ටික හදන්න දුන්නේත් නැහැ. එහෙම වුණේ ඇයි? එක මිනිසුන්ගේ අවාසනාව. දෙක රටේ හරි විදියට වැඩක් කිරීමට බැරිවීමත් මිනිසුන්ගේ අවාසනාවක්. අනෙක් කාරණය නම් වැඩේ හරියට වෙනවට සමහරු කැමැති නැහැ. එහි සිටි එක් අයකු හැර එනම් සරත් අමුණුගම හැර සියල්ලන් ම මගේ මේ අදහසට විරුද්ධ වුණා. මේ ගැන මා එදාත් පැවසුවා. අදත් පවසනවා. මේ අදහස නිවැරැදි බව දැන් තේරුම් අරගෙන තිබුණත් ප්‍රමාද වැඩියි. චිත්‍රපටය රිලීස් කරන්න ගියාට පසුව මුහුණ දුන් අත්දැකීම් මොනවා ද? ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටය ජාත්‍යන්තර බොද්ධ දිනයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයට පෙන්වන්න පුළුවන් වුණා. ඔවුන් චිත්‍රපටය බොහොම අගය කළා. එහි පැමිණි රටවල් චිත්‍රපටය මිලදී ගන්නත් කැමැත්ත පළ කළා. ගෝවේ චිත්‍රපට උලෙළ ඔස්සේත් අපට හිමි වුණේ ජාත්‍යන්තර කීර්තියක්. පූර්ව ප්‍රචාරක පටය ප්‍රචාරය වීමත් සමඟ චිත්‍රපටය පිළිබඳ විවිධ මත කා අතරත් පැතිරුණා. ඒ සියලු කාරණාත් අවසන් වුණේ මේ චිත්‍රපටය හොඳ චිත්‍රපටයක් බව පවසමින්.අවසානයේදී චිත්‍රපටය නැරැඹුව රාජ්‍ය නායකයන්ගේ, ආගමික නායකයන්ගේ පවා පැසසුමට ලක් වුණු ‘ආලෝකෝ උදපාදි’ වාසනාවන්ත නිර්මාණයක්. සිනමාවේදී තරුණ අධ්‍යක්ෂවරුන් දෙපළක් සමඟ හා තරුණ පිරිසක් සමඟ කටයුතු කිරීම ඔබ මොන විදියට ද දකින්නේ? ‘ආලෝකෝ උදපාදි’ චිත්‍රපටයට ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු සහභාගි කර ගත්තා නම් මේ විදියට කරන්න ලැබෙන්නේ නැහැ. ප්‍රවීණ අයව සහභාගි කර නොගැනීම සම්බන්ධයෙන් බොහෝ අය මට බණින බව ඇත්තයි. ඔවුන් සම්බන්ධ කර ගත්තා නම් මගේ අදහස මේ විදියට ගෙනෙන්න ලැබෙන්නේ නැහැ. තරුණ අය ඉදිරියට එන්න කැමැතියි. ඔවුන්ට උවමනා මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගැනීමටයි. ඔවුන්ට හොඳ නිෂ්පාදකයකු මුණ ගැසුණා. මට හොඳ කණ්ඩායමක් මුණ ගැසුණා. ඔබ යළිත් චිත්‍රපට නිෂ්පාදනයට පිවිසෙන අදහස අමතක කර දැමුවා ද? මා සිනමා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ චිත්‍රපට දහයක් කිරීමේ බලාපොරොත්තුව ඇතිවයි. ඒ ගැන යළිත් කල්පනා කර බැලීමට උවමනායි. මුළු ලෝකයේ ම සිනමා ක්ෂේත්‍රය තිබෙන්නේ බොහොම දියුණු ස්ථානයකයි. අද අපේ රටේ මේ ක්ෂේත්‍රය පිරිහිලා. ඒ නිසා සිනමා ක්ෂේත්‍රය දියුණු වීමට නම් ඉක්මනින් සංශෝධනයක්, පරිවර්තනයක් සිදුවිය යුතුයි. මේ හරහා වෘත්තිමය වශයෙන් ගත්තොත් විශාල රැකියා උත්පාදනයක් ඇතිකර දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදිය හැකියි. එවැනි ක්ෂේත්‍රයකුයි මෙලෙස නොසැලකිල්ලට භාජනය වී ඇත්තේ.
|





