|
||||
ආදරණීය කතාවක් දින පනහයිසරසවිය-ආදරණීය කතාවක් හොඳම දෙබස ජයග්‍රාහකයන් 31 දා රීගල් සිනමාහලට එන්න
ආදරණීය කතාවක් සිනමාපටය තිරගතවීම ආරම්භ කොට මෙම මස 29 වැනිදාට දින පණහක් සපිරෙයි. එය සමරමින් 29, 30 සහ 31 යන දිනයන්හි සිනමා ශාලා ත්‍රිත්වයක සවස දර්ශනයන් සඳහා ආදරණීය කතාවක් හි රඟපෑ නළු නිළියන් සහභාගි වනු ඇත. ඒ අනුව 29 වැනිදා සවස 7 ට බොරැල්ල ලිඩෝ සිනමා ශාලාවටත්, 30 සවස 7 ට මහරගම ඇමටි ලයිට් සිනමා ශාලාවටත්, 31 සවස 7.30 ට කොළඹ රීගල් සිනමා ශාලාවටත් ඔවුන් පැමිණෙනු ඇත. ආදරණීය කතාවක් සිනමාපටයෙහි අනුග්‍රහයෙන් කලකට ඉහතදී සරසවිය පුවත්පත මඟින් පැවැත් වූ හොඳම දෙබස තරගයෙන් ජයග්‍රහණය ලැබූ ජයග්රාහකයින්ට මෙම මස 31 වැනිදා සවස 7.30 ට කොළඹ රීගල් සිනමා ශාලාවට පැමිණෙන මෙන් අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සහ සහාය අධ්යක්ෂ ඩොනල්ඩ් ජයන්ත විවෘත ආරාධනාවක් කරයි. ශාන්තිගේ ධරණි නිරෝෂන් අරගෙන
නිරෝෂන් ඉලේපෙරුමගේ නවතම ටෙලි සිතුවම ධරණි හි වැඩ කටයුතු ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ විය. ශාන්ති දිසානායකගේ ධරණි නවකතාව ඇසුරෙන් නිර්මාණය වන එහි තිර රචනය සරත් ධර්මසිරිගෙනි. රොෂාන් රවීන්ද්‍ර, දමිතා අබේරත්න, බුද්ධික ජයරත්න, උද්දික ප්‍රේමරත්න, උමයංගනා වික්‍රමසිංහ, ජයනි සේනානායක, තුෂාරි වේහැල්ල, ශාලිකා එදිරිසිංහ, මල්කුමාරි ගීතරාණි, කුමාර වඳුරැස්ස, මනීෂා ශ්‍යාමලී මෙහි චරිත මවති. කසුන් කල්හාර සංගීත අධ්‍යක්ෂවරයාය. රුක්මල් නිරෝෂන්ගේ සංස්කරණයකි. ජයන්ත අබේරත්න සහාය අධ්‍යක්ෂණයෙන් ද, සමන් අතපත්තු නිෂ්පාදන කළමනාකරණයෙන්ද, විශ්ව කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් ද මෙයට දායක වේ. ඉන්දික උදාර ලංකාගේ අංග රචනයකි. අමරසේන වඩුගේ විධායක නිෂ්පාදකවරයාය. ධරණි වසන්ත විජේන්ද්‍රගේ නිෂ්පාදනයකි. ඔස්කා තේමා ගීතය අද රූගත කෙරේශ්‍රී ලාංකේය ගීත නිර්මාණ කේන්ද්‍රයහි (OSCA) තේමා ගීතය රූගත කිරීම මෙම මස 28 වැනිදා එනම් අද සවස 1.30 ට කොළඹ නෙළුම් පොකුණ රඟහල් පරිශ්‍රයේදී පැවැත්වෙයි. මේ සඳහා සහභාගි වන්න යැයි ශ්‍රී ලාංකේය ගීත නිර්මාණ කේන්ද්‍රයේ සියලු සාමාජිකයින්ට විවෘත ආරාධනාවක් කරයි. මෙම තේමා ගීතය ගායක ගායිකාවන් සංගමයේ වත්මන් භාණ්ඩාගාරික රොහාන් ද සිල්වගේ Facebook පිටුවෙහි de silva rohan සඳහා ඇතුළත් කොට ඇති වග නිර්මාණ කේන්ද්‍රය වෙනුවෙන් පණ්ඩුක සමරසේකර පවසයි.
තරුෂිගේ රෑනගල වලව්වට මුල්ගල තැබෙයි
රංගන ශිල්පිණී තරුෂි පෙරේරා ටෙලි කතා රචනයට පිවිසෙන රෑනගල වලව්ව ටෙලි සිතුවමේ මුහුරත් උලෙළ පසුගියදා තලවතුගොඩ දී පැවැත්විණ. එය ජයප්‍රකාශ් සිවගුරුනාදන්ගේ අධ්‍යක්ෂණයකි. සාරංග දිසාසේකර, ආශා එදිරිසිංහ, බුද්ධික ජයරත්න, ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, සුවිනීතා වීරසිංහ, තිසුරි යුවනිකා, නයනා කුමාරි, ඉෂාන් ගම්මුදලි, සුසන්තා චන්ද්‍රමාලි, අයෝමි ශානිකා, නිලන්ති විජේසිංහ, සෝමවීර ගමගේ, සමන් අල්මේදා, බුද්ධික ලොකුකැටිය, නුවනි වලිමුණි මෙහි චරිත මවන නළු නිළියන් වේ. මෙහි කැමරාව තුසිත අනුරාධ මෙහෙයවනු ලබයි.
පෝරිසාදයාට මුල පුරයිබී. සිරිතුංග පෙරේරා අධ්‍යක්ෂණය කරනු ලබන ඔහුගේ දෙවැනි සිනමාපටයෙහි මුහුරත් උලෙළ පසුගියදා බෙල්ලන්විල විහාරස්ථානයේදී පැවත්විණ. එය නම් කොට ඇත්තේ පෝරිසාදයා යනුවෙනි. සිකුරු බවන චිත්‍රපට වෙනුවෙන් චන්ද්‍රසේන පළිහේන නිෂ්පාදනය කරන එහි ශ්‍රියන්ත මෙන්ඩිස්, දර්ශන් ධර්මරාජ්, කමල් දේශප්‍රිය, උදාරි වර්ණකුලසූරිය, උදාර රත්නායක, දමිතා අබේරත්න, අමිල කරුණාරත්න, ප්‍රියන්ත විජේසිංහ, ශාලිකා එදිරිසිංහ, ඩී. බී. ගංගොඩතැන්න, සරත් දික්කුඹුර, ඉමායා ලියනගේ ඇතුළු පිරිස රංගනයෙන් දායක වෙති. පෝරිසාදයා හි කාර්මික අධ්‍යක්ෂණය හර්ෂ උඩකන්දගෙනි. පුතණ්ඩියා උපන් දවස
තිසුල දීප තඹවිටගේ පළමු සිනමාපටය පුතණ්ඩියා හි මංගල දර්ශනය පසුගියදා මාලබේ ස්කයි ලයිට්ස් සිනමා ශාලවේදී පැවැත්විණ. මේ එහි අවස්ථා කිහිපයකි. පුතණ්ඩියා සමන්ත මීඇල්ල සහ මෙත්සිරි කුමාරසිංහගේ නිෂ්පාදනයකි. අද මාසික රැඟුමට විවෘත ආරාධනාශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයෙන් ඉදිරිපත් කරන මාසික රැඟුම් ප්‍රසංග මාලාවේ තවත් පියවරක් අද දහවල් 12.00 ට ගුවන් විදුලියේ ආනන්ද සමරකෝන් මැදිරියේදී සජිවීව පටිගත කෙරේ. වසර කිහිපයක් මුළුල්ලේ පැවැත්වෙන මෙම වැඩසටහන ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන අභාවප්‍රාප්ත තේවිස් ගුරුගේ මැතිතුමන්ගේ සංකල්පයකි. මෙය රොම්ලස් පෙරේරාගේ නිෂ්පාදනයක් වන අතර චන්ද්‍රලාල් තේව හෙට්ටිගේ සහ ධම්මික පී. රත්නායකගේ මාධ්‍ය සම්බන්ධිකරණයකි. සමන් ද සිල්වා, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, යමුනා විනෝදනි ආදී ගායක ගායිකාවන්ගෙන් විචිත්‍රවත් වන මාසික රැඟුම වැඩසටහනට නොමිලේ ඔබ සැමට සම්බන්ධ විය හැකිය. ඒ සඳහා ඔබ සියලු දෙනාට විවෘතව ආරාධනා කෙරේ. සොඳුරු ආගන්තුකයා වැඩ ඇරඹේ
මේ දිනවල විකාශය වන උතුම් පැතුම් ටෙලි සිතුවමේ ලාල්ගේ චරිතයෙන් ඉමහත් ජනාදරයට පත් වූ කපිල කුමාර සමරකෝන්ගේ දෙවැනි ටෙලි නාට්‍ය නිර්මාණය සොඳුරු ආගන්තුකයා හි මූලික වැඩ කටයුතු පසුගියදා බත්තරමුල්ල ජන කලා කේන්ද්‍රයේ අපේ ගම පරිශ්‍රයේදී පැවැති මුහුරත් උලෙළකින් අනතුරුව ආරම්භ විය. ලකී ඩයස්, බුද්ධදාස විතානාච්චි, ගිහාන් ප්‍රනාන්දු, ධනංජය සිරිවර්ධන, රුවංගි රත්නායක, චිත්‍රා වරකාගොඩ , වසන්ත කුමාරසිරි, මොරීන් චාරුනී, බන්දුල විජේවීර, රහල් බුලත්සිංහල, බුවිනි චාපා දියලගොඩ, චරිත් සේනානායක, ගයනා සුදර්ශනී, කුසුම් පෙරේරා, දසුන් නිශාන්, ලක්ෂාන් වාත්තුහේවා, නිලුක්ෂි කවිරත්න මෙහි නළු නිළියන් වේ. සොඳුරු ආගන්තුකයා නිමල් ජයතිලකගේ නිෂ්පාදනයකි. |
||||