|
|
ප්‍රතිචාර සඳහා නවතම අංකයක්අපට වටින‘සොබාධාරා’සත්ත්ව ලෝකයේ අපි නොදන්නා තොරතුරු රැසක් සමඟින් සිකුරාදා රාත්‍රියේ විකාශය කෙරෙන 'සොබාධාරා' වැඩසටහනෙන් සතුන්, වනජීවි නිලධාරින්, වෛද්‍යවරුන්, පුරාවිද්‍යාඥයන් අදීන්ගේ තොරතුරු අප වෙත ලබාදීමට ගන්නා උත්සාහය ප්‍රශංසනීය යි. මෙතෙක් කළ වැඩසටහන් ඉතාම විශිෂ්ටයි. 'සොබාධාරා' වැඩසටහන මෙහෙයවන සියලු දෙනාට ප්‍රණාමය. ඩඩ්ලි ගෝමස් කටුබැද්ද මොරටුව
සන්දේශයට සන්දේශයක්ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට උපහාරයක් ලෙස බෙලිහුල්ඔය රූගත කළ 'සන්දේශය' චිත්‍රපටය ටෙලි නාට්‍යයක් ලෙස නිර්මාණයකර වර්තමාන පරම්පරාවට නැරඹීමට සළස්වන්නේ නම් කදිමය. ආතර් ජයකොඩි ගාලේ කඩේ ගලගම බෙලිහුල්ඔය
ජගත් වික්‍රමසිංහට
සංගීතවේදි ජගත් වික්‍රමසිංහ මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉතා වටිනා ගී නිර්මාණ රැසක් දායාද කළ නිර්මාණකරුවෙකි. රියැලිටි ගී තරග හොබවන විනිසුරුවරයකු ලෙසින් යහපත් ගායක පරපුරක් බිහි කිරීමට කරන්නා වූ මෙහෙවරට සුබ පැතුම්. සුනිල් විජේසිංහ මතුගම සිනමාවට අහිමි වූ දක්ෂ නළුවාඑදා බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමූ චිත්‍රපට වන 'සත පනහ', 'ඔහොම හොඳද', 'සහනය', 'හොඳට හොඳයි', 'සිරිල් මල්ලි', 'කව්ද රජා', 'චිං චිං නෝනා' වැනි චිත්‍රපටවල සිනමා සක්විති ගාමිණි සමඟ කරට කර සටන් කළ බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ වියෝව දරාගත නොහැක. කෙනත් පෙරේරා වැලිගම්පිටිය ජා-ඇල
ඔබ කළ සේවය අගෙයිපසුගියදා දැයෙන් සමුගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු මෙන්ම නිවේදකයකු ලෙසින් මෙරටට අනූපමේය සේවයක් ඉටු කළ ආරියදාස පීරිස් ගුවන්විදුලිය වෙනුවෙන් කළ සේවය සුළුපටු නොවේ. දයාරත්න ගනේගොඩ කැලණිය හෙන්රි - මානෙල් මතකය
කලා කෙතට ඉමහත් සේවයක් ඉටු කළ රිදී තිරයේත් පුංචි තිරයේත් වේදිකාවේත් අභිමානවත් රංගන කුසලතා දැක්වූ කලා ශිල්පී යුවළක් වූ හෙන්රි ජයසේන සහ මානෙල් ජයසේන අද අප අතර නැතත් එම දෙපළ දැක්වූ රංගනයන් අදටත් මතකයේ රැඳී පවතී. 'දූ දරුවෝ' ටෙලි නාට්‍යයේ සුදු සීයාත්, 'ගම්පෙරළියේ' පියල්, හුණු වටයේ ගෘෂා සහ වැල් පාලමේ ගීතය වගේම 'සැඬොල් කඳුළු' චිත්‍රපටයත් අපට අමරණීය මතකයන්. එස්. ඒ ප්‍රේමලතා බණ්ඩාරගම
විශාරද පදවි ලද ශ්රියාණිපසුගියදා සංගීත විශාරද පදවි ලද මතකයේ රැඳුණු ගී ගුවන්විදුලි සංසදයේ ශ්‍රියාණි සේනානායකට සුබ පැතුම්. 2013 වසරේ සිට අප සංගමයේ ලේකම් තනතුර දරමින් 60-70 දශකයන්හි පැරණි ගීත නව පරපුරට ගෙන ඒමට විශාල මෙහෙවරක් ඉටුකරන ඔබට අපේ ආශිර්වාදය. සාමාජික පිරිස සමඟ ශීලා සිරිවර්ධන මිල්ටන් සිරිවර්ධන හෙයියන්තුඩුව මේනක නැති පුංචි තිරය
මේනක රාජපක්ෂ ඔබ නැති පුංචි තිරය අද පාළු වී ඇත. ඔබේ රංගනයන් දැකීමට අප ආසාවෙන් සිටිමු. මව්බිමට පැමිණ නැවතත් ඔබේ දක්ෂතා පෙන්වන්න. කල්‍යාණ ජයනෙත්ති මැටරඹ උණවටුන
අනන්තා අවසානයස්වර්ණවාහිනියෙන් විකාශය කෙරුණු 'අනන්තා' ටෙලි නාට්‍ය මුල, මැද කතා විලාසය ප්‍රාණවත්ව ගලා ගියත්, අවසානයේදී නම් එයට ඔහේ ගලාගෙන යන්න ඉඩ දී තිබුණා. මැණිකේ විල්වල තිලකරත්න විල්වල තටාකය පාර කෑගල්ල
නිළි රැජන මාලිනියට
හෙළ සිනමා රිදී තිරය ඔපවත් කළ නිළි රැජන මාලිනි ෆොන්සේකාට අපේ සුබ පැතුම්. සුනිල් චන්ද්‍රසේකර යාගොඩමුල්ල කොටුගොඩ
කඳුරටින් ඇසෙන නොමියෙන ගීපුරා වසර 12ට ආසන්න කාලයක් කඳුරට ගුවන්විදුලියෙන් ප්‍රචාරය වන 'නොමියෙන ගී' වැඩසටහන අප හද බැඳගත් වැඩසටහනකි. 60 - 70 දශකවල රිදී තිරයේ හා ගුවන්විදුලියේ සරල ගීත අප දෙසවනට ගෙන එමින්ද අප අතරින් සමුගෙන ගිය ගායක ගායිකාවන්ගේ මතකය ආවර්ජනය කරමින්ද වැඩසටහන ඉදිරිපත් කරන ප්‍රසන්න සොයුර ඔබේ ඉදිරි කටයුතු සාර්ථක වේවා. ඉන්දු වසන්ති රාජපක්ෂ ගල්ලෙන වත්ත ගිරිහාගම
ආදර්ශවත් සිඳූ'සිඳු', තරුණ - මහලු, කුඩා කාහටත් එකසේ නරඹා ආදර්ශයක් ගත හැකි පරිපූර්ණ කතා වස්තුවකි. කුඩා ස්වාමීන් වහන්සේගේ රඟපෑම මවිත කරවන අතර කතාව ආලෝකවත් කරයි. සෑම චරිතයක්ම උසස් මට්ටමක ඇත. ලොකු හාමුදුරුවන්, රාහුල හාමුදුරුවන් කාලෝචිත රංගනයක යෙදෙමින් වර්තමාන සමාජයට උසස් මෙහෙවරක් ඉටු කරයි. 'සිඳු' අධ්‍යක්ෂතුමාටත් දෙරණ රූපවාහිනි නාලිකාවටත් මල් මිටක්. රංජනී අමරසිංහ වල්පොල රිදි තිරයට - පුංචි තිරයට සුවිශේෂ නළුවා
රංගනය පිළිබඳ විධිමත් දැනුමක් විදෙස් සිනමාවෙන් උකහා ගෙන සිංහල සිනමාවේත් පුංචි තිරයේත් සුවිශේෂ වූ රංගනයක නිරත වූ ඩග්ලස් රණසිංහ අති විශිෂ්ට රංගන ශිල්පියෙකි. ඔබේ රංගන දිවියට හදවතින්ම සුබ පතමි. එච්. ඉන්ද්‍රපාල ශ්‍රී සංඝමිත්තා මාවත මුංහේන
ආදරේ සුවඳ අරන්'ආදරේ සුවඳ අරන්' සාර්ථක නිමාවක් දැක්වූ ටෙලි සිතුවමක්. වෛරයෙන් මේ ලොව ජයගත හැකි කිසිවක් නොවන අතර සියල්ල රැඳී ඇත්තේ, ප්‍රේමය මත පමණයි. ඈන් නිලන්ති ප්‍රදීපිකා අංගම්පිටිය වයික්කාල ආනන්ද වික්‍රමගේ මතකය
ආනන්ද වික්‍රමගේ අපේ කලා ක්ෂේත්‍රය හැඩ කළ රංගන ශිල්පියෙකි. ඔහු රංගනයෙන් දායක වූ 'පටලැවිල්ල' ටෙලි නාට්‍ය නැවත විකාශයට කටයුතු යොදන්නේ නම් මැනවි. දිනේෂ් ගුණසේකර නූපේ මාතර
ජූඩ් රෝගන්ස්ගේ අපූරු රංගනයසීදුව සකුරා සංගීත කණ්ඩායමට ආලොකයක් බඳු ගායක ජූඩ් රොගන්ස් ගයන 'ආත්මයේදී' ගීතය හරිම ලස්සනයි. රූප රචනය තුළ ඔබේ රංගනය කදිමයි. එයින් අනාගතයේදී ඔබට නළුවකු ලෙසින් ඉදිරියට යාමේ හැකියාවද පෙන්වන බව මගේ විශ්වාසය යි. සුනිල් බී වේහැල්ල ගෝනපොල සංගීත ලොව නොමැකෙන කේමදාස සලකුණසංගීත ක්ෂේත්‍රය ගැන කතාකරන විට ගෙවී ගිය කාලය තුළ තිරගතගත වූ චිත්‍රපට රැසක සංගීත අධ්‍යක්ෂණය කරමින් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තම හැකියාව අපූරුවට මුදා හරිමින් කළ සේවය අනභිභවනීය යි. මෙරට ගායක ගායිකාවන් රැසකට ඉදිරියට එන්න එතුමා විසින් ලබා දුන් දායකත්වයේ අගය වචනයෙන් කිව නොහැකි තරම්ය. මිල්ටන් ප්‍රනාන්දු නව එක්සත් මාවත මුදුකටුව
අමරණීය චරිත මැවූ නිළිය
වේදිකාවේ, සිනමාවේ සේම ටෙලි තිරයේත් අමරණීය චරිත මැවූ ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිණි අයිරාංගනි සේරසිංහ අගය කළ යුතු කාලය යි මේ. දෙනුවන් මාධව චාමර මනෝජ් පන්සල පාර ආටිගල
|











