|
2016 වසරේ ස්ලිම් නිල්සන් සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායකට
දසවසරක් පිට පිටම සම්මාන දිනා වාර්තාවක්
2016.03.26 වන දින සවස7.00 සිට වෝටර්ස් එජ් හීදී 10 වන වතාවටත් විශාල ජනතාවක් ඉදිරියේ පැවැත්වුනු ස්ලිම් නිල්සන් ජනතා සම්මාන (SLIM Nielsen People’s Awards) උලෙළේදී "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (SLIM Nielsen People’s Awards People’s Actor of the year) සම්මානයත්, "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ පි‍්‍රයතම රංගන ශිල්පියා" (SLIM Nielsen People’s Awards Youth choice Actor of the year) යන සම්මාන ද්විත්වයම රන්ජන් රාමනායක විසින් ලබාගන්නා ලදි. ඔහු මෙම ස්ලිම් නිල්සන් පීපල්ස් සම්මානය ලැබූයේ පිට පිට 10 වන වතාවටය. දැනට නළුවකු එක දිගට 10 වතාවක් එකම සම්මානයක් ලැබූ වාර්තාවටද රන්ජන් රාමනායක මේ සමගින් හිමිකම් කියයි. "ස්ලිම් නිල්සන් වසරේ ජනතාවගේ නළුවා" (People’s Actor of the year) සම්මානය සඳහා නිර්දේශිත නම් ලෙස ජැක්සන් ඇන්තනී, ජීවන් කුමාරතුංග හා රන්ජන් රාමනායක යන නම් යෝජනා වී තිබිණි, එතුළින් රන්ජන් මෙම සම්මානයේ හිමිකරුවා ලෙස තේරී පත්විය.එමෙන්ම "ස්ලිම් නිල්සන් වසරේ තරුණ තරුණියන්ගේ රංගන ශිල්පියා" (Youth choice Actor of the year) සම්මානය සඳහා හේමාල් රණසිංහ, රොෂාන් රණවන අතරින් රන්ජන් සම්මානය දිනාගත්තේය.
පළමු සිංහල Blue ray තැටිය “හෝ ගානා පොකුණ”
නූතන සිනමා තාක්ෂණයට අනුගත වෙමින් මෙරට සිනමා ඉතිහාසය තුළ ප්‍රථමවරට නිකුත්වන බ්ලූරේ තැටිය ලෙස මේදිනවල අතිසාර්ථකව තිරගත වන හෝ ගානා පොකුණ චිත්‍රපටය ළඟදීම ඉතිහාසයට එක්වෙයි. ඒ එහි නිෂ්පාදකවරයකු වන සුනිල් ටී. ප්‍රනාන්දුගේ අධීක්ෂණය යටතේ ය. මේ වනවිට දින සියය ඉක්මවා ප්‍රදර්ශනය වන හෝගානා පොකුණ ඉන්දික ෆර්ඩිනැන්ඩුගේ අධ්‍යක්ෂණයකි. කුසුම්සිරි ලියනාරච්චි, යශෝධරා සරච්චන්ද්‍ර චිත්රපටයෙහි අනෙකුත් නිෂ්පාදකවරුන්ය.
සිරිපාදේ ගිය උපාලි කීර්තිසේන අතුරුදන්?
ජනප්‍රිය නළු උපාලි කීර්තිසේන පසුගිය පෙබරවාරි 03 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි ඔහුගේ සොයුරිය තමරා කීර්තිසේන සරසවියට පැවසුවාය. මිතුරෙකු සමඟ ශ්‍රී පාද වන්දනාවේ යව බව පවසා ගෙදරින් පිටව ගිය උපාලි පිළිබඳ මේ දක්වා කිසිදු තොරතුරක් නොමැති බව ඇය පවසන්නීය. මේ පිළිබඳව උපාලිගේ මිතුරාගෙන් විමසන විටදී උපාලි නිවෙසට පැමිණි බව ඔහු පැවසූ නමුත් තවමත් උපාලි නිවෙසට පැමිණ නැති බවත් ඇය පැවසුවාය. පසුගිය පෙබරවාරි 10 වැනිදා තෙක් උපාලිගේ ජංගම දුරකථනය ක්‍රියාත්මක වූ බව ඔහුගේ මිතුරන් පැවසූ බවද තමරා සරසවියට පැවසුවාය. උපාලිගේ අතුරුදන්වීම පිළිබඳ වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් දැමූ බවත් මේ පිළිබඳ තොරතුරක් ඇතොත් පහත දුරකථන අංකවලට දන්වන ලෙසත් ඇය දන්වා සිටියි. උපාලි අතුරුදන්වන විට ඔහුගේම ‘සල්ලි’ වේදිකා නාට්‍යයේ නිර්මාණ කටයුතු කරමින් සිටි බවත් තමාරා කීර්තිසේන වැඩිදුරටත් පැවසුවාය. 0718744167 හෝ 0112883843 උපාලි පිළිබඳ යම් තොරතුරක් වෙතොත් ඉහත දුරකතන අංකවලට දන්වන ලෙස ඇය ඉල්ලා සිටියි.
බෙනට්ගේ නෙලා නිමයි
සම්මානනීය සිනමා අධ්‍යක්ෂක බෙනට් රත්නායකගේ නවතම සිනමා පටය වූ නෙලා හි රූගත කිරීම් පසුගියදා නිමවිය. මෙය ඔහුගේ සිව්වැනි සිනමා නිර්මාණයයි. පාලිත සිල්වා, රොෂාන් පිලපිටිය, ශලනි තාරක, උදාර රත්නායක, සේමිනී ඉද්දමල්ගොඩ, තුමිදු දොඩම්තැන්න, තාරුකා වන්නිආරච්චි, උදාරි පෙරේරා, අනුර ධර්මසිරිවර්ධන, ට්‍රිම් අර්ලි, අජිත් දාබරේ, ට්‍රිනි වාස්, මෙහි චරිත පවති. රුවන් කොස්තා කැමරා අධ්යක්ෂවරයා, චාමර සේලාරගේ සහාය අධ්‍යක්ෂණයකි. දමින්ද මඩවල නිෂ්පාදන කළමනාකරු වේ. ලාල් හවීන්ද්‍රනාත් කලා අධ්‍යක්ෂණයෙන් ද, සුරේෂ් මාලියද්ද සංගීත අධ්‍යක්ෂණයෙන් ද, අතල සුල්තානගොඩ ඇඳුම් නිර්මාණයෙන් ද නෙලා සඳහා දායක වූහ. නෙලා සමන්මලී හේවාමාන්න, එච්. ඩී. පේ‍්‍රමසිරි සමඟ ඩිලාන් ප්‍රනාන්දු නිෂ්පාදනයකොට තිබේ.
නෝනා හරිම වසයි වැඩ ඇරඹේ
"වක්කඩයක් කැඩුවා වගේ කට ඇරියාම" යන්න තේමාව කරගනිමින් එරංග සේනාරත්න තම නවතම සිනමාපටයෙහි වැඩ කටයුතු ආරම්භ කරනු ලැබුවේය. එය නම් කොට ඇත්තේ නෝනා හරිම වසයි යනුවෙනි. හස්‍යෝත්පාදක චිත්‍රපටියක් වූ එහි මුහුරත් උළෙල පසුගිය බ්‍රහස්පතින්දා දින නුගේගොඩ සංහිද හෝටල් පරිශ්‍රයේ දී පැවැත්වීය. එරංග විසින් කතාව දෙබස් තිර රචනය නිම කළ මෝනා හරිම වසයි චිත්‍රපටයේ ටෙනිසන් කුරේ, රෙක්ස් කොඩිප්පිලි, රජිත හිරාන් චාමිකර, කුසුම් රේණු, නිල්මිණි කෝටිටේගෝඩ, සංජු රෝඩ්රිගෝ, රයන් වැන්රෝයන්, සුරෙනි සෙනරත්, කේ. ඒ පියකරු, සරත් පීරිස්, රවී චන්ද්‍රසිරි, සුනෙත් මැල්සිරිපුර, රුවන් හේවගේ, ආරියසේන ගමගේ ඇතුළු පිරිස රංගනයේ යෙදෙති. මෙම සිනමා පටය හරහා නවක රංගන ශිල්පිනියක් එරංග තිරයට හඳුන්වාදෙයි. ඇය දිලිනි අත්තනායකයි. ටෙලි නාට්‍ය කිහිපයකට රංගන දායකත්වය ලබාදුන් ඈ නෝනා හරිම වසයි සමඟින් සිනමාවට පිවිසෙන්නේ එහි ප්‍රධාන භූමිකාව මවමිනි. මෙහි කැමරා අධ්‍යක්ෂණය නිශාන් ප්රනාන්දුගෙනි. ප්‍රසාද් වීරප්පෙරුම සහ රෝලන්ඩ් ද සිල්වා කලා අධ්‍යක්ෂවරුන්ය. ඉන්දික උදාර ලංකා සමඟ ජයබානු අංග රචනයෙන් දායක වේ. රවී චන්ද්‍රසිරිගේ සමාජ අධ්‍යක්ෂණයකි. මහේෂ් ඉන්දික සහාය අධ්යක්ෂවරයා ය. නිමල් විජේසිරි සේනාධීරගේ නිෂ්පාදන කළමනාකරණයකි, ලසන්ත ජයසේකර සංගීත අධ්‍යක්ෂවරයාය. සිනමා පටයෙහි ගීත පබැඳුම් ඩිලානි රොෂාන්දි සේනාරත්නගෙනි. කනිෂ්ක ප්‍රසාද්, ශානිකා මධුමාලි සමඟ දේශානි සමාධිනී විතානගේ ගී ගයති. සිනාසුනා ආදරෙන්, රෝස පැටික්කි, ස්වීට් එන්ජල්, නෝනෙ මගෙ සුදු නෝනේ. එරංග මීට ප්‍රථම නිර්මාණය කොට ඇති චිත්‍රපට අතර වේ.
සුළඟ එනු පිණිස තිර රචනය එළිදකී
ලොව විශිෂ්ටතම සිනමා උළෙලක වන කාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ කැමරා ඩියෝ සම්මානයෙන් පුදලැබූ විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස සිනමා පටයෙහි තිර රචනය ග්රන්ථයක් ලෙසින් පසුගියදා එළි දැක්විණ. එය සංහිද ප්රකාශනයකි. මෙරට ආන්දොලනාත්මක කතිකාවතක් ගොඩ නැගීමට සමත් වූ සුළඟ එනු පිණිස සිනමා පටය නොයෙක් වාරණයන් හේතුවෙන් ලාංකේය සිනමා ශාලාවන්හි හරි හැටි ප්‍රදර්ශනය කරගැනීමට නොහැකි විය. බොහෝ දෙනකු එය නැරැඹුවේ අන්තර්ජාලය හරහාය. විමුක්ති ජයසුන්දරගේ කුලුඳුල් සිනමාපටය වන එය මේ වනවිට ඩී. වී. ඩී. මාධ්‍යයෙන් එළි දක්වා තිබේ.
|