|
සල්මන්ගේ අලුත් චිත්රපටය පාකිස්තානයට
සල්මන් ඛාන් රංගනයෙන් දායක වන Bajrangi Bhaijaan (බජ්රන්ගී භායිජාන්) චිත්රපටය දැන් සූදානම්ව සිටින්නේ ලොව පුරා බොලිවුඩ් රසික රසිකාවන් හමුවීමටයි. මොන රටේ පෙන්නුවත් ඇතැම් බොලිවුඩ් චිත්රපට පාකිස්තානයේ තිරගත කරන්න තහනම්. ඒ වුණත් බජ්රන්ගී භායිජාන් චිත්රපටය නම් පාකිස්තානයේ තිරගත වනු ඇති බවට මත පළ වී තිබෙනවා. චිත්රපට බෙදාහරින්නන්ගේ අදහස අනිවාර්යයෙන් එය පාකිස්තානයේ ද තිරගත වනු ඇති බවයි. එක් මිනිසෙකුගේ අරමුණ කතා කිරීමට නොහැකි ගැහැණු ළමයෙක් පාකිස්තානයේ පිහිටි ඇයගේ නිවෙස වෙත කැඳවා ගෙන යාමයි. එය ඔහුගේ එකම අභිප්රාය බවටද පත් වේ. බජ්රන්ගී භායිජාන් කතා පුවත පෙළ ගැසෙන්නේ මේ ධනාත්මත පණිවුඩය සමඟිනි. ඒ නිසා පාකිස්තානයෙන් යහපත් ප්රතිචාර ලැබෙනු ඇති බව චිත්රපට බෙදාහරින්නන්ගේ අදහසයි. බජ්රන්ගී භායිජාන්හි සල්මන් සමඟින් කරීනා කපූර් සහ නවුසුදීන් සිද්දික් රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම සල්මන්ගේ චිත්රපටවල ගුරුත්වාකර්ශනය අඩුවීමත් ඉහළ ප්රසිද්ධියක් ලබා ඇති කාරණයක්. ගුරුත්වාකර්ශනය අඩු ක්රියාදාම ජවනිකා වෙනුවෙන් බොහො දෙනා වැඩි කැමැත්තක් දක්වනවා. බජ්රන්ගී භායිජාන් චිත්රපටයේත් එවැනි දර්ශන තිබුණත් එහි හැඟිම්බර අවස්ථාද නැතුවා නොවේ. මීට පෙර පාකිස්තානය හා සම්බන්ධ ඇතැම් සිදුවීම් ඇති චිත්රපට පාකිස්තානයේ තිරගත කිරීම තහනම් කෙරුණා. ඒජන්ට් විනෝද් චිත්රපටය වගේම සල්මන් රංගනයෙන් දායක වූ ඒක් තා ටයිගර් චිත්රපටයත් පාකිස්තානයේ තහනමට ලක් වුණා. රට පිළිබඳව සහ මුස්ලිම් ජාතිකයන් පිළිබඳව වැරදි ප්රතිරූපයන් ගොඩනඟන බව චෝදනා කරමිනුයි ඇතැම් චිත්රපට පාකිස්තානයේ තහනමට ලක් වුණේ. බජ්රන්ගී භායිජාන් චිත්රපටයේ වැරදි ප්රතිරූපයක් නොමැති නිසා එය පාකිස්තානයේ තිරගත වේවි යන බලාපොරොත්තුව දැන් ඇති වී තිබෙනවා. කබීර් ඛාන් අධ්යක්ෂණය කළ බජ්රන්ගී භායිජාන් ලබන ජුලි 17 වැනිදා සිට තිරගත වීමට නියමිතයි. |