|
ලේඩි ගාගා - ටේලර් කිනි විවාහ ගිවිසුමේ අවසානය
ජනප්‍රිය ගායිකා ලේඩි ගාගා සහ නළු ටේලර් කිනී විවාහ ගිවිසගෙන වසර පහක් ගත වෙලා. විවාහ ගිවිස ගෙන මේ තරම් කාලයක් ගත වුණත් ඔවුන් ප්‍රසිද්ධියේ විවාහ වූයේ නම් නැහැ. පසුගියදා මේ දෙදෙනා ගැන අලුත් ආරංචියක් අසන්න ලැබුණා. ඒ ඔවුන් වෙන් වූ බවයි. ඔවුන්ගේ ළඟම හිතවතුන් පවසන්නේ ගාගා සහ කිනීගේ මේ වෙන්වීම අතිශය පෞද්ගලික දෙයක් සේ සළකා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු නොවන බවයි. කෙසේ නමුත් මොවුන්ගේ වෙන්වීම රසික රසිකාවන්ට නම් ගෙන ආවේ ලොකු කනස්සල්ලක්. ඊට හේතුව මේ දෙදෙනා ඉතා සතුටින් සිටි යුවළක් ලෙසින් ලද ප්‍රසිද්ධිය යි. බොහෝ දෙනා පවසන්නේ මේ දෙදෙනා අසතුටින් සිටි අවස්ථා විරල නිසා මේ පුවතින් කම්පනයට පත් වූ බවයි.
ගැරී මාෂල්් සමු ගනියි
හොලිවුඩයේ චිත්‍රපට සහ රූපවාහිනි කතාමාලා විෂයන්හි දිගු ඉතිහාසයක් ඇති ප්‍රසිද්ධ රංගන ශිල්පියෙකු, තිර රචකයෙකු, නිෂ්පාදනයෙකු මෙන්ම අධ්‍යක්ෂවරයෙකුද වන ගැරී මාෂල් පසුගියදා ජිවිතයෙන් සමු ගත්තා. මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 81ක්. 1950 දශකයේදී රංගන ශිල්පියෙකු ලෙසින් කරළියට පැමිණි ඔහු මේ වසර දක්වාම කලා ක්ෂේත්රයේ කිසිදු කටයුත්තක් අත් හැරියේ නැහැ. ‘වැලන්ටයින් ඩේ’, ‘නිව් ඉයර්ස් ඊව්’ සහ ‘මදර්ස් ඩේ’ ඔහු මෑත කාලයේ රංගනයෙන් දායක වූ චිත්‍රපට. මිය යන විට ගැරී රූපවාහිනි වැඩසටහන් සහ චිත්‍රපට අනූවකට පමණ සිය දායකත්වය ලබා දී තිබුණා.
ඩීසල්ගේ සතුට
නැවතත් එන්න ලැබීම ගැන ගොඩක් සතුටෙන් ඉන්න හොලිවුඩ් නළුවෙක් ඉන්නවා. නැවතත් එනවා කියන්නේ ඔහුගේ අලුත්ම චිත්‍රපටය තිරගත වෙනවා කියන එකයි. ඔහු වින් ඩීසල්. වින් ඩීසල් නැවතත් එන්නේ xXx චිත්‍රපට මාලාවේ The Return of Xander Cage චිත්‍රපටය සමඟින්. මෙම චිත්‍රපට මාලාවේ පළමු වැන්න 2002 වසරේදීත් 2005 වසරේදී දෙවැන්නත් නිකුත් වුණා. නමුත් දෙවැන්නේ වින් ඩීසල් වෙනුවට හිටියේ අයිස් කියුබ්. භයානක ක්‍රීඩාවල නිරත වෙන්නෙක් රහස් ඔත්තුකරුවෙක් වීම ගැන කතාවක් එහි කියවෙනවා. 2017 වසරේදී තිරගත වෙන්න නියමිත අලුත්ම චිත්‍රපටය බොහොම භයානක ආයුධයක් ගැන තමයි කියන්නේ. මෙම චිත්‍රපටයේ සැමුවෙල් එල් ජැක්සනුත් රංගනයෙන් දායක වෙනවා. මේ චිත්‍රපටයේ ක්‍රියාදාම ගැන නම් අමුතුවෙන් කියන්න වුවමනා නැහැ. මේ දෙදෙනාට අමතරව බොලිවුඩ් නිළි දීපිකා පදුකෝනුත් මෙම චිත්‍රපටය සමඟින් හොලිවුඩ් වරම් ලැබුවා.
මිනිසුන් අතර හොර රහසේ නයිට්‍රන්
ස්ටැන් ලී කියන්නේ චිත්‍රකතා කලාවේ රජෙක් වගේ කෙනෙක්. ඉහළ ජනප්‍රියත්වක් ලද මාවෙල් චරිත ගොඩක් නිර්මාණය කළෙත් ඔහු. ලී දැන් තවත් අලුත් චරිතයක් හඳුන්වා දෙන්න සූදානමින් සිටින බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා. මේ අලුත් චරිතයේ නම ‘නයිට්‍රන්’. ලී විසින් නයිට්‍රන් කැඳවා ගෙනවිත් හඳුන්වා දෙන්නේ බෙනරෝයා ප්‍රකාශන ආයතනය සමඟින්. ප්‍රථමයෙන් චිත්‍රකතා පොතක් එළිදක්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. අනතුරුව එය චිත්‍රපට නිෂ්පාදන ආයතන හා රූපවාහිනි ආයතන වෙත ලබා දෙන්න නියමිතයි. හැබැයි ලී නම් වැඩිය මේ ගැන කතා කරන්නේ නැහැ. බෙනරොයා ආයතනය නම් කියන්නේ නයිට්‍රන් බොහොම බුද්ධිමත් සංකීර්ණ ජීවියකු බවයි. ඒ වගේම ඔහු හොර රහසේ මිනිසුන් අතර ජීවත්වන බවත් ආරංචියි. නයිට්‍රන් දකින්න නම් අපට 2017 වසර උදා වෙන තෙක් බලාගෙන ඉන්න සිදුවෙනවා.
ෆොක්ස් නිවුස් සභාපතිට අතවර චෝදනාවක්
ජනප්‍රිය අමෙරිකානු රූපවාහිනි වැඩසටහන් ඉදිරිපත් කරන්නියක මෙන්ම නිෂ්පාදිකාවද වන ග්රෙචන් කාර්සල් තමන්ට සිදු වූ ලිංගිත අතවරයකට එරෙහිව නඩු මඟට පිවිසිලා. 1989 වසරේ මිස් අමෙරිකා කිරුළ දිනූවේද ඇය යි. ග්රෙචන් මේ නඩුව දාලා තියෙන්නේ සුප්‍රකට ෆොක්ස් නිව්ස් ආයතනයේ සභාපති රොජර් ඒලිස්ට එරෙහිවයි. මේ සිදුවීම සිදුවෙලා දැනට වසර දහයක් ගත වෙලා. ග්රෙචන් කාර්සල් කාලයක් ෆොක්ස් නිවුස් ආයතනයේ සේවය කළ අයෙක්. ඒ කාලයේදී මේ අනව්‍ය බලපෑම සිදු වූ බවට ඇය චෝදනා නඟනවා. කෙහොම වුණත් මාධ්‍ය ආයතනයේ සියලු දෙනාම ගත්තේ රොජර්ගේ පැත්තයි. 76 හැවිරිදි රොජර් ට්වෙන්ටි ෆස්ට් සෙන්චුරි ෆොක්ස් ආයනයේ අනු ආයතනයක් වන ෆොක්ස් නිවුස් සමඟින් වූ සේවා කාලය වසර 20ක්. නමුත් මේ වනවිට රොජර්ට ෆොක්ස් නිවුස් මාධ්‍ය ආයතනයෙන් ඉවත් වෙන්න සිදු වෙලා. වර්තමානයේ එහි වැඩ බලන්නේ මාධ්‍ය ක්ෂේත්රයේ දැවැන්තයෙක් වන 85 හැවිරිදි රූපට් මර්ඩොක්. |