වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




ලතා වල්පොල මියුරු ගී සැඳෑව 02 වැනිදා B. M. I. C. H හිදී

අම්මලා දුක් ගන්නේ

අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ටා
පුතුන් හදන්ටා පුතුන් රජුන් කරන්ටා
බාලොලි ලොලී

නුඹට ඇහැක්දෝ මගේ පුතා සොයන්ටා
බෑ නුඹටා ඒ නුඹටා බෑ
ඉරට ගියාවයි... සඳට ගියාවයි
කොහේ ගියත් කුමක් කරන්දෝ

ලෝකෙට ලොක්කා වෙලා
පුතු ඇත ලෝකේ
ඒ සැපතා මට සැපතා වේ
පාට රුවන්නේ... බාසුරුවන්නේ
මගේ පුතා කෙලෙස දකිම් දෝ

ගී පද රචනය - සෝමපාල ලීලානන්ද
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටය - චන්ඩි පුතා


මේ සුබ උපන් දිනේ

මේ සුබ උපන්දිනේ
තුටින් සිනා පාලා
ආසිරි පැතුම් ලබා
මිනෝදමත් වීලා
සැපෙන් දිනේ... ඕ මයි ලව්...

දැත පාන දි සුපෙම් සිනා
මේක රැකි මතු මතක් වෙනා
මල් ලතා ගෙනාලා වාසනා
ඉන්න ලහිරු වගේ පායනා
සැපෙන් දිනේ... ඕ මයි ලව්...

සිතන පතන දේම ඉටුවෙලා
දකින සිහින වැල් සැබෑවෙලා
මිහිරි මධුර ලොවක පාවෙලා
හමන ලලිත සුවඳ නෑවිලා
සැපෙන් දිනේ... ඕ මයි ලව්...

තබන තබන පයට පෙළ ගැසී
සුමුදු සිනිඳු පියලි වැසි වැසී
සවන පිනනන රසැති ගී ඇසී
ඔබට සහිල දෙන වැසි වසී
සැපෙන් දිනේ... ඕ මයි ලව්...

ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එම්. කේ. රොක්සාමි
චිත්‍රපටය - එදත් සූරයා අදත් සූරයා


පුන්සඳ එළියයි

පුන්සඳ එළියයි එන මද සුළඟයි
මල් මල් මල් සුවඳයි
අනංගයාගේ මහ රජ දහනයි
මල් මල් මල් සැරයයි

සඳ රැස් සිඹ සිඹ සැනසෙන පිරිසිදු
සුදුවැලි පියවිල්ලයි

ලලයි ලයි සුදුවැලි පියවිල්ලයි

රන්තරු වැල් දැල් අතරින් දිලිසෙන
පුළුන් වලා වියනයි

නනයි නයි පුළුන් වලා වියනයි

පුන්සඳ එළියයි....

සිය මනමාලිට කොහා තුරුල් වී
කොහෝ කොහෝ හඬලයි

ලලයි ලයි කොහෝ කොහෝ හඬලයි

මී අඹ ලඹ දෙන කොළ යහනේ
යුවළ නිදා ගනිතෙයි

තෙතෙයි තෙයි යුවළ නිදා ගනිතෙයි

පුන්සඳ එළියයි...

ගී පද රචනය - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් ශාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - සංදේශය


සීගිරි ළඳකගේ

සීගිරි ලඳකගෙ
මල් වට්ටියෙ ලා
පොඩි පුත නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ
බයි බයි නැළැවෙන්නේ

සිරි පාදෙට යන
සමනොළ තටු මතැ
මගෙ පුත නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ
බයි බයි නැළැවෙන්නේ

සඳරැස් එළියේ
නැළැවෙන පියුමක
රැවමින් නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ
බයි බයි නැළැවෙන්නේ

මී පැණි වදයක
මී පැනි යහනෙක
රන් පුත නළවන්නා
දොයි දොයි නැළැවෙන්නේ
බයි බයි නැළැවෙන්නේ

ගී පද රචනය - මර්සලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් ශාන්ත
සංගීත - බී. එස්. පෙරේරා
චිත්‍රපටය - රේඛාව


හද සිනමාවේ...

හද සිනමාවේ... නළඟන මාවේ
ඔබ හමුවේ නටන සිත බැඳුණේ

ආදර සාගරේ... පාරුව මා ඔබේ
පදිමුණේ අපි ඉවුරට ප්‍රේමේ//
ආ... ආ... ආ...
සාලිය, සෝකා වාගෙ දෙන්න ආලේ
ආදර ගී කියන්න යාමු සැන්දෑ කාලේ
මා හද මන්දිරේ ප්‍රීතියෙන් හදේ
පූජාසනේ පිදු මල වෙමි මා
හද සිනමාවේ... නළඟන මාවේ

ප්‍රේම විමානේ... හා අනංග රාජා
වීරයෙකි ප්‍රසන්න... පෑ සුරම්‍ය තේජා//
මා මන අභිලාසේ... වේවිද අවකාසේ
ගන්නට ඔබ සිත තුළ ඇති දේ
හද සිනමාවේ... නළඟන මාවේ

ගී පද රචනය - ඩබ්ලිව්. විල්ප්‍රඩ් සිල්වා
සංගීතය - ටී. ආර්. පාපා
චිත්‍රපටය - සුන්දර බිරිඳ


පෙම් රාජ්‍යයේ

පෙම් රාජ්‍යයේ - මංගල යෝගයේ
ආසිරි වාදයේ - කෝකිල ගී රාවේ
ඇලේ - දොලේ - විලේ - ජලේ
ප්‍රේමේ අපේ
ප්‍රේම අපේ හෝ සේයා පෙනේ
මතු ජීවිතේ - සෝබන මාවතේ
පෙර නිමිති තිබේ - පෙම් අභිෂේක මේ
පෙම් රාජ්‍යයේ...
තරු ආකාසේ - දිලිසෙනවා සේ
ප්‍රේම සිනාවේ කෝමලතාවේ
චන්ද්‍රා මන්ද නාවෙ තාම පායලා
හෝ නාවෙ පායලා
පෙම් ඊලයේ - පැද්දෙමු මේ රැයේ
ආලය මා ළයේ - ශාන්තිය සාදා දේ
පෙම් රාජ්‍යයේ...
අපේ කුලේ ප්‍රේම කුලේ බාධා නසා
අපේ කුලේ ප්‍රේම කලේ බාධා නසා
බාදා නසා හෝ ප්‍රේමේ දිනා
පෙම් රාජ්‍යයේ...
වස්තුව මාගේ - මියුලැසි වාගේ
ප්‍රේම තොටිල්ලේ ප්‍රීති උනාවේ
රම්‍යා සෞම්‍ය කාන්ති පේම සාගරේ
හෝ ප්‍රේම සාගරේ
පෙම් රාජ්‍යයේ...

ගායන සහය - ධර්මදාස වල්පොල
ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එස්. එස්. වේදා
චිත්‍රපටය - ඩිංගිරි මැණිකා


පෙම් මාලා ගොතා ගෙළේ

පෙම් මාලා ගොතා ගෙලේ පළඳන්නම්
ප්‍රේමේ මා හා ප්‍රේම සුදෝ
පෙම් පූජාසනය සදා - පුදනෙම් මා ප්‍රේමේ
මා හා ප්‍රේම සුදෝ
කිරි සයුරේ පෑවූ පුන් චන්ද්‍රා... ඕ...
හද කමලේ පුබුදු කලෙ සූර්යා... එ’... පෙ’ම මාලා...
සුමධුර ගීතා... ගයනෙමු එක්වෙලා
අම ප්‍රේම රස ධාරේ නාලා
සැම දින ප්‍රේමයේ... සැප සෑදේ ප්‍රියේ
මනහාර කොමලාංගනාවියේ

ගායන සහය - ධර්මදාස වල්පොල
ගී පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - මාතලන්


සිහින හතක් මැද

සිහින හතක් මැද විමනක් සැදුණයි
සීත සඳුන් සුව ඒ තුළ පිරුණයි
වාසනාවෙ මල් හදවත පිපුණයි
ගීතනාද දෙව් ලොකෙන් ඇසුණයි

නීල නුවණ් ගැබ සෝක වළාවෝ
වේදනාව ගෙන හද අඹරෝරේ
ඈතින් පොරකා තෙරපී ඇඹරී
දෑසේ කඳුළු වැල් රූරා වැගිරේ

ආකාලයේ වැසි දිය ඇද හැලිලා
සෝක සුසුම් ගඟ ඉවුරු තලාලා
වාසනාවෙ මල් අකලට මැරුණයි
පේ‍්‍රම ලෝක රන් මන්දිර කැඩුනයි

ගී පද රචනය - මඩවල් එස්.රත්නායක
සංගීතය - පණ්ඩිත් අමරදේව
චිත්‍රපටය - ගැටවරයෝ


නිල්වලා යාවී පාවෙලා...

නිල්වලා යාවී පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා
නිල්වලා යාවී පාවෙලා
පෙම් කතා කියාලා
අපගේ දිහා බලාලා

සුන්දරයි ප්‍රියංකරේයි සුළං හමා
හෝ හෝ
ප්‍රේමයේ හැඟුම් හදේ මැවෙන්නෙ ඒ තමා
ආ ආ
කන්ද මුහුණෙහි... රන් වලා වැදී//
ආදරෙන් වගේ සෙමින් සිඹ නැමී
හෝ හෝ හෝ හෝ
නිල්වලා යාවී පාවෙලා
පෙම්කතා කියාලා
අපගේ දිහා බලාලා
නිල්වලා යාවී යැවෙලා...

ගල් මැදිල් සුනිල් ජලේ බසී ගලා
හෝ හෝ
ඒ හඬින් අපේ සිතේ සිතුම් උදා කලා
ආ ආ
සාගරේ සොයා - යයි නදී ප්‍රියා//
හර්දයන් අපේ ළඟා වේවි වගේ
හො හො හො හෝ

ගායන සහය - ධර්මදාස වල්පොල
ගී පද රචනය - උපාලි අත්තනායක
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - දරුවා කාගෙද


දේදුන්නෙන් එන සමනලුනේ

දේදුන්නෙන් එන සමනලුනේ
ගම්මැද්දේ පොඩි කුරුල්ලනේ
රෑන් රෑන් ඇවිදිල්ලා
අපේ ළඟින් ඉදහල්ලා
දේදුන්නෙන් එන සමනලුනේ

දවසක් දා බෝමළුවේ
හමුවූුදාකදී අප දෙන්නා
පහනක් දල්වා එකම සිතින්
පැතූ පැතුම් තෙපි නෑ දන්නේ
බවෙන් බවය පෙර ආත්මයේ
බවෙන් බවේ මතු සංසාරේ
නිවන් දකිනා ජාති දක්වා
එකට බැඳී ඉන්නයි පැතුවේ

ආදරයේ සුවඳ ලෙනේ
තනි වූ අපි දෙන්නා
කාන්සියක් හෙම නෑ දැණුනේ
පෙති දිලුණා වනමල් පොරනේ

අප පය පාමුල සතුටු ගඟේ
තාමත් ආදර රැලිති නැගේ
කියව් කුරුල්ලනි මලින් මලට ගොස්
අපේ අහිංසක කතන්දරේ

ගායන සහය - සනත් නන්දසිරි
ගී පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - පේ‍්‍රමසිරි කේමදාස
චිත්‍රපටය - වසන්තේ දවසක්


යුරෝපයේ හිම වැටෙනා...

යුරෝපයේ හිම වැටෙනා තාලෙට
සීතල සුවය දැනේ
ජපානයේ පිපි චෙරිමල් සුවඳක්
අපවෙත තුරුළු වුණේ

මේ ලක් පොළොවේ නිල් කඳුරැළි මත
සීතල සුවය දැනේ
ඒ කඳු පාමුල පිපිමල් සුවඳක්
අප වෙත තුරුළු වුණේ
නයගරා දිය ඇල්ලෙන් මේ ලෙස
දියරැළි බිමට ඇදේ
ෆුජියාමා ගිනි කන්දක් මේ ලෙස
මගෙ මතකයට නැගේ
මව්බිමේ කඳුපෙළ හා දියරැළි
දෙනෙතට සුන්දර වේ
ෆුජියමා කඳු නයගරා රැළි
පරදී එයට ලොවේ

රෝමයේ ඇති වීනස් දෙව්රුව
මට හසරැළි පෑවේ
ඒ රුවේ ඇති ලස්සන ඔබෙ වත
දුටු සඳ මට සිහිවේ
දෙව්ලොවේ වුව සුන්දර ලලනුන්
ඔබ වැනි දැක නැත්තේ
මා ඔබේ මැණිකේ නිසයි
අද සුදු ඔබේ අත ගත්තේ

ගායන සහය - ධර්මදාස වල්පොල
ගී පද රචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - උතුම් ස්ත්‍රිය


රොන් සොයා

රොන් සොයා - පියඹන සමනලියක සේ
රිසි ලෙස - සරනෙමි - වන පියසේ
පා වෙලා... පා වෙලා... නිල්වලා යනු බලා

දිලිසෙන පිනි බිඳු මුතු ගොතලා
නිල්වන් සළු එලලා
ගුවන් තලේ - පුරා ලෙලේ
කිරි සුදු උඩු වියනක් බැඳලා

රොන් සොයා...

තුරුලිය අතු ඉති මුකුළු කලා
මල් මල් සෙමර සලා
ලිහිනි ගිරා - නුරා රසේ
විඳ විඳ - කිචි බිචි කියනු ඇසේ

රොන් සොයා...

ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - සරත් දසනායක
චිත්‍රපටය - ආවා සොයා ආදරේ


ඔය බැල්ම ඔය කැල්ම

ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ
පුබුදාවී මල් මාගෙ නොඉඳුල් හිතේ
සඳ රැල්ල කිරි වැල්ලෙ ඉතිරි ගියා
සැනසෙන්න අප දෙන්න දිනුවා කියා

සෙවණැල්ල මෙනි ඇල්ම සංසාර යේ
ඔබ මාගෙ ආලෝකේ වේ අන්ධකාර යේ
ගඟුලැල්ල දියවැල් සෙ බැඳෙමි ප්‍රියේ
ඔබ මාගේ උල්පත වේ මේ කාන්තාර යේ

නොකැළැල්ලය නොඉඳුල්ය ප්‍රේමේ අපේ
එය දන්න වන විල්හි මානෙල් පිපේ
ඔය බැල්ම ඔය කැල්ම...
සඳ රැල්ල...

ගම්මානේ පෙම් සිහිනේ එළි වී ඉතින්
වන මල් ද දිය වැල් ද ඉපිලී තුටින්
ලද හින්ද හීන බැන්ද මගෙ රූපිකා
සුරඹුන්ද පවසන්නේ තුති ගීතිකා
අඹරෝරේ මනහාර තරු මල් මවා
සන්තෝසේ පවසාවී දෙවියන් පවා

ගායන සහය - ධර්මදාස වල්පොල
ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - කුරුළු බැද්ද


රැජින මමයි

රැජින මමයි අපේ රාජ්ජේ
රැජින මමයි රැජින මමයි රැජින මමයි - අපේ රාජ්ජේ
මගෙ සැමියා රජා තමයි
ඔහුගේ අණට කැලෙත් සැලෙයි
ගසුත් වැලුත් ගලුත් නැමෙයි - අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ

සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි සෙබළු අපියි සෙබළු අපියි -අපේ රාජ්ජේ

ඒ කන්දත් අපේ තමයි
මේ කන්දත් අපේ තමයි
කඳුයායම අපේ තමයි - අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ
සෙබළු අපියි අපේ රාජ්ජේ
සෙබළු අපියි සෙබළු අපියි සෙබළු අපියි - අපේ රාජ්ජේ

අපේ බලේ කඩුවෙ බලේ
අපේ බලේ දුන්නෙ බලේ
අපේ බලේ සමගි බලේ - අපේ රාජ්ජේ
රැජින මමයි අපේ රාජ්ජේ
රැජින මමයි රැජින මමයි රැජින මමයි - අපේ රාජ්ජේ

ගී පද රචනය - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් ශාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - සන්දේශය


සඳ කොමලී

සඳ කොමලී තරු පිරිවරලා
නිල් අඹරේ නැග එන්නා
අති සෝබමාන රාත්‍රී

සුදු කෞමද මල් පිබිදෙන්නා
සොමි කාන්ති රශ්මි වැදීලා
සිත පිරියා - කරවන්නේ - මේ සිරියා - හදපානේ
ලොව සැම තැන කිරි ඉතිරෙන්නේ
අති සෝබමාන රාත්‍රී
සඳ කොමලී...

ගුම් ගුම් නද දී වී රාසී - රොනටා එති සුමිහිරි
බඹරුන්ගේ - ගී නාදේ - දෙසවන් මා - පිනවන්නේ
මේ සුන්දර වූ හඳපානේ - අති සෝබමාන රාත්‍රී
සඳ කොමලී...

හා හා මගෙ ගත වත රුසිරී
සොරකම් කරන්ටා සැරසී
කැඩපතෙහි - තුළ සැඟවී - ඉඟිකරනා - සුකුමාරී
තී කවුරුද මා ලෙස සම වී
අති සෝබමාන රාත්‍රී
සඳ කොමලී...

ගී පද රචනය - ඩබ්. බෙනඩික්ට් ප්‍රනාන්දු
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - මාතන්


ඕ රාත්‍රියේ මේ යාමේ...

ඕ රාත්‍රියේ මේ යාමේ - සද රාජයා බලන්නේ
මාගේ අඩු තියේ නං - කෝ මට කියානොදෙන්නේ

අද මූනේ කෝ එ දිස්නේ - අද කෝකටත් කතා නෑ
දුක මේ නැගී දුර්මුඛ වේ
පිස්සු නොවේද මා ඉන්//
මගේ දොසේ ඇයිද මොකදෝ
ඔව් අසමි කො කියන්නේ
මාගේ අඩු තියෙනම් - කෝ මට කියා නොදෙන්නේ

ඕ රාත්‍රියේ මෙ යාමේ - සද රාජයා බලන්නේ
මාගේ අඩු තියේනං - කෝ මට කියා නොදෙන්නේ
හිත වාව ගන්න බැරි වී... කවුදෝ එසේ කියන්නේ
ඒ රහස මාද දන්නේ
නෙත් යුවල තී නිසානේ
නෙත් යුවල දුටුව දේ හා
සිත් කෙලෙස දෑ මකන්නේ
මාගේ අඩු තියේනම් - කෝ මට කියා නොදෙන්නේ

ඕ චන්ද්‍රා අහසේ බැසලා - දැන්නම් හෙමින්නෙ එන්නේ
මුලා වෙලා සිටින්නා
තෝරා කියලා දෙන්නේ
වරදක් වුණයි කියලා - නෑ නෑ අනේ හිතන්නේ
මාගේ අඩූ තියේනං - කෝ මට කියා නොදෙන්නේ
ඕ රාත්‍රියේ මේ යාමේ - සඳ රාජයා බලන්නේ
මාගේ අඩූ තියේනං - කෝ මට කියා නොදෙන්නේ

ගායන සහය - ධර්මදාස වල්පොල, මොහිදින් බෙග්
ගී පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - හේමන්ත් කුමාර්
චිත්‍රපටය - අහිංසක ප්‍රයෝගය


පොකුරු පොකුරු මල් සැණකෙළි...

පොකුරු පොකුරු මල් සැණකෙළි ඔමරි ලතාවයි
නුහුරු හැඟුම් මා වටකර රඟන ලතාවයි

බින්දු බින්දු පිණි මුතුමැල් මග සරසනවා
මට නොපෙනීම හෙමි හෙමිහිට පිය එසවෙනවා
කුරුල්ලනේ රෑන් රෑන් කොහේ යන්නදෝ
අනේ මටත් ඉගිල්ලෙන්න කියා දෙන්නකෝ

මට මතකයි මට මතකයි පුංචි කාලෙ මං
රෑ හීනෙන් දේදුන්නේ නැගී ගියා මං
ඒ පෙනිච්ච මිහිරි හීන දැන් සැබෑවුණා
රිදී කාසි සැලෙන හඬින් හිත හිනාවුණා

මිටියාවත සුදු මිහිදුම් හිම සිහිල් සුවේ
පාවි පාවි මං යනවා හිත සැහැල්ලුවේ
කවුරුන් හෝ මට කියන්න කනට කොඳුරලා
ආදරේද මේ දැනෙන්නෙ සුවඳ හල හලා

ගී පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
චිත්‍රපටය - වාසනා


කළු කැලණි නදී...

කළු කැළණි නදී ගලා යාවී//
හෝ හෝ.... මනහර සිරිය ලංකාවේ//

සමනළ කිරිගල පිදුරුතලාගල
ආඳාගල කඳු පේලී
හග්ගල පේරාදෙණියේ මල්වතු
දුන්හිඳ ඇල්ලේ සෝබා...//

කළු කැළණි නදී...

සීගිරි සිතුවම් දඹුළු පොළොන්නරු
ගල් කැටයම් පෙළ සෑදී
අවුකන පිළිමේ දෙන බුදු මහිමේ
ඉසුරුමුණියෙ මනහාරි

කළු කැලණි නදී...//

සොරබොර වැව හා මයියංගනයද
බින්තැන්නට හිමි වූවේ
කතරගමේ කිරි වෙහෙර තිබෙන්නේ
නාගදීප ඇත උතුරේ...//

කළු කැලණි නදී...//

ගායන සහය - සුසිල් ප්‍රේමරත්න
සංගීතය - සුසිල් ප්‍රේමරත්න


සුදට සුදේ...

සුදට සුදේ වළාකුළයි
නිල් අහසේ පාවෙන්නේ
කන්ද උඩින් පණිවිඩයයි
පුතුට මගේ ගෙන එන්නේ
දොයි දොයි දොයිය පුතා - බයි බයි බයි බයිය පුතා

සුරංගනාවනුයි වලාකුළ
ඔසා ගෙන ඉන්නේ
හද මාමයි සිනාසිසී
රිදී පහන අල්ලන්නේ
දොයි දොයි දොයිය පුතා - බයි බයි බයි බයිය පුතා

හදපානේ මද සුළඟයි
එපණිවිඩය කියවන්නේ
අහසේ රන් තරු අතරින්
දෙවියන් එය ලියවන්නේ
දොයි දොයි දොයිය පුතා - බයි බයි බයි බයිය පුතා

තව මුහුණකි පුතුගෙ වගේ
කන්දේ ඒ බැබළෙන්නේ
ඒ මුහුණයි මේ මුහුණයි
තව ටිකකින් සිපගන්නේ
දොයි දොයි දොයිය පුතා - බයි බයි බයි බයිය පුතා

ගී පද රචනය - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් ශාන්ත
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටය - සන්දේශය