|
පේ‍්‍රමයේ සුවය
බොලිවුඩ් නිළියක වූ ඇමෙන්ඩා බයින්ස් වසර ගණනාවක් පුරා පීඩා විඳි මානසික රෝගයෙන් මිදිලා දැන් ප්‍රේමණීය ජිවිතයක් ගැන හිතන්න පටන් අරන්. නමුත් තවමත් ඇය මවගේ භාරකාරත්වයේ සිටින්නේ. දැන් ඇය ස්ථාවර නිසා ප්‍රේමවන්තයෙක් සොයා ගත්තාට වරදක් නොමැති බව වෛද්‍යවරුන් පවසනවා. නමුත් වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ ඇමෙන්ඩා තමන්ගේ ගමන බොහොම සෙමින් යා යුතු බවටයි. පසුගිය කාලයේ ඇය සිය ප්‍රේම සම්බන්ධතා නිසා බෙහෙවින් පීඩා වින්ඳා. අමෙන්ඩා පවසන්නේ තමා දැන් ආරක්ෂිත බව හැඟෙන බවයි. ඇයගේ මිතුරු මිතුරියන් නම් පවසන්නේ යළිත් ප්‍රේම සබඳතාවයක් අරඹන්න් නම් ඇය එය ප්‍රසිද්ධියට පත් නොකර සිටීම මනස යථා තත්ත්වයට පත්වීමට උපකාරි වනු ඇති බවයි. අමෙන්ඩා කියන්නේ හැමදේම තමන්ට අවශ්‍ය ආකාරයෙන් තිබිය යුතු යැයි සිතන චරිතයක්. මේ ලෙසින් මනස අවුල් වෙන්න හේතුවත් එය යි. ළමා නිළියක ලෙසින් රූපවාහිනි ක්ෂේත්රයෙන් රංගනයට පිවිසි ඇය What a Girl Wants, She’s the Man, Hairspray, Sydney White වැනි චිත්‍රපටවල ඇය චරිත නිරූපණය කළා.
අලුත් ලාරා ක්‍රොෆ්ට් චරිතය ඩේසි රිඩ්ල් හට
ඇන්ජලීනා ජොලි රඟපෑ ‘ටූම් රයිඩර්’ නම් චිත්‍රපට මාලාව යළිත් නිර්මාණය කරන්න යන බව හොලිවුඩයෙන් ආරංචි වෙනවා. එහි ඇන්ජලීනා පණ පෙවු ලාරා ක්‍රොෆ්ට්ගේ චරිතයට යෝජනා වී තියෙන්නේ ‘ස්ටාර් වෝස් - ද ෆෝස් අවේක්නස්’ හි රඟපෑ ඩේසි රිඩ්ල්. ඩේසි දැනටමත් ‘ටූම් රයිඩර්’ නිර්මාණ කණ්ඩායම සමඟ සාකච්ඡා කළ නමුත් ඒ චරිතය වෙනුවෙන් තමාට ආරාධනා නොකළ බව පවසනවා. ලන්ඩනයේ පැවැති එම්පයර් චිත්‍රපට උලෙළේදී හොඳම නැගි එන නිළිය වුණෙක් ඩේසි රිඩ්ල්. ඩේසිගේ වයස අවුරුදු 23ක්. ස්ටාර්වෝස් මීළඟ චිත්‍රපටයේ රංගනය දැනටමත් ඇය භාරගෙන අවසන්. ස්ටාර්වෝස් වගේම ටූම් රයිඩර්හි චරිතයනත් සාර්ථකව ඉදිරිපත් කරන්න තමාට හැකියාව ලැබෙනු ඇති බව ඇය පවසවා.
සොසේජ් පාටි
සුපිරි වෙළඳ සැල් තුළින් භාණ්ඩ මිලදී ගන්න අයට ඒ ආහාරවල ලෝකය පෙන්වන අපූරු කතාවක් ගොඩනැඟි තියෙනවා. සෙත් රෝගන්, ක්‍රිස්ටීන් වීග්, ජොනා හිල්, සල්මා හයේක් ඇතුළු පිරිසකගේ හඬ දායකත්වයෙන් ගෙන එන ‘සොසේජ් පාර්ටි’ සුපිරි වෙළඳ සැලක් තුළට පිවිසෙන ඔබට අලුත් කතාවක් ගෙන එනවා. මෙහි තියෙන අන්දමට සුපිරි වෙළෙද සැලේ තිබෙන ආහාරයන්ගේ අදහස පාරිභෝගිකයෙකු තමන් තෝරා ගැනීම ලොකු ජයග්‍රහණයක් බවයි. නමුත් නිවෙසක් වෙත ගිය පසු තමන්ට අත්වන ඉරණම ඔවුන් දැන ගන්නේ එහි ගිය පසුවයි. පසුව මේ තත්ත්වය වටහා ගන්නා ආහාර එම සුපිරි වෙළෙඳ සැලෙන් හොර රහසේ පිටවී යාමට විවිධ උපක්‍රම යොදයි. පරිගණ සජීවකරණ තාක්ෂණයෙන් නිර්මාණය වූ ‘සොසේජ් පාර්ටි’ තිරගත වෙන්නේ ලබන අප්‍රේල් මාසයේදී යි. නමුත් මේ චිත්‍රපටය වඩාත් සුදුසු වන්නේ වැඩිහිටියන්ටයි.
ෆ්රොසන් දෙවැන්නට
Frozen චිත්‍රපටය පසුගිය 2013 වසරේ වාර්තා ගත පරිගණක සජීවකරණ චිත්‍රපටයක් බවට පත් වුණා. 2013 වසරේ ඉහළම ආදායම් ලද පරිගණක සජීවකරණ චිත්‍රපටය සේම, සර්ව කාලීන ඉහළ ආදායම් ලද පරිගණක සජීවකරණ චිත්‍රපටය සහ සර්වකාලීන ඉහළම ආදායම් ලද චිත්‍රපට අතරේ නමවැන්න වෙනවා. ලොවපුරා ප්‍රදර්ශනයෙන් Frozen චිත්‍රපටය අමෙරිකානු ඩොලර් මිලියන 1.276ක ආදායමක් වාර්තා කළා. මේ සාර්ථකත්වය නිසාම වෝල්ට් ඩිස්නි ආයතනය එහි දෙවැන්න නිර්මාණය කරන්නත් තීරණය කරලා. පසුගිය දවසක මේ ගැන හෙළි කළේ ක්රීස්ටීන් බෙල්. එහා ඇනාගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන්නේ ඇය යි. මෙහි තිර පිටපත දැනටමත් ලියා අවසන්. ලබන මාසයේදී එහි හඬ කැවීම් ආරම්භ කරන්නත් කටයුතු යොදලා තියෙන්නේ. ක්‍රිස්ටීන් නම් කියන්නේ එහි කතාවත් හරිම ලස්සනයි කියලයි. “Frozen චිත්‍රපටයේ අපේ ජීවිතවලත් අත්විඳි ඇතැම් දේ තියෙනවා. එහි දෙවැනි නිර්මාණයටත් සහභාගි වෙන්න ලොකු ආසාවකින් ඉන්නේ.” ක්‍රිස්ටීන් පවසනවා. මේ සතුට නිසාම ඇය එලිසාගේ චරිතයට හඬ දායකත්වය ලබා දෙන ඊඩ්නා මෙන්සල් සමඟින් පළමු චිත්‍රපටයේ ගීත ගායනා කරලා අන්තර්ජාලයට ඇතුළත් කරලා.
පොප් කුමරුගේ රජ වැඩක්
ජස්ටින් ටිම්බලේක් සහ ෆැරල් විලියම්ස් වර්තමාන සංගිත ක්ෂේත්රයේ ඉහළ ජනප්‍රියත්වයක් ලද නිර්මාණකරුවන් දෙදෙනෙක්. මේ දෙදෙනා එකතු වෙලා අලුත් වැඩක් කරන්න හදනවා කියලා ආරංචියි. දැන් මේ දෙදෙනා දවසෙන් වැඩි කාලයක් ශබ්දාගාරයේ ගත කරන බවත් අලුත් නිර්මාණ කටයුත්තක් වෙනුවෙන් වෙහෙසෙන බවත් ඔවුන්ගේ හිතවතුන් පවසනවා. ජස්ටින් සංගීත ක්ෂේත්රයේ වගේම රංගන ක්ෂේත්රයේද කැපී පෙනෙන නළුවෙක්. විචාරකයන් ඔහු හඳුන්වන්නේ පොප් කුමරු වගේම පොප් අධිපති ලෙසින්. අමෙරිකාවේ ජනප්‍රිය රැප් ගායකයෙකු වූ ෆැරල් බිල් බෝඩ් සංගීත සම්මාන, ග්‍රැමී සම්මාන, බීබීස් සංගීත සම්මාන ඇතුළු සම්මාන රැසකට හිමිකම් කියනවා. |