වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




රොන් සොයා..............

රොන් සොයා..............

 

සැළලිහිණි කොවුල්

ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන ‘රොන් සොයා’ මාධ්‍ය හමුවදා ලතා සහ ධම්මිකා වල්පොල සමඟ
 

 

සැළලිහිනි කොවුල් හඬ රැව් දෙන්නා
මහ උයනක සිරි ඉතිරේ
මුව රැළ අතරේ වග වලසුන්ගේ
රඟ මඬලකි මේ උයනේ

නීල කොබෝ රෑන ගිරා පිල් විදහා රඟනා මොනරා
කට ඇද කිරලා සහ වළි කුකුලා හොට දිග පිළිහුඩුවා
අප දැකලා බිය වැදිලා තරගෙට හඬ නැගුවා

කොළ දිවියා රළු කොටියා
කපටි රජානම් ලද හිවලා
විසකුරු පොළඟා මිනි කන කිඹුලා
පොතුහැර කබර ගොයා

ගැට පිඹුරා සමඟ නයා
දරණ ගසා සිටියා


පද රචනය - සරත් විමලවීර
සංගීතය - සී. ටී. ප්‍රනාන්දු
ගායන සහය - සී. ටී. ප්‍රනාන්දු


නෙළුම් මානෙල්

නෙළුම් මානෙල් මඩේ පිපිලා
සිටුදේවින්ගේ ගෙලේ ලාවී
හොඳ ආඳාට කෙනෙකුනේගේ කාලේ
මිණිමුතු අමුණා පළඳන්නේ මාලේ

දුටු සිහිනේ සැබැයි
එන කාලේ හොඳයි

නෙළුම් මානෙල්...

හද අම්බරයේ මා හඳහාමි
ඔබේ සෙවණැල්ලේ සේ මම ආමි
දුටු සිහිනේ සැබැයි
එන කාලේ හොඳහි

නෙළුම් මානෙල්...


ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - සසරක හැටි

 

රතු ගුරු පාරේ


රතු ගුරු පාරේ හැන්දෑවේ - අක්ක නගෝ වාගේ
අතිනත පටලා යමු අපි දෙදෙනා - පුංචි දුවේ මාගේ
දෙනෝ දහක් ලොව සිටියත් කම් නැත
මට මව් සෙවණ වගේ
බිහිවූ දා සිට අප ළංවී ඇත
සෙවණැලි දෙකක් වගේ

රන්දෝලාවක කුමරෙකු අතගෙන
ඈත දුරක ඔබ යන දිනයේ
හිතා ගන්න බෑ කුමක් දැනේවිද
හිතට මගේ එදිනේ
ගියද කොහේ මම - ළඟය ඔබේ නිති
බෙදී බිඳී නොමයේ
යාළුවාද යෙහෙළියද මගේ ළඟ
ඔබ පමණයි ඉන්නේ

මහලු වියේ මා තනිවන දවසේ
වාරු නොමැති පා ඔසවන්නේ
තනි නොතනිය මැද දුවේ උඹයි මට
එදාට මව් වන්නේ
මා ගත සුවඳයි - ඔබ ගත සුවඳයි
කිසි වෙනසක් නැත්තේ
මමයි ඔබේ දුව - ඔබයි මගේ මව
භවෙන් භවේ නිබඳේ

ගායන සහය - ධම්මිකා වල්පොල
ගී පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය - ස්ටැන්ලි පීරිස්

 

සතුට සෝකේ ජය පරාදේ
 

සතුට සෝකේ ජයපරාදේ
අපටමයි මේ ලෝකයේ
එයට පිටුපා මෙලොව මිනිසා
කිසි තැනකදී නෑ ගියේ

අතට ආ ඒ රන්කුරුල්ලා
අතැර දැම්මේ ඇයි එදා
සිතට එකඟව සිතා බලනූ
දැනෙයි සෝකේ මුල මෙදා
සෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාවතේ

බොන්න ගත් ඒ රිදී බඳුනේ
දිය සිඳී වියළී ගියා
දරුණු දෛවේ කාරුණික නෑ
බොහෝවිට නොම දේ දයා
සෝචනීයයි ජීවිතේ
එනතුරා සැප මාවතේ

 

ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්.කේ.රොක්සාමි
චිත්‍රපටය - ධීවරයෝ

 

රූ රැසේ අඳිනා ලෙසේ

රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙල දිදී විදුලිය පබා
රන් රසේ එක්වන ලෙසේ වෙණ නාද නූපා තබ තබා
කම්පසේ දෙන සර ලෙසේ දෙස බල බලා නෙතගින් සබා
මම් කෙසේ පවසමි එසේ වර සුර ළඳුන් දුන් රඟ සොබා

පුන් මධාරා මල් දමින් මුදු දිගු සුනිල් වරලස ගොතා
මන්මදා කිතු ලිය ලෙසින් උරතුර සරා දිලි මුතු ලතා
මන්මදා වන මිනි මෙවුල් නද වෙණ නදින් එක්කොට ඉතා
උන් එදා දුන් රග දුටොත් තව සග සැපක් කවරෙක් පතා

පිපි සමන් කුසුමන් පතින් තන රන් හසුන් මන් වෙන් බැඳේ
ළඹ සවන් දිනු රන් පසින් දන නෙත් මුවන් බදිමින් නදේ
මද එවන් වැද ලෙල පහන් සිළු වෙන් රැඟුම් දෙන රන් බඳේ
දිලි ඔවුන් රූ සිරි නුවන් වන් බඹ වුවත් දැහැණින් මිදේ

 

ගායන සහය - සුනිල් ප්‍රේමරත්න
සංගීතය - සුසිල් ප්‍රේමරත්න
පද මාලාව - ගුත්තිල කාව්‍යයෙනි

 

මංගල දිනයේ...


මංගල දිනයේ රස මධු පානේ
ඉවකළ කොමළිය කුලගෙට එනවා

ඇගේ සිනාවේ හඬට අතුපුරා
රිකිලි සැලී මුළු ගම්මානේ
කුසුම් වැසිවසී ගම්මානේ
මිහිර ලබා පෙම් රහස් කිය කියා
හඬද නැගෙයි දියවැල් ගීයේ

සීතල වතුරේ කුමුදාකරයේ
ඇයගේ දිගුනෙත් පිළිබිඹු වෙනවා
තුරුළු වුණාවේ වළාකුළු එතී
ඈත පෙනෙන මහ කඳුයායේ
සිහින් තරග ජල තලා මත නැගී
ඇගේ සෙනෙහෙ රසයට පාවේ

ගායන සහය - ධර්මදාස වල්පොල
ගී පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටය - සීතල වතුර