|
Q & Aඅනේ මම එහෙම නෑ
Q - උදාරි දැන් ගොඩක් ආඩම්බරයි, ඉස්සර වගේ නෙවෙයි කියලා සමහරු කියනවා. රසික, රසිකාවන්ගේ දුරකථන ඇමැතුම්වලට උත්තර දෙන්නෙත් නැතිලු. උත්තර දුන්නත් ඒ කේන්තියෙන් වගේලු. මොකද ඒ? A - මගේ හිත දන්නවා මම ආඩම්බර නෑ කියලා. මොකද ජනප්‍රියත්වය කියන්නේ මට අද ඊයේ ලැබුණ දෙයක් නෙවේ. මම ක්ෂේත්රයට ආපු මුල්ම අවුරුද්දේ ජනප්‍රිය නිළිය හැටියට සම්මාන ගත්තා. ගිය අවුරුද්දෙත් මම ජනප්‍රිය නිළිය වුණා. මම ආඩම්බර වුණා නම් ඒ ජනප්‍රිය සම්මාන මට ලැබෙයිද? මම මගේ ප්‍රේක්ෂකයන්ට ඇත්තටම ආදරෙයි. ඔවුන්ට මම හිස නමා ආචාර කරනවා. ගොඩක් රසිකයෝ මගෙන් Call කරලා අහනවා 'ආදරණීය කතාවක්' කවදද රිලීස් වෙන්නේ කියලා. මැයි මාසයේදී ඒ චිත්‍රපටය ප්‍රදර්ශනයට එක්වේවි. තව චිත්‍රපට දෙකකට මට ආරාධනා ලැබිලා තියෙනවා. ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම් සිදු කෙරෙනවා මේ දවස්වල. මේ හැම දෙයක්ම කරන්නේ මගේ ආදරණීය රසික ජනතාව වෙනුවෙන්.
මගේ සින්දු 'Flash Back' එක්ක විතරයි
Q - 'Flash Back' සංගීත කණ්ඩායමේ සාර්ථකත්වය ජනප්‍රියත්වය රැක ගැනීමට වඩා ඔබ උත්සාහ දරන්නේ රොෂාන් ප්‍රනාන්දු කියන ගායන ශිල්පියාගේ ප්‍රතිරූපය ගොඩ නගා ගන්න නේද? A - කවුරු හරි ගායකයෙක් වෙන්න උත්සාහ කරනවා නම් හෝ වෘත්තීය ගායන ශිල්පියෙක් නම් රටේ තියෙන සංගීත සංදර්ශනවලට සහභාගි වෙන්න එපායැ. දැන් රොෂාන් ප්‍රනාන්දු දකින්න හම්බ වෙන්නේ 'Flash Back' වලදී විතරයි. කොහොමත් රොෂාන් ප්‍රනාන්දු කියන චරිතය ගායකයෙක් වුණේ අහම්බෙන්. මම 'Flash Back' ඩ්‍රම(ර්) නේ. මම ගායකයෙක් වෙන්න පෙරුම් පුරාගෙන හිටපු කෙනෙක් නෙවේ. ඒත් මම ගායනා කරපු ගීත කිහිපය Hit වුණා. ඇත්තටම 'Flash Back' සංගීත කණ්ඩායමේ ප්‍රසංග වේදිකාව ආමන්ත්රණයට තමයි මම මුලින්ම මයික් එක අතට ගත්තේ. මොකද ඒ වැඩේ ඊට කලින් හරියට කෙරුණේ් නැති නිසා. නමුත් නොසිතූ විදිහට මම ගායකයෙක් විදියට ජනප්‍රිය වුණා. හැබැයි අනෙක් ගායක ගායිකාවන් වගේ හැම ප්‍රසංග වේදිකාවේම මම නෑ. මාව ප්‍රේ්ක්ෂකයන්ට දැක බලා ගන්න පුළුවන් 'Flash Back' සංගීත කණ්ඩායම එක්ක විතරයි. ඕනෑ තරම් මට ආරාධනා ලැබුණා ප්‍රසංග වේදිකවේ ගී ගයන්න. ඒත් ප්‍රතිපත්තියක් හැටියට මම වෙනත් සංගීත කණ්ඩායම් එක්ක ගී ගයන්නේ නෑ. ජනප්‍රිය සංගීත කණ්ඩායම්වල නායකයෝ තමන්ගේ Band එකෙන් පිට ගිහින් එහෙම සිංදු කිව්වට රොෂාන් ප්‍රනාන්දු 'Flash Back' එක්ක තමයි හැමදාම ඒ ගමන ගියේ. ඉදිරියටත් එහෙමයි.
එක චරිතයක් පොලිස් අනික හොරෙක්...
Q - මීළඟට ප්‍රදර්ශනයට නියමිත ඔබේ 'හොරා පොලිස්' චිත්‍රපටය ඇත්තටම 'කොස්තාපල් පුඤ්ඤසෝම' අනුකරණයක් නේද? ඇයි අලුත් දෙයක් නොකර මේ වගේ වැඩකට ඔබ වගේ නිර්මාණශීලී, තරුණ අධ්යක්ෂවරයෙක් යොමු වුණේ? A - කවුරු හරි එහෙම හිතනවා නම් ඒ සිතුවිල්ල වෙනස් වෙයි චිත්‍රපටය බලපු වෙලාවට. නමුත් එකම කාරණාව ලෝකයේ ඕනෑම රටක යම්කිසි චරිතයක් ජනප්‍රිය වුණාම ඒකේ අතු ශාඛා බිහි වෙනවා. සිනමා තිරයේ ජනප්‍රිය චරිතත් එහෙමයි. ඊට උදාහරණ ඕනෑ තරම් තියෙනවා. 'කොස්තාපල් පුඤ්ඤසෝම' ට රඟපෑ මහේන්ද්‍ර පෙරේරාම තමයි මේ චිත්‍රපටයේ ද්විත්ව චරිත රඟපාන්නේ. එක චරිතයක් පොලිස්, අනෙක් චරිතය හොරෙක්. ඒක තමා මේකට හොරා පොලිස් කියලා නම දාලා තියෙන්නේ. ඇත්තෙන්ම මේක 'කොස්තාපල් පුඤ්ඤසෝම'ට වඩා වෙනස් චිත්‍රපටයක්. පුඤ්ඤසෝම නම ජනප්‍රිය වුණ නිසා “අපේ කාලයේ පුඤ්ඤසෝමලාගේ කතාව” වගේ තේමා පාඨ භාවිතා කරලා තියෙනවා. හැබැයි මේක කොපියක් නොවේ. චිත්‍රපටය සම්බන්ධයෙන් මහේන්ද්‍ර පෙරේරා මෙහෙම ප්‍රකාශයක් කරනවා. මහේන්ද්‍ර මෙතෙක් කරපු චිත්‍රපට අතරෙන් ඇක්ෂන් තියෙන, කොමඩි තියෙන, ආදරය තියෙන, ග්ලැමර් එක තියෙන එකම චිත්‍රපටය හොරා පොලිස් කියලා. ඔහු කළ ඒ ප්‍රකාශය ලඟදීම youtube එකෙන් බලාගන්න පුළුවන්. මහේන්ද්‍ර වැඩිදුරටත් කියනවා මේ චිත්‍රපටය මට අවුරුදු තිහකට කලින් හම්බු වුණා නම් මම තමා ලංකාවේ Super Star කියලා.
ලිංගික ආතතිය සහ ප්රචණ්ඩත්වය
Q - මෑතකදී ඔබේ ඡායාරූප වගයක් අපි FaceBook එකේ දැක්කා. නිතර නිතර මුහුණු පොතට විවිධ ආකාරයේ ඡායාරූප යොමු කරන්නේ ඔබ තවම ඉන්නවා කියලා අපට මතක් කරන්නද? A - ලංකාවේ ප්‍රේක්ෂකයාට අනෝමා ජනාදරී අමතක වෙලා නෑ. එහෙම අමතක කරවන්නත් බැහැ. මම මේ පොළවේ පය ගහලා ජීවත් වන ගැහැනියක්. සිනමාවේ වුණත් මම රඟපැවේ එවැනි චරිත. බඩගෝස්තරවාදී චරිත මම රඟපාන්නේ නෑ. මම කරලා තියෙන්නේ විශේෂ චරිතයන්. ඉතින් මම ඉන්නවා කියන එක මිනිස්සුන්ගේ ඇහැට ඇනලා පෙන්නන්න ඕනෑ නෑ. ස්වර්ණා මල්ලවාරච්චිට පස්සේ සිනමාවේ අභියෝගාත්මක චරිතයක් රඟපාන්න ඉන්නේ මම විතරයි. ඔය කිසි කෙනකුට ඔහොම චරිත රඟපාන්න බෑ. රඟපාන්නෙත් නෑ. ඒකනේ ඇත්ත. අපි ඒ ඇත්තට මුහුණ දෙන්න ඕනෑනේ. එතකොට මට එල්ල වන චෝදනා පදනම් විරහිත ඒවනේ. ඒ ඔක්කොම පුස්. මීඩියා විසින් කරන බොරු හරඹ. ඇත්තම කියනවා නම් අපේ රටේ ගැහැනිය අද ජීවත් වෙන්නේ ඉතාම යට තැනක. ඇයට තනියම පාරක තොටක යන්න බැරි නම්, නිදහසේ හුස්්ම ගන්න බැරි නම් ඇති වැඩක් තියෙනවාද? මේ රටේ පිරිමින් ජීවත් වෙන්නේ ලිංගික ආතතියක් එක්ක. ඒ ආතතිය ඔවුන් පිට කරගන්නේ ප්රචණ්ඩත්වය තුළින්. ඒ සියලු අමනකම් කරමින් ඔවුන් ගැහැනියගේ සදාචාරය හොයනවා. දැන් මගේ සදාචාරය ඔවුන් මනින්නේ රිදී තිරයෙන්. මම අමන වැඩ කරලා නෑ. මම කරලා තියෙන්නේ මේ රටේ ගැහැනිය යථාර්ථවාදී විදිහට නිරුපණය කිරීම විතරයි. ඒක මගේ වරදද?
|