වර්ෂ 2016 ක්වූ මාර්තු 31 වැනිදා බ්‍රහස්පතින්දා




FUN MUSIC

FUN MUSIC

අලුත් මියුසික් වීඩියෝ ගැන කියවමු
මේ සෑම වීඩීයෝවක්ම www.sarasaviya.lk ඔස්සේ නැරඹිය හැකිය

උපුල්ගේ රැඟුම

වරෙල්ලා යමල්ලා
සිහනාදේ පතුරාලා
පැනලා බිම වැටිලා
උඩ පන්දු අල්ලාලා
දන නමලා දිගහැරලා
බැට දෙනවා බලපල්ලා
ගයල්ලා වයල්ලා
කුසලානේ ගෙනල්ලා

ගමේ ගොඩේ කඩ පිලේ
උතුරන සන්තෝසේ
ලොවම බලාගෙන අපෙ දස්කම්
හොර රහසේ
වෙනස් කරමු අහස පොළව
පතුරන මදහාසේ
ඉතින ලියමු රන් අකුරින්
ආයෙත් ඉතිහාසේ
වරෙල්ලා . . .
එකම අත්වලින් එක අරමුණකින්
නැඟිටිනවා
ඉලක්කයට ලකුණ ලකුණ තව
එකතු කරනවා
අඩිය අඩිය තියලා දිනන බව
සිතට දැනෙනවා
සිංහ පැටවු ගැන මුළු ලෝකෙම
හොඳට දන්නවා
වරෙල්ලා . . .

ගායනය - රුවන් හෙට්ටිආරච්චි
පද රචනය - ජගත් පෙරේරා
සංගීතය - චමිත් සංගීත් සමඟ ලහිරු පෙරේරා
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - විකුම් පියුමාල් (V සිනමා)
කැමරා අධ්‍යක්ෂණය - අරුණ දෙල්වල
රඟපාන පිරිවර - ශෙරිල් ඩෙක්ර් (අමා) සහ උපුල් චන්දන ඇතුළු පිරිස

මෙය රුවන් ගැයූ නවතම ගීතයයි. මේ දිනවල වැඩි වශයෙන් ක්‍රිකට් ගීත නිර්මාණය වෙමින් පවතිනවා. ඒ හින්දම වෙන්න ඇති රුවන් ද එවැනි වූ ගීතයක් ගැයුවේ. පිළියන්දල අවට මෙම ගීතය රූගත කොට තිබෙනවා. මෙහිදී තමන්ගේ වීඩියෝව සඳහා ක්‍රිකට් ක්‍රීඩක උපුල් චන්දනගේ පැමිණීීම බෙහෙවින් අගය කරනවා කියලා රුවන් කිව්වා. මෙහි රූපගත කරද්දී හදිසියේම විදුලිය විසංධි වුණාලු. මේ හේතුවෙන් රාත්‍රී අටට පමණ නිමා වන්නට තිබුණු රූපගත කිරීම අවසානයේ පාන්දර දෙක තුන වනකම් ගිහිල්ලා.

අවසානේ ඇරැඹුම

මායාවී ඔබ ගියදා මං මුලා වී
අඳුරේ කඳුළින් මා සිත ගිලීලා
වියැකී මියැදී ගිය ජිවිතෙන්
යළි මා ජීවය ලැබුවා

ඔබ නොදැක මොහොතක් ලතැ වූ කාලයේ
මගෙ හුස්මත් ඔබ යැයි සිතු ඒ කාලයේ
ජීවිතයෙන් ආදරේ මොහොතේ
මා හැරදා යාවි

මායාවි යාවී මා හැරදා යාවි
දිවි හිමියෙන් පෙම් කෙරුවත් යාවි
යාවී යාවී මා හැරදා යාවී
ආදරය නොහඳුනන ඔබ යාවි

රන් මුතු මට නෑ
කසී සළු මට නෑ
මගෙ ලෝකයෙ ඔබ පැතු දේවල් නෑ
එනමුදු ආයේ හදවත උතුරා
ගලනා තරමට පෙම් කෙරුවා මා
ඒ බව නොදැනද මගෙ සිත තලලා පෙළලා
දැන දැන මට මාව ද නැති කෙරුවේ
මායාවි . . .
මට දුක නෑ මං තරහත් නෑ
මගෙ ලෝකයෙ ඔබ සුවඳත් නෑ නෑ
නිදහසෙ පියඹා මා දැන් යනවා
ඔබේ ලෝකෙන් මා යන්නම යනවා
ආයෙත් ආවත් මගෙ සිත කොහෙදෝ සෙව්වත්
ඒ මියැදුණ සිත යළි එන්නේ නැ
මායාවී මායාවි
ඔබ හැරදා යාවී මා රැවටූ ඔබ හැරදා යාවී
මායාවී මායාවී ඔබ හැරදා යාවී
මායාවී හැරදා මා යාවී

ගායනය - ප්‍රදීප් රංගන
පද රචනය - ප්‍රදීප් රංගන
සංගීතය - ප්‍රදීප් රංගන
මියුසික් වීඩියෝවේ අධ්‍යක්ෂ - චමු ශ්‍රී

ප්‍රදීප් මීට ප්‍රථම ගැයූ පෙම් සිහිනේ ඔබට මතක ඇති. එය ලැබූ ජනප්‍රියත්වය ඉතාමත් ඉහළයි. පෙම් සිහිනේ දෙවැන්න ලෙසිනුයි මායාවි නිර්මාණය වී ඇත්තේ. පෙම් සිහිනේ වීඩියෝව අවසන් වන තැන සිට මායාවි වීඩියෝව ඇරැඹෙනවා. පෙර වීිඩියෝවේ රඟපෑ දසුන් - මධුෂා යුවළමයි මායාවි වීඩියෝවේද රඟපාන්නේ. මොරටුව අවට ප්‍රදේශයන්හි මායාවි රූගත කොට තිබෙනවා.