|
|
කොතරම් හොඳට හිටියත් කටකතා හැදෙනවලු
ශාලිකා සොයිසා
ඇය වෘත්තීමය වශයෙන් නිරූපිකාවක්. ඒත් එක්කම වෘත්තීමය නිළියක් වන්නටත් ඇයට අවශ්‍යලු. නමුත් ඒ සඳහා හදාරන්න හිතක් නම් ඇයට නැහැ. තමන්ට දෙවියන් විසින් ලබා දුන් රුව සහ හැකියාව උපයෝගී කර ගනිමින් කලා කටයුතුවල යෙදෙනවා කියලයි ඇය කියන්නේ. මේ ලෙසින් ගෙවන කලා ජීවිතය ඉතාමත් සුන්දරයිලු. ඒ වගේම මෙතෙක් හමු වූ මිනිසුන් ඉතාමත් වැදගත් මිනිසුන් බව ඇය කියනවා. කලා ලොවේ සිටින බොහෝ තරුණ නිළියන්ට කට කතා හැදෙන එක අනිවාර්ය කාරණයක් වෙලා. ශාලිකා නම් ඒ ගැන වෙනස්ම මතයකයි ඉන්නේ. කොතරම් හොඳට හිටියත් කටකතා හැදෙනවලු. ඒ වගේම ඒවා සාවද්‍ය පුවත්ලු. ශාලිකා පවසන්නේ එහෙමයි.
ශාලි ශාලිකාට ලැබිලා තියෙන රුව ගැන මොකද හිතෙන්නේ? අනේ මට නම් හොඳටම ඇති මේ ලැබිලා තියෙන රුව. මොකද මං ලස්සනයි කියලා හුඟක් අය කියලා තියෙනවා. ඔය රුව රැක ගන්න මොන වගේ දේවල්ද කරන්නේ? විශේෂ මුකුත් දේවල් නැහැ. අනෙක් ගැහැනු ළමයි කරන දේවල් විතරයි කරන්නේ. රඟපාන්න ගිහින් වෙච්ච අමතක නොවන අත්දැකීම් මොනවද තියෙන්නේ? පළමු රංගනය ඉදිරිපත් කළ දින අද වගේ මතකයි. ඒක තමා අමතක නොවන මතකය. ඔබ කැමැතිම නළු නිළියන් කවුද? නළුවා විශ්ව කොඩිකාර. නිළියක් නම් නැහැ. රඟපාන්න කැමැත්තෙන් ඉන්න චරිතයයක් තිබෙනවාද? ඔව්. සැර තරුණියකගේ චරිතයක් කරන්න ආසයි.
ශාලිකාට තමා ආස කරන චරිතය ලැබෙන්න කියලා අප පතනවා. ඒ වගේම කියන්න ඕනෑ මේ තමයි ඇයගේ පළමු පුවත්පත් ලිපිය. ශාලිකාට ඉක්මනින් තරහා යනවලු. ඒ ගති ගුණය හදාගන්න ඕනලු. ඉක්මනින්ම මේ වන විට අධ්‍යාපන කටයුතු නිම කොට සිටින ශාලිකාව තව නොබෝ දිනකින් ටෙලි නාට්‍ය කිහිපයකින්ම දැක බලා ගන්න පුළුවන් වේවි.
|



ඇගේ නම ශාලිකා සොයිසා. මේ දිනවල විකාශය වන උතුම් පැතුම් ටෙලි සිතුවමේ නිශානි
මෝස්තර නිරූපිකාවක විදිහට ක්ෂේත්‍රයට අවතීර්ණ වූ ශාලිකා මේ වන විට රංගන ශිල්පිණියක
ලෙසින් ජීවිතයේ ඉදිරිය දැකීමට තීරණය කොට තිබෙනවා. ඇය කාලාන්තරයක් තිස්සේ
නිළියක්වීමට හීන දැක්කා. එහෙත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කිසිම අයකු නොදැන සිටීම
හේතුවෙන් ඒ හීනය කෙමෙන් වියැකෙමින් තිබුණා. ඔය අතරේ තමයි ඡායාරූප ශිල්පියකු වන
අමිත් එස්. සේනාරත්න ශාලිකාට මුණ ගැසෙන්නේ. ඔහු මාර්ගයෙන් ඇයට නිල්වලා ආයතනයේ ලලිත්
වසන්ත සහ සඳුන් රාජකරුණාව මුණ ගැසෙනවා. ස්ක්‍රීන් ටෙස්ට් එකකින් අනතුරුව ශාලිකාට හා
හා පුරා කියලා චරිතයක් හිිමි වෙනවා. ඒ ආදරෙයි ගින්දරක් ටෙලි සිතුවමේ. ඉන් පසුව තමයි
උතුම් පැතුම් හි නිශානිව හිමි වන්නේ. මේ වන විට තවත් නාට්‍ය කිහිපයකටම ශාලිකාට
ඇරැයුම් ලැබී තිබෙනවා. ඒවාට අමතරව චිත්‍රපටයකටත් දායක වන්නයි ඇය හිතාගෙන ඉන්නේ.
කාගේ ගෙවල් තියෙන්නේ පානදුරේ. පානදුර ශාන්ත අන්තෝනි බාලිකා විදුහලෙනුයි ඇය
ඉගෙනුම ලැබුවේ. ශාලිකාගේ උපන් දිනය කියනවා නම් 1996 අප්‍රේල් මාසයේ 14 වැනිදා.
හරියටම සිංහල අවුරුදු දින. තවම ශාලිකාට වයස අවුරුදු විස්සයි. තවම ඇයට පෙම්වතකු
නැහැ. ඒ සඳහා කාලයට ඉඩ දීලා බලාගෙන ඉන්නවා කියලා ඇය පවසනවා. ශාලිකාගේ විස්තර ඇය
විසින් පවසාගෙන යන විට අතරමගදී අප විසින් ඇයට අතුරු ප්‍රශ්න කිහිපයක් ද යොමු කළා.