ලතා වල්පොල මියුරු ගී සැඳෑව 02 වැනිදා B. M. I. C. H හිදී
ලතා වල්පොල
මියුරු ගී සැඳෑව
02 වැනිදා B. M. I. C. H හිදී
හෙළ ගී රැජන ලතා වල්පොලගේ සජීවී ගායනා ඇතුළත් ‘රොන් සොයා’ මියුරු ගී සැඳෑව මෙම
අපේ‍්‍රල් 02 වැනි සෙනසුරාදා සවස 6.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර
සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
නමෝ මරියනී, රොන් සොයා, සතුට සෝකේ, රෑණ ගිරා, රැජන
මමයි, සැළලිහිනි කොවුල්, ගලනා සීත ජලේ, පෙරදිග මුතු ඇටයයි මේ ඇතුළු ලතා ගැයූ අතිශය
ජනප්‍රිය ගී විස්සක් එදින ඇය විසින් ගායනා කරනු ඇත.
රාජු බණ්ඩාර, සුනෙත් වල්පොල, ධම්මිකා වල්පොල, ප්‍රියන්ත ප්‍රනාන්දු, ජගත්
වික්‍රමසිංහ, මාරියෝ ආනන්ද, ඉෂාක් බෙග් ‘රොන් සොයා’ ප්‍රසංගයේදී ලතාට ගායනයෙන් සහාය
වේ. ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාරගේ සංගීත අධ්‍යක්ෂණයෙන් හා මෙහෙයවීමෙන්
පැවැත්වෙන මෙහි නර්ථන අධ්‍යක්ෂණය සම්මානනීය නර්ථනවේදී කුලසිරි බුදවත්තයන්ගෙනි.
පසුබිම් කථනයෙන් ‘රොන් සොයා’ ප්‍රසංගයට දායක වන්නේ ප්‍රවීණ නිවේදක සමන්
අතාවුදහෙට්ටිය.
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ මියුරු
සැඳෑවට ගරු කථානායකතුමන් ඇතුළු කැබිනට් අමාත්‍යවරුන් හා පාර්ලිමේන්තු
මන්ත්‍රීවරුන්ද සහභාගී වීම විශේෂත්වයකි. මාධ්‍යවේදීන්, කලාකරුවන්, ආබාධිත රණවිරුවන්
ඇතුළු ලතා වල්පොලගේ රසික, රසිකාවන් මෙම ප්‍රසංගයට සහභාගිවීමට නියමිතය.
ජනමාධ්‍ය අමාත්‍යාංශය, පාර්ලිමේන්තු ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක කාර්යාලය හා
කථානායක කාර්යාලය මේ ගී ප්‍රසංගය ඉදිරිපත් කරනු ලබන අතර ඉසව් කළමනාකරණය ‘සැලසිනෙ’
රූපවාහිනී ආයතනය වෙතිනි.
දිනිදා උදය
දිනිදා උදය ගිරි මුදුනෙන් නැග එනවා
සුරිඳා පිහිට යැද ගොවි කුඹුරට යනවා
රන්වන් දුල් කරලින් පැසිලා නැමිලා බරවීලා
තල වැවිලා රමණි සෝබා
කෙත් වතු පිරිලා සාරා
ඕ... කෙත් වතු පිරිලා සාරා
ඉඟ නළවා කපමු නෙළමු හෝ... හෝයියා
මිටි බැඳලා හිස මත ගනිමු යාමු පෙළ සෑදිලා
බට ලී සංගීතේ මත් වූ ගවයෝ රැළේ යා
ගොපලුන් හා මිහිරේ වෙළිලා
යාවී රංචු හෝයියා
රන්වන් දුල්...
මද සුළඟේ කුල්ලෙන් පොළලා හෝ හෝයියා
තල වේලා බොල් පොතු හැරලා
කමතේ පිරි ධාන්‍යා
සැම දෙවියෝ පිහිටාධාරේ - කරුණා ලැබිලා
ගම සාරයි - හාමත දුරුවෙයි
ගොවි සිත ප්‍රීතියි හෝයියා
රන්වන් දුල්...
ගී පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - මාතලන්
නමෝ මරියනී
නමෝ මරියනී//
නමෝ මරියනි ප්‍රසාද පූර්න වන්තිනී
දේව පුත්‍රයා ස්ප්‍රිතු සාන්තු වරමිනා
පිළිසිදේය දෙව් බෙලෙන් ශ්‍රී ඔබේ කුසේ
නමෝ මරියනී...
ප්‍රීති පෑ ශ්‍රියා සාමදානයේ පියා
සාරසේ දිලේ සිරින් ශ්‍රී ඔබේ කුසේ
නමෝ මරියනී...
ගී පද රචනය - කාලියදාස කුරුකුලසූරිය
සංගීතය - අර්වින් ෆොන්සේකා
ආදරයේ රන් විමනේ
ආදරයේ රන් විමනේ
මැණික් හඳක් පායලා
ජීවිතයේ එළිය මැදින්
සිහින ලොවක පාවෙලා - පාවෙලා
සීත කඳුතලා අතරේ
උල්පත් මතුවන්නේ
ජීවිතයේ මාලිගාවේ
පාළුව නොදැනෙන්නේ
අතීතයේ පෙරුම් බලෙන්
අනාගතේ පැතුම් ලොවට
මල් වැස්සේ තෙමී තෙමී
සිනහ ගඟේ පිහිනමී
ඔබේ නිහඬ පෙම් ගීතය
කාටද මුමුණන්නේ
මගේ හදේ වීණාවෙන්
තාලය මුමුණන්නේ
ගී පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - පේ‍්‍රමසිරි කේමදාස
චිත්‍රපටය - සැනසුම කොතැනද
ශ්‍රීනි විභූෂිත
ශ්‍රීනි විභූෂිත ලංකා බැබලේ
සිංහ ධජය සෙවණේ...//
දස දෙස ජය දද බන්දා
මුළු ලොව සිරිලක නම රන්දා//
දැහැමින් ප්‍රේමෙන් සමගිව සාමෙන්
කිසිදින උරණ නොවී
මුතුමෙන් එකමුතු වී
දිවිසේ රකිමු අපේ ලංකා
ජන ජය ජය මංගල්ලේ
පොදු ජන මන යුග දැල්වේ
රන් හිරු එළියේ - මේ නව යුගයේ//
ජයකොඩි ජය බන්දා
ලක්දිව අසුන අරා
දිවිසේ රකිමු අපේ ලංකා
ගී පද රචනය - හේම ශ්‍රී ද අල්විස්
(ගුවන් විදුලි ගීතයකි)
කිස්සිරි රැන්දූ
කිත්සිරි රැන්දූ ලක්දද බැන්දූ
භූපතියන් රන් දම්
සම්බුදු සසුනේ සම්පත විලසේ
රක්ෂිත ලංකා භූමි
පින්බර ලංකා භූමි කිත්සිරි රැන්දූ
ආ...
මොක්පත් සතහට සෙත්සුව සලසන්
මෙත් සිතිනි වැඩි තෝරා
රන්කොත් බබලන දාගැබ් ඉදිමුන
දිස්වන උස්තුරා බේරා
ලෙන් සෙවනේ නෙලූ සම්බුදු රූසිරි
විහිදෙන බුදුරැස් දාරා//
කිත්සිරි රැන්දූ
අප්සර ලියනගෙ ලස්සන වස්සන
සීකොට සීගිිරි සිනේ
නෙත්යුග මත්වන ගල්කැටයම් යුග
පැද්දෙන පෙම් රජදානේ
නෙක් නටඹුන් පෙල සිංහල සිත්වල
වඩවයි දෑ අබිමානේ//
ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ප්‍රේමදාස අතුකෝරල
චිත්‍රපටය - කොළඹ හාදයෝ
සැකසුම - අසංක දේවමිත්ර පෙරේරා
|