|
වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයරොෂාන් රණවන ප්‍රබල රංගනයකනලින් රාජපක්ෂ දෙවැනි සිනමා නිර්මාණය
පාදඩකරණය වූ සමාජයක රජයන්නේ භීෂණය හා ප්‍රචණ්ඩත්වයයි. සාධාරණත්වය, මනුෂ්‍යත්වය, ආදරය එවන් සමාජයකට ගව් ගණනක් දුරය. එහෙත් යොවුන් දෙහදක විකසිත වන සොඳුරු පෙම් ප්‍රර්ථනා ඒ කිසිදු අභියෝගයක් ඉදරියේ මිලිනව යන්නේ නැත. එවන් වූ අමිල සෙනෙහසක හද ගැහෙනා රිද්මය ‘The Rainbow - රන් දේදුන්නක්’ චිත්‍රපටයට පාදක වී තිබේ. අඟර දඟර චිත්‍රපටයෙන් ප්‍රේක්ෂක හදවත් දිනූ යොවුන් අධ්‍යක්ෂ නලින් රාජපක්ෂ මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වේ. ප්‍රවීණ, නවීන ජනප්‍රිය නළු නිළියන් රැසක් සමඟ ළඟදීම රිදී තරය මත දිග හැරෙන ‘The Rainbow - රන් දේදුන්නක්’ සටන්කාමි හෙළ සිනමාවේ පෑයූ රන් දේදුන්නයි. නොඑසේ නම් වෙඩි නොවදින ආදරයක දේදුණු චමත්කාරයයි.
‘The Rainbow - රන් දෙදුන්නක්’ චිත්‍රපටයේ කතා සාරාංශය මෙසේය. කලබලකාරී කොළඹ නගරයේ තැනින් තැන කඩිමුඩියේ මිනිසුන් ගමන් කරනු පෙනේ. තරමක් ඇඳිරි වැටුණු අවස්ථාවක මාවතක් දිගේ පැමිණෙන ත්‍රීවිල් රථයකින් අවුරුදු විසිපහක පමණ කඩවසම් තරුණයෙකු බසී. ඔහු නමින් රොෂාන්ය. රොෂාන් ත්‍රීවිල් රථයෙන් බහින අවස්ථාවේ පිටුපසින් දිව එන තරුණියක් රොෂාන්ගේ ඇඟේ හැපෙයි. ඇය නමින් නිෂානිය. පත්තර වාර්තාකාරියක් වන නිෂානි හොර සල්ලි තිප්පොළක් ඡායාරූප ගැනීමට ගිය අවස්ථාවේ ඇය හොර මැරයින්ට අසුවේ. ඔවුන්ගෙන් බේරීමට දිව එන අවස්ථාවේ හදිසියේ රොෂාන් හමුවේ. ඇය පසුපස එන මැරයින් නිශානි, රොෂාන් සමඟ සිටි නිසා ඇයව හඳුනා ගැනීමට නොහැකිව එතනින් පිට වේ. ඔවුන් නික්ම ගිය පසු පැමිණෙන ත්‍රීවිල් රථයකට අත දමන නිශානි රොෂාන්ට ස්තූති කොට ත්‍රීවිල් රථයේ නැග පිට වෙයි. සිදු වූයේ කුමක්දැයි රොෂාන්ට සිතා ගැනීමට නොහැකිව බලා සිටියි. රොෂාන් කොළඹට පැමිණෙන්නේ ඔහු සමඟ සරසවියේදී ළඟින්ම ඇසුරු කළ ශිවා හමුවීමටය. ශිවා දමිල තරුණයෙකි. මව, පියා, නැගණිය සමඟ සිටින ශිවා කායවර්ධන ආයතනයක් පවත්වාගෙන යයි. ශිවාගේ නිවසට ඇතුල් වන රොෂාන් ශිවාගේ දෙමව්පියන් ආදරයෙන් පිළිගන්නේ ශිවාට සරසවියේදී සිටි හොඳම මිතුරා රොෂාන් බව දන්නා හෙයිනි. රොෂාන් යම්කිසි සිදුවීමක් ශිවාට පැවසුව පසු රොෂාන්ට ඕනෑම උදව්වක් කරන බව පවසයි. ටික කලකට රොෂාන් තමාගේ කායවර්ධන ආයතනයේ වැඩ කරන බව ශිවාගේ මව්පියන්ට පවසයි. ඉතාමත් ඕනෑකමින් කායවර්ධන ආයතනයේ වැඩ කටයුතු කරන රොෂාන් කීපවතාවත් නිශානි අතරමඟදී මුණ ගැසුණද නිශානි රොෂාන්ව මඟ හරියි. මේ අතර නිශානි ලුහුබඳිමින් මැරයින් කීප වතාවක්ම නිශානිව කොටු කර ගැනිමට මාන බලයි. දිනක් නිශානි ලුහුබඳිමින් මැරයින් පැමිණෙන අවස්ථාවක නැවතත් රොෂාන් පැමිණ ඇයව බේරා ගනී. ඉන් පසු සමීප ඇසුරක් ඇති කර ගන්නා රොෂාන් සහ නිශානි නිතර නිතර මුණ ගැසෙයි.
දිනක් රොෂාන්ට තම නැගණිය වන රශ්මි උපකාරක පන්තියක ඇරලවන ලෙස ශිවා ඉල්ලා සිටී. එහි ගිය අවස්ථාවේ මැදිවියේ යුවළක් රොෂාන් සමඟ ඉතාමත් ගෞරවයෙන් කතා කරයි. රොෂාන්ගේ නෑදෑයින් කිසිවෙක් කොළඹ නොමැති බැවින් ඔවුන් කවුදැයි රොෂාන්ගෙන් අසන රශ්මි විමිතියට පත්වේ. ගමේ දන්නා හඳුනන අය බව පවසමින් රොෂාන් කතාව මඟ හරියි. තවත් දිනක නිශානි සමඟ පැමිණෙන රොෂාන් පොලිස් මුරපලක නවත්වයි. එහිදී එක් උප පොලිස් පරීක්ෂකවරයෙකු වන රාජපක්ෂ, රොෂාන් සමඟ ඉතාමත් කුළුපඟව කතා කරනු දකින නිශානි රොෂාන් ගැන විමසිල්ලෙන් පසු වෙයි. රොෂාන් සහ නිශානි අවන්හලක සිටින අවස්ථාවක නිශානි ලුහුබඳින ඇමතිවරයාගේ මැරයින් නිශානි පැහැරගෙන යෑමට සැරසෙත්ම රොෂාන් ඔවුන් හා සටන් කර නිශානි බේරා ගනී. එක් මැරයෙකු රොෂාන් හඳුනාගෙන රොෂාන්ගේ ගමේ සිටින වික්ටර් නැමැති මැර නායකයෙකුට රොෂාන් කොළඹ සිටින බවට දුරකථන ඇමතුමක් දෙයි. වහා ක්‍රියාත්මක වන වික්ටර් සහ මැර කණ්ඩායම රොෂාන් සොයා කොළඹට පැමිණෙයි. නිශානිගේ පියා ද හිටපු පත්තර වාර්තාකරුවකු වන අතර දූෂණයක් හෙළි කරමින් පත්තර වාර්තාවක් ලියූ බැවින් මැර කණ්ඩායමක් විසින් නිශානිගේ පියා සහ මව ඝාතනය කරයි. ඉන් පසු නිශානි හැදී වැඩුණේ බණ්ඩාරවෙල ළමා නිවාසයකයි. සුනාමියෙන් අනාථ වුණු කුඩා ගැහැනු ළමයෙකු නිශානිගේ වියදමින් ළමා නිවාසයේ හැදී වැඩෙයි. තමා සමග සිය නැගණිය බැලීමට බණ්ඩාරවෙල යෑමට නිශානි රොෂාන්ට කතා කරයි. රොෂාන් ඉතා කැමැත්තෙන් නිශානි සමඟ බණ්ඩාරවෙල යයි.
වික්ටර් සහ මැර පිරිස කොළඹ පීරමින් රොෂාන් සොයා අවසානයේ ශිවාගේ නිවස සොයා ගනී. එකවරම ශිවාගේ නිවසට කඩා වදින මැරයන් රොෂාන් ඉන්නා තැන අසා නිවැසියන්ට කරදර කිරීමට සැරසෙයි.ඉන්පසු ශිවා රොෂාන් ඉන්නා තැන පෙන්වීමට ඉදිරිපත් වී මැරයින් සමඟ මැරයින්ගේ වාහනයේ පිට වෙයි. අතරමඟදී රොෂාන් සිටින්නේ මෙතනැයි පවසන ශිවා රථයෙන් බැස රොෂාන් සමඟ තිබෙන ගනුදෙනුව තමන් සමඟ බේරා ගන්නා ලෙස පවසා මැරයින් සමඟ සටන් කරයි. එහෙත් වීරරත්න ඇමතිගේ දරුණු මැරයෙකු ශිවාට පහරදී මාරාන්තික තුවාල ඇති කරයි. බණ්ඩාරවෙල සිට පැමිණෙන රොෂාන් සහ නිශානි ශිවාට පහර දී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගන්නා බව දැනගත් ඔවුන් වහාම රෝහලට යයි. ශිවා දැඩි සත්කාර ඒකකයේ අසීරු තත්ත්වයක සිටී. වික්ටර් පැමිණ රොෂාන් සොයා ශිවාට පහර දුන්නේ මන්දැයි ශිවාගේ දෙමව්පියන් මෙන්ම නිශානි සත්‍ය පවසන ලෙස රොෂාන්ට බල කරයි. තවදුරටත් සත්‍ය සඟවා ගත නොහැකිව රොෂාන් සියලුම දේ අතීත ආවර්ජනයෙන් පවසයි. රොෂාන් ගමට ගොස් රැකියාවක් අපේක්ෂාවෙන් පසු වෙයි. සාමාන්‍ය පෙළ සිසුන්ට නොමිලයේ පන්ති පවත්වන රොෂාන් ගමේ ඉතාමත් ගුණගරුකව ජීවත් වෙයි. රොෂාන්ගේ මව මිය ගොස්ය. පියා ගමේ විදුහල්පතිවරයෙකු ලෙස ගමේ සැමගේම ගෞරවයට පත් වේ. රොෂාන්ගේ නැගණිය උසස් පෙළින් පසුව සරසවිය වරම් බලාපොරොත්තුවෙන් සිටී. ගමගේ නැමැති වංක දේශපාලකයෙකු වන හිටපු මන්ත්‍රීවරයෙක් ද මෙවර ඡන්දයට ඉදිරිපත් වෙයි. ඉතාම අවංකව දේශපාලනය කරන ඔහු රොෂාන්ගේ පියා සමඟ ළඟින් ඇසුරු කරයි.
සිය මත්කුඩු පොලීසියට කොටු කර දුන් බැවින් වික්ටර්ගේ සොයුරා විසින් රොෂාන්ගේ පියාට පහර දෙන අවස්ථාවේ රොෂාන් පැමිණ ඔවුන් හා සටන් කරයි. එහිදී රොෂාන්ගේ දරුණු ප්‍රහාරයකින් වික්ටර්ගේ සොයුරා දරුණු ලෙස රෝගාතුර වී කෝමා තත්ත්වයට පත්වේ. එදා සිට රොෂාන් මරා දැමීමට උත්සාහ කරන වික්ටර් රොෂාන් කොටු කර ගැනීමට මාන බලයි. ගමේ අයවලුන්ගේ සහ රොෂාන්ගේ පියා සහ නැගණියගේ බලවත් ඉල්ලීම නිසා රොෂාන් අකමැත්තෙන් වුවද ගමෙන් පිට වී කොළඹට පැමිණ ශිවාගේ නිවසේ සිටින බව රොෂාන් අතීත ආවර්ජනයෙන් පවසයි. වීරරත්න ඇමතිගේ මැරයින් සහ වික්ටර් එක්ව නිශානිව පැහැරගෙන ගොස් ප්‍රාණ ඇපකාරියක් ලෙස රඳවා නිශානි බේරා ගැනීමට අවශ්‍ය නම් රොෂාන්ට තම තිප්පලට පැමිණෙන ලෙස වික්ටර් රොෂාන්ට දන්වයි. ඒ බිහිසුණු හෝරාවේ රොෂාන්ගේ ජීවන ඉරණම විසඳෙන්නේ කෙළෙසකද? රොෂාන් - නිශානිගේ ආදරයට කුමක් වේවිද? මේ සියල්ලට පිළිතුරු රැගෙන ‘The Rainbow - රන් දේදුන්නක්’ ළඟදීම රිදී තිරය මත පායනු ඇත.
|