|
මෙහෙමත් චොර පටළැවිල්ලක්
කුමාර රණපුරයි යාළුවෙකුයි ගිිහින් චිත්රපටයක් බලන්න. කොහොමත් මෙයා ටිකක් කල්වේලා ඇතුව වැඩ කරන නිසා එදත් ටිකක් කලින් හෝල් එකට ගිහිල්ලා. තවම පෙර දර්ශනය ඉවර නැති නිසා කුමාර පොඩ්ඩක් එළියට ඇවිත් වටයක් ඇවිද්දලු. ඔය අතරතුරදී කොහෙද ඉඳන් ආව පුද්ගලයෙක් කුමාර ගාව නැවතිලා 'හානේ මේ මං හරි ආස කෙනෙක්නේ, ඔබතුමාව මං නිතරම ටී. වී. එකෙන් දකිනවා' එහෙම කීවම කුමාරට පොඩි ආඩම්බරමක් ආවලු. ඔහු හිනාවේවී ඉන්න අතරේ අර පුද්ගලයා කුමාර ගැන මහ ඉහළින් වර්ණනා කරනවලු. 'මං මහත්තයගේ සින්දුවලට හරිම කැමැතියි. මගේ දරුවොත් එහෙමයි' ඒ වචන ටික එක පාරටම ඇසුණලු. කුමාර ගැස්සිලා. ඇයි ඉතින් කුමාර නළුවෙක් මිස ගායකයෙක් නෙවෙයිනේ. හැබැයි එවලේ ඉඳලා අර තැනැත්තා වර්ණනා කරන්නෙම කුමාර ගායකයකු හැටියට හිතලලු. මොකක් හරි වැරදීමක් වෙන්න ඇති කියලා කුමාර ෂේප් වෙන්න හදලා. 'එහෙනම් නලීන් මහත්තයෝ මමත් යනවා' කියලා අර කෙනා ගියාලු. බැලින්නම් නලින් පෙරේරවයි කුමාර රණපුරවයි ඔහුට පැටලිලා. කුමාරව මෙතෙක් වර්ණනා කළේ නලීන් කියලා හිතලලු.
|