පුංචියට පුංචියට පුංචි කිස් එකක්
පුංචියට පුංචියට පුංචි කිස් එකක්
ආදරණීය තරුවකගේ සැබෑ ජීවිත අන්දරය
ජනපි‍්‍රය චිත්රශිල්පී අරවින්දගේ
සිතුවමින්
මානවීගේ මුහුණ රතු වූවාය. චමින්ද ඇය දැක විහිළු කළාය.
'අපිත් ඉන්නේ මේ පාරේ. අපිව අමතක කරන්ඩ එපා'
චමින්දගේ කටහඬ ඇසුණු තව එකෙකු ද එළියට බැස විපරම් කරන්නට විය. කඩය අයිතිව තිබුණේ
හමීඩ්ටය. පළාතේ බොහෝ දෙනා ගනුදෙනු කළේ එම කඩයෙනි. හමීඩ් මානවී සමඟ කටපුරා
සිනාසුණේය.
මානවීගේ මුහුණ විදුලි එළියෙන් දුට ගැහැනියක මහ හඬින් කෑගෑවාය.
'දුවේ දැන් අර ටෙලි නාට්‍යයේ හිටියේ'
ඇයගේ කෑගැසීමට තවත් යුවතියක් ගෙයින් එළියට පිවිසියාය.
යුවතියක මානවී දැක කටපුරා සිනාසුණාය. තමා කළ යුත්තේ කුමක්දැයි මානවීට සිතාගත නොහැකි
වූවාය. පිරිසක් මැද තමා නිරුවත් වූවාසේ හැඟීමක් ඇති වූවා සේය. ඈ යන්තම් අකුරු ගොතා
වචනයක් හදන්නට උත්සාහ කළාය.
'මං යන්නම්'
'ළඟද ඉන්නේ'
ගැහැනිය විමසුවාය. මානවී අත දිගු කොට නිවහන ඇති දිසාව පෙන්වූවාය.
අම්මා ඒ වන තෙක් නිවසට පැමිණ සිටියේ නැත. ඇය කඩයට ගියේ එබැවිනි. නොදන්නා යුවතියක
ලෙස අම්මා සොයා පැමිණි ඇය දන්නා හඳුනන යුවතියක බවට පත්ව සිටියාය.
කාමරයට පිවිසි ඈ ඇඳ මත ඇල වූවාය. අල්ලපු කාමරයේ සිටින ශ්‍යාමා ඇතුළු යුවතියන්ගේ
කිචිබිචිය ඇසෙයි. ඒ සමඟ පොල් ගාන හඬක් ද ඇසෙන්නට පටන් ගති. මානවී ඔවුන් සිටිය තැනට
ගියා නම් කදිමැයි සිතුවාය. එකවරම ඇගේ අදහස වෙනස් විය. දවස් ගෙවුණු අන්දම ඈ කල්පනා
කළාය.
රූපගත කිරීම්වලට මාසයක් ගත වී තිබිණ. ඈ දින ගණනාවක්ම ඒ සඳහා වෙහෙසුණාය. එය අමුතුම
තැනකි. දර්ශන තලයට පිවිසි වහාම කඩියන් මෙන් වෙහෙසෙන මිනිසුන් ටික වේලාවකින් තවත්
රසබර කතාබහටකට මුල පුරති. සමහරු කිසිවකු සමඟ කතා නොකරති. තවත් සමහරු කතා සාගරයන්ය.
මේ මුළු කාලයටම සුජිත් ඇයගේ ආරක්ෂකයා වූයේය.
'අදින් මේ ෂෙඩුල් එක ඉවරයි'
දිනේෂ් පැවසුවේය. ඔවුන් පුරා දිනයක් එක දිගට රූ ගැන් වූයේය. මානවී කියන්නක් වටහා
ගන්නට උත්සාහ කළාය. මේ ටෙලි නාට්‍යයේ කතාව කවර ආකාරයේදැයි ඈ දැන සිටියේ නැත. ඇයට
තිබුණේ යෙහෙළියක ලෙස රඟපාන්නටය.
'දැන් ඔයා මාන්සි වුණා. ඔයාට සල්ලි ගෙවනවාද?'
නිර්මලා ඇසුවේ මෙයින් සතියකට පෙරාතුවය. ඈ පානය කළ තේ කෝප්පය මානවී අතට දුන්නේ එය
සෝදා තියන්නටය.
'දෙනවයි කිව්වා'
'කොච්චරක්ද?'
'මම ඇහැව්වේ නෑ'
කතාවේ හැටියට දර්ශන රූ ගැන්වීම් නිමා වූ පසු සමහරු මුදල් ලබාගෙන යති. මුදල් ගෙව්වේ
ධර්මලාල්ය.
'ඕවායේ ගිවිසුමක් තියෙනවාද?'
මානවී නැහැයි කියන්නට හිස සැලුවාය. නිර්මලා ගිවිසුම් ගැන දැනගත්තේ වැඩපළේ
යෙහෙළියකගෙනි. සුජිත්ගේ යෝජනාව පිළිබඳ අම්මාට කියන්නට අවශ්‍ය නැතැයි මානවී මේ වන
විට තීරණය කර තිබුණාය. නිර්මලා එයින් එහාට රඟපෑම ගැන ඇසුවේ නැත.
එදින උදේ සිටම රූ ගැන්වීම්ය. රූ ගැන්වීම නිමාවන බව මානවිට පැවසුවේ දර්ශනයට අවශ්‍ය
දෙබස් කියවන අතුරතුරය.
'අද සීන් එක අලුතින් ලිව්වා. ඔයාට සීන් වැඩි කරන්න කියලා සුජිත් අයියා කිව්වේ'
දිනේෂ් ඒ අතරවාරයේ හීන්සිරුවේ පැවසුවේය.
'මං ඊයේ රූ වෙනකම් අජිත්ට කියලා සීන් ලිව්වා'
'එතකොට කතාව?'
මානවී ඇසුවාය.
'ඒක ඊළඟ ෂෙඩුල් එකට හරියන විදිහට සෙට් කරයි අජිත් නියම වැඩකාරයා'
'මට කීයක් හරි' ගෙවයිද දිනේෂ් අයියේ?'
මානවී ඇසූ තාලයට දිනේෂ්ට සිනහ පහළ විය.
'අපි හිතුවේ ඔයා අපට ගෙවයි කියලා. නෑ නෑ මම විහිළුවට කිව්වේ. අද ඔයාටත් ගෙවයි'
දර්ශන තලය නිහැඬියාවකින් වෙලෙන බැව් මැනවීට වැටහිණ. රූ ගැන්වීම් දිගටම සිදු වෙයි.
'ඊළඟ සීන් එකක් තියෙනවා, පාර අයිනේ'
මානවී හිස සැලුවාය.
'අපිට තව අලුත් ටෙලියක් සෙට් වෙලා තියෙනවා. සුජිත් අයියා කියයි මාසයක විතර වැඩක්'
දිනේෂ් පැවසුවේ අලුත් ආරංචියකි.
මද්දහනට කලින් රූ ගැන්විම් නිමා කරන්නට සැරසුණත් කටයුත්ත දිගටම ගියේය. රූ ගැන්වීම
නිමාකර දර්ශන තලය නිවහනේ හිමිකරුවනට බාර දිය යුතු විය. රූගන්වන අතර අයිතිකරුවන්
සිටියේ වෙන ගෙදරක කුලියට පදිංචි වෙමිනි. ඔවුන් හවස් වන විට ආපසු පැමිණියහ.
'වෙන අයගේ ටෙලිවලට නම් අපි ගේ දෙන්නේ නෑ. සුජිත් හන්දා තමා දුන්නේ'
ගෙහිමියා පැවසුවේ ධර්මලාල්ටය.
'මුළු ගෙයම යකා නටලා' යැයි ගෙහිමි කාන්තාව පැවසුවේ විස්සෝපයකිනි.
මානවී අසල සැටියක වාඩි වූවාය. ඈ ගෙදර යන්නේ සුජිත් සමඟය.
ධර්මලාල් මානවී ළඟට පිවිසියාය.
'එනවද පොඩ්ඩක්'
ඔහු සිය බෑගය ඇර එයින් රිසිට් පතක් දුන්නේය.
'මේකෙ අස්සන් කරන්න'
මානවී ප්‍රශ්නාර්ථයෙන් යුතුව ඔහුගේ මුහුණ බැලුවාය.
'බය නැතුව අස්සන් කරන්න ළමයෝ, ඕක කසාද සහතිකයක් නෙවේ'
ධර්මලාල් සිනාසුණේය. අනතුරුව ඔහු ඇයට ලියුම් කවරයක් දුන්නේය.
'කසාද සහතිකය නම් මොකෝ'
'යකෝ, මේකිත් ආපු දවස් වගේ නෙමේ. හරි බලන්න ඕක ඇතුළේ මේ ගාණ තියෙනවාද කියලා'
ධර්මලාල් මානවිට අස්සන් කරන්නට දුන්නේ කුවිතාන්සියකි. ඇය ලියුම් කවරය දිග හැරියාය.
ඇයගේ දෙතොල් නලියන්නට වූවාය.
'ඔයා දැන් දවස් ගාණක් වැඩ කළානේ. කට්ටියම ඔයා ගැන කතා කළා. නිරන්ජන් අයියා ඔයාට
වැඩිපුර දෙන්න කිව්වා'
මානවී ධර්මලාල්ට ස්තූති පූර්වකව සිනාසුණාය. අනතුරුව ඇය දිව ගියේ සුජිත් ළඟටයි.
'අද කලින් යන්න පුළුවන් වෙයිද?'
ඇය මුහුණ ඇල කොට ඔහුගෙන් විමසුවාය.
'ඒ මොකෝ?'
'නිකං, යන්න පුළුවන්ද?'
'ඔව්, හතර විතර වෙන කොට මං ඔයාව ඇරලවන්නම්'
බොහෝ නළු නිළියන් ආපසු යන්නට නිෂ්පාදකගෙන් වාහන ඉල්ලුව ද, මානවී තවමත් වාහනයක්
ඉල්ලුවේ නැත. ඈ කමැති වූයේ සුජිත් සමඟ යන්නටය.
'මට සල්ලි දුන්නා'
ඇය හෙමිහිට කෙඳුරුවාය.
'ෂා, එහෙනම් අපට මොනව හරි හම්බ වෙයි'
'මොනවද ඕනෑ?'
'පුංචියට පුංචියට පුංචි කිස් එකක්'
ඈ වට පිට බැලුවාය. කිසිවිකු නැති වග වටහා ගත් ඇය හීන්සීරුවේ ඔහුගේ දෙතොල සිප
ගත්තේය.
'අප්පට සිරි'
කොහේදෝ සිට දිනේෂ් එතැනට පාත් වී සිටියේය. මානවී ලජ්ජාවෙන් පසෙකට දිව ගියාය.
දවස ගෙවුණ අන්දම සිහිපත් කරමින් සිටි මානවී අඩ නින්දකට පැමිණ එකවරම පිබිදුණේ
දුරකතනය නාදවීමත් සමඟය. අම්මා තවමත් පැමිණ නැත.
එය නොදන්නා අංකයකි. මානවී දුරකතනය අතට ගත්තාය.
'මම නිරන්ජන් සන්දනායක'
ඇය මොහෙතක් ගොලු වූවාය. නිරන්ජන් මේ රාත්‍රියේ ඇය අමතන්නේ ඇයිදැයි ඇයට කුකුසක්
ඉපදිණ.
ලබන සතියේ
ඇමතුමක ඉරණම...
|