|
හොලිවුඩ් ගිය අපේ කෙල්ලහැමදාම අපි හොලිවුඩය ගැන කතා කරනවා. ඒ වගේම බොලිවුඩයෙන් හොලිවුඩයට ගිය අය ගැනත් කතා කරනවා. මේ අතරේ ලංකාවෙන් හොලිවුඩ් ගිය කෙනෙක් ගැනත් අපට අහන්න ලැබුණා. ඇය ශලිනි පීරිස්. ශලිනිට හොලිවුඩ් චිත්‍රපටයක රංගනයට අවස්ථාව ලැබිලා. ඒ Justice League නම් වන සුපිරි වීර චිත්‍රපටයේ රංගනයටයි. බෙන් ඇෆ්ලෙක් බැට් මෑන් ලෙසත්, හෙන්රි කේවිල් සුපර් මෑන් ලෙසත්, ගාල් ගැඩොට් වොන්ඩර් වුමන් ලෙසත්, ජේසන් මෙමො ඇක්වාමන් ලෙසත්, රේ ෆෂර් යිබෝග් ලෙසත් චරිත නිරූපණය කරන මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ සැක් ස්නේඩර්. ලබන වසරේ නොවැම්බර් 17 වැනිදා මෙම චිත්‍රපටය තිරගත කරන්න සූදානම්. සුපර් මෑන්, වොන්ඩර් වුමන්, බැට් මෑන්, සයිබෝග්, ෆ්ලෑෂ් එකතුව මිනිසුන්ට වඩා බලවත් ජීවින් පිරිසක් සමඟින් එක්ව පෘථිවිය බේරා ගැනීමට උත්සහ ගන්නා අයුරු කියන Justice League හි ශලිනි ජෛව උවදුරු කුටියට ඇතුළුවීමට අවසර ඇති සෙබලියකගේ චරිතයක් නිරූපණය කරනවා. මේ අනුව ඇය හොලිවුඩ් සුපිරිවීර චිත්‍රපටයක රංගන වරම් ලද ලාබාළතම ශ්‍රී ලාංකිකයා වෙනවා. මහනුවරදී උපත ලබා ඇති ශලිනි මේ වන විට බ්‍රිතාන්‍යයේ පුරවැසියෙක්. ලන්ඩනයේ Acting program and Arts and Arts Educational පාසැලෙන් රංගනවේදී විශේෂ උපාධිය හිමිකරගෙන ඇති ඇය වෘත්තිය වශයෙන් වේදිකාවේ කටයුතු කර තිබෙනවා. එමෙන්ම The Huntsman: Winter’s War චිත්‍රපටයට ද ඇය දායක වී තිබෙනවා. මීට පෙර ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියන් වූ රූබි ද මැල්, දෙනවක හාමිනේ සහ අයිරාංගනී සේරසිංහ 1984 වසරේ Indiana Jones and the Temple of Doom චිත්‍රපටයට රංගනයෙන් දායක වුණා. ඒ වගේ අපේ අය දායක වූ තවත් චිත්‍රපට රාශියක් තිබෙනවා.
|