|
ළබැඳි මිතුරා මතක් වී
විශිෂ්ට චරිතාංග නළු නාමෙල් වීරමුණිට පොඩි ආරාධනාවක් ලැබිලා චිත්රපටයක විශේෂ දර්ශනයක් සඳහා. ඒක පෙන්වලා තියෙන්නේ චිත්රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ. එහි එදා පෙන් වූ සිනමා සිතුවම තමයි වසන්ත ඔබේසේකරගේ වල්මත් වූවෝ. එය නාමෙල්ට ඉතාම සුවිශේෂී සිනමාපටයක්. මොකද එහි රඟපාන ප්රධාන නළු චරිත පහෙන් එකකට පණ පොවන්නේ නාමෙල්. අනෙකුත් අය තමයි ෂර්ලි ගෝමස්, සිරිල් වික්රමගේ, ටෝනි රණසිංහ සහ සෝමසිරි දෙහිපිටිය. මේ අය අතරින් වර්තමානයේදී ජීවතුන් අතර ඉන්නේ නාමෙල් සහ සිරිල් පමණයි. වල්මත් වූවෝ මුලින් පෙන්වද්දී නාමෙල් හිටියේ එංගලන්තයේ. ඒ හින්ද ඔහුට චිත්රපටය බලන්න ලැබුණේ නැහැ. ඔන්න එදා චිත්රපට දර්ශනය ඉවර වෙලා නාමෙල් ගෙදර යන්න හදද්දි මැදි විය ගෙවමින් සිටින නමුත් හැඩකාර කාන්තාවක් නාමෙල් ගාවට ආවලු. |