වර්ෂ 2016 ක්වූ ජූලි 28 වැනිදා බ්‍රහස්පතින්දා




ඩිරැක්ටර්ගේ හඬ - ඇක්ටර්ගේ රුව

ඩිරැක්ටර්ගේ හඬ - ඇක්ටර්ගේ රුව

චිත්‍රපටයක අධ්‍යක්ෂවරයෙක් එහි ප්‍රධාන නළුවා වෙනුවෙන් ගිතයක් ගැයූ අවස්ථාවක් ගැන ඔබ මීට ප්‍රථම අසා තිබෙනවාද. නැහැ නේද. මේ ළඟදී එහෙම වැඩක් වුණා. චිත්‍රපටයක අධ්‍යක්ෂවරයා එහි ප්‍රධාන නළුවා වෙනුවෙන් පසුබිම් ගීතයක් ගැයුවා. ඒක එක අතකින් වාර්තාවක් ද වෙනවා. චිත්‍රපටය තමයි රන් සයුර. අධ්‍යක්ෂවරයා සුදේශ් වසන්ත පීරිස්. ප්‍රධාන නළුවා වසන්ත කුමාරවිල. සුදේශ් රන් සයුර හි ගැයූ ගීතය වනුයේ රන් සයුර දිගේ. එයට වසන්ත කුමාරවිල අපූරු රංගනයකුත් ඇතුළත් කොට ඊට පෙනී සිටියා.

සිංහල සිනමා ඉතිහාසය තුළදී රන් සයුර රන් වාර්තාවකුත් තිබ්බා එහෙනම්. සුදේශ්ගේ පියා තමයි සුනිල් සෝම පීරිස්. එයත් ඉතින් වාර්තා තියන්න උපන් හපනෙක්නෙ. සුදේශ් පියාගේ අඩි පාරේ යමින් එලෙසම වාර්තා තබනවා. රන් සයුර ළඟදීම තිරයට පැමිණීමට නියමිතයිලු.