වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




සුමිගෙන් අහන්න

මානවසිංහගේ ගෙදරට යෙදූ නමේ තේරුම මොකද්ද?

මීගමුව මහ හුණුපිටියේ යොහාන් කුමාර් ද සිල්වා
ප්‍රශ්නය- ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ යසපාලිත නානායක්කාර චිත්‍රපටවල රඟපෑවාද?
පිළිතුර -
'වසන්ති' චිත්‍රපටයේ ඔහු චරිතයක් රඟපෑවා. රෝසි චිත්‍රපටයේත් සුළු චරිතයක් රඟපෑවා.

පිළියන්දල චාමර විජේසිංහ
ප්‍රශ්නය - 'ජය අපටයි' චිත්‍රපටයට ඇතුළත් වූ ගීත මොනවාද?
පිළිතුර -
සතුටින් නිදැල්ලේ අවසර ලද ඇසිල්ලේ, දිලි දිලි දිලිසේවි මා දෑසේ ආලෝකේ, මා ආදරේ හමුවේ යා වූ දැසේ, මල් පැහෙනා - වෑහේනා යෞවනේ.

අවිස්සාවේල්ල ඉහළ තල්දූව ආනන්ද වික්‍රමාරච්චි
ප්‍රශ්නය - සිරිල් වික්‍රමගේ අධ්‍යක්ෂණය කළ 'කරදිය වළල්ල' චිත්‍රපටයේ තිර නාටකය ධර්මසේන පතිරාජගේ ද?
පිළිතුර -
නැහැ. උදයකාන්ත වර්ණසූරියගේ. එය උදය ලියපු චිත්‍ර කතාවක්. පතිරාජ මේ චිත්‍රපටයට ගීතයක් රචනා කළා. එච්චරයි.

කළුතර උතුර තොටුපළ පාරේ සිරි අබේසේකර
ප්‍රශ්නය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ නිවෙසට යොදා ඇති නම 'වාපි මේඛලා'. මෙහි තේරුම කුමක්ද?
පිළිතුර -
'වැව් මෙවුල' යන්නයි.

දෙමටගොඩ ආරි එගොඩවත්ත
ප්‍රශ්නය - වික්‍රම බෝගොඩ ගැන ඔබ මොනවද හිතන්නේ?
පිළිතුර
- දක්ෂ නළුවෙක්. කවුරු කිව්වත් 'ගොළු හදවතේ' ඔහුගේ රඟපෑම් අසාර්ථකයි කියා මා කියන්නේ නැහැ. බිනරමලී, යුගාන්තය වැනි චිත්‍රපටවල ද ඔහුගේ රඟපෑම් අගය කරන්න පුළුවන්.

දූනගහ බටහිර අධිකාරීමුල්ලේ ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු
ප්‍රශ්නය - 'හඳයා' චිත්‍රපටයෙන් පසු මා දුටු හොඳම චිත්‍රපටය 'හෝගාණ පොකුණ'යි. ඔබේ අදහස කුමක්ද?
පිළිතුර -
'හඳයා' හොඳම ළමා චිත්‍රපටයක් ලෙස මා පිළිගන්නේ නැහැ. ඊට හේතු සාධක සහිතව ලිපියක් මා දැන් ලියාගෙන යනවා.

ගෝනාපල සුනිල් බී. වේහැල්ලේ
ප්‍රශ්නය - සෝනියා දිසා රඟපෑ මුල්ම චිත්‍රපටය කුමක්ද?
පිළිතුර -
'චණ්ඩියා'.

කෑගල්ලේ තටාකය පාරේ තිලකරත්න විල්වල, මැණිකේ විල්වල
ප්‍රශ්නය - මුල්ම 'සරදියෙල්' චිත්‍රපටයේ සරදියෙල්ගේ චරිතය රඟපෑ නළුවා කවුද?
පිළිතුර -
මතායස් ප්‍රනාන්දු.

හැඳල අල්විස් ටවුමේ මිල්ලගහවත්ත පාරේ පාලක සමන් පෙරේරා
ප්‍රශ්නය - 'කොටි වලිගය', 'ඔන්න බබෝ බිල්ලෝ එනවා', 'ඔන්න මාමේ කෙල්ල පැනපි', 'සංඛපාලි', 'චණ්ඩියා', 'චිංචිං නෝනා' වැනි චිත්‍රපටවල පිටපත් තියෙනවද?
පිළිතුර -
'චිංචිං නෝනා' චිත්‍රපටයේ කෙසේ වෙතත් අනිත් චිත්‍රපටවල නම් පිටපත් ඇතැයි මා සිතන්නේ නැහැ.

දෙහිවල නැදිමාලේ කේ. ඩී. කරුණාරත්න
ප්‍රශ්නය - ටෙලි නාට්‍ය කලාවේ මිණි පහනක් ලෙස බැබළුණු මංජුලා කුමාරි දැන් කෝ?
පිළිතුර -
ඇය තවමත් ටෙලිනාට්‍ය රඟපානවා.

රත්නපුරේ විජිත රණතුංග
ප්‍රශ්නය - ඩී. ආර්. නානායක්කාර කලියුග කාලේ චිත්‍රපටයේ ගී ගැයුවාද?
පිළිතුර -
ඔව් විජිත, ඔහු එම චිත්‍රපටයේ ගී ගැයුවා.
මේ අයත් ප්‍රශ්න එවා තිබුණා. මාතර ප්‍රේමසිරි නාරසිංහ, වැලිගල්ලේ එච්. එම්. විජේතිලක, බොරගොඩ වත්තේ කේ. පී. පියසේන, මඩකළපුව හිරුණිකා දිල්ෂානි සසිදරන්, කෑගල්ලේ වෙනුර විමලසූරිය, කැලණිය දයාරත්න ගණේගොඩ , කපුගොඩ මාළිඳ සරත් රණසිංහ, අවිස්සාවේල්ලේ පී. එන්. ඒ. මහේෂිකා, හික්කඩුව සීනිගම ඊ. දයානන්ද ද සිල්වා.

ඔබේ ප්‍රශ්න පහත ලිපිනයට යොමු කරන්න
‘සුමිගෙන් අහන්න’
‘සරසවිය’ ලේක්හවුස්, කොළඹ 10.