|
සිංදු උඩු බුරයි
දන්නවනේ ඉතින් තීක්ෂණ අනුරාධ ගැන. ඔහුට හොඳට සිංදු කියන්න පුළුවන් කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනැ නැහැනෙ. මෙයාට ඒ වගේම හොඳට බුරන්නත් පුළුවන්ලු. කවුද දන්නවද එහෙම කිව්වේ ඩිනක්ෂි ප්රියසාද්. ඇය කොහොමද දන්නේ තීක්ෂණට බුරන්න පුළුවන් කියලා. මෙන්න මේ සිදුවීම නිසයි ඇය තීක්ෂණට හොඳට බුරන්නට පුළුවන් කියලා නිගමනයකට ඇවිත් තියෙන්නේ. දෙරණ ස්ටාර් සිටි වැඩසටනට ඩිනක්ෂිත් ඉන්නවනෙ. ඒකෙ පෙර පුහුණුවීමක් තිබිලා තියෙනවා. දුලීකා මාරපනලාගේ ගෙදර ඉන්නවලු තඩි දඩෝරියෙක්. දුලීකට වඩා පොඩ්ඩයි කෙට්ටු. ඩිනක්ෂිට ඌ බුරාගෙන පැනලා. යකෙකුටවත් බය නැති ඩිනක්ෂි බල්ලන්ට නම් හරිම බයයි. ඒ බය දැනිල ද මන්දා දඩෝරියෙක් ඩිනක්ෂිට බුරාගෙන පැනලා. අනේ ඉතින් කලබල වුණු ඩිනක්ෂි නිවසේ ඉස්තෝප්පුව ළඟ තිබුණු කාමරයකට රිංගලා. දොර අස්සෙන් බලපුවාම දුලීකා ඇවිත් දඩෝරියව කැඳවාගෙන ගේ ඇතුළට යනවා පෙනුණලු. ඒත් සමඟම ඇය කාමරයෙන් එළියට එන්න හදලා. ඔන්න එතකොටම දොර අයිනෙන් මහ හයියෙන් බල්ලෙක් බුරනවා ඇහෙනවලු. ඩිනක්ෂි දඩෝං ගාලා දොර වහගෙන ඇතුළට ගිහින්. ඔන්න එතකොට එළිය අය හිනා වෙනාව ඇහුණලු. ඩිනක්ෂි දොර ඇරලා බලද්දී බල්ලෙක් තියා බලු නඟුටක්වත් නැතිලු. බල්ලෙක් වගේ බුරලා තියෙන්නේ මේ තීක්ෂණ මලයා. ඔච්චර තීක්ෂණගේ සිංදු අහන ඩිනක්ෂිට අඳුර ගන්න බැරි වෙලා තීක්ෂණගේ වොයිස් එක. අර දඩෝරියා වගේම බිරුවලු. ඔය කතාව අහපු කිහිප දෙනෙක්ම කිව්වලු දුලීකා බලුහාමිට සිංදු කියන්න ඉගැන්නුවා නම් තීක්ෂණ වගේ සිංදු කියයි කියලා.
|