|
කටහඬට 18 යි ආශිර්වාද පූජාවක්
ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ ගේ කටහඬ නිවේදන පාඨමාලාව ආරම්භ කොට වසර 18 ක් සපිරීම නිමිතිකර ගනිමින් එළඹෙන අගෝස්තු මස පළමුවැනිදා උදෑසන විශේෂ ආශිර්වාද පූජාවක් අනුරාධපුරයේ ශ්‍රී මහා බෝධිය අභියස පැවැත්වීමට නියමිතය. මේ සඳහා කලා සහෘදයෝ රැසක් මෙන්ම 'කටහඬ' පාඨමාලාවේ සිසු සිසුවියන් සහභාගි වනු ඇත.
නිරුවත් ජීවිත 4 දා එළි දකී
හෙන්රි වර්ණකුලසූරියගේ පස්වැනි කෙටි කතා සංග්‍රහය 'නිරුවත් ජීවිත' අගෝස්තු මස 04 වැනිදා සවස කොළඹ 7 ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී එළි දැක්වෙයි. මෙහි මුඛ්‍ය දේශනය මහාචාර්ය ආරියරත්න ඇතුගල විසින් පවත්වනු ලබන අතර ප්‍රධාන ආරාධිතයා වශයෙන් ප්‍රවීණ පුවත්පත් කලාවේදී සුන්දර නිහතමානී ද මෙල් මහතා සහභාගී වෙයි. එදින 'නිරුවත් ජීවිත' හි පිටපතක් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සුනිල් මාධව ප්‍රේමතිලකයන්ට පිරිනැමීමට ද නියමිතය.
මධුර ජවනිකා මීගමුවේ
දයානන්ද ගුණවර්ධනයන්ගේ විශිෂ්ටතම නාට්‍ය නිර්මාණය මධුර ජවනිකා මෙම මස 31 වැනිදා සවස මීගමුව රුක්මණී දේවි අනුස්මරණ රංග ශාලවේදී පැවැත්වෙයි. බන්දුල විජේවීර, ජැක්සන් ඇන්තනි, රොඩ්නි වර්ණකුල, මාධනි මල්වත්තගේ ඇතුළු පිරිස මෙහි රඟපාති.
සාදය මාරයි කටුගස්තොට
ධර්මප්‍රිය ඩයස්ගේ සාදය මාරයි සල්ලි හමාරයි වේදිකා නාට්‍ය මෙම මස 30 වැනිදා සවස කටුගස්තොට ශාන්ත අන්තෝනි විද්‍යාලයීය ශාලාවේදී වේදිකා ගත වේ. ගිහාන් ප්‍රනාන්දු, ගිරිරාජ් කෞශල්‍ය, ජයනි සේනානායක, දයාදේව එදිරිසිංහ, ධර්මප්‍රිය ඩයස්, ආලෝක සම්පත්, අනුරාධා පෙරේරා සහ අනුරාධ මල්ලවආරච්චි මේ සඳහා රංගනයෙන් දායක වෙති.
|