|
|
ඩියෝල් පවුලට දෙවියන්ගෙන් තෑග්ගක්
ඊෂා හරිම ලස්සන ඡායාරූපයක් පසුගියදා අන්තර්ජාලයට එක් කරලා තිබුණා. එහි ධර්මේන්ද්‍ර, විභාව් සමඟින් අලුත් අමුත්තා පෙනී සිටිනවා. මේ පුංචි මුණුබුරා තම සීයා වෙත දෑත දිගුකරගෙන සිටින අවස්ථාවක් එහි දැක්වෙනවා. පුංචි අමුත්තාගේ නම ඩේරියන් වොහ්රා. ඩේරියන් කියන්නේ දෙවියන්ගේ තෑග්ග යනුවෙන් සඳහන් කරන්නත් ඊෂා අමතක කළේ නැහැ. ඒ විතරක් නෙවෙයි ඇය වැඩිමහල් සොයුරු සනී ඩියෝල් චිත්‍රපටයකදී කියූ දෙබසකුත් එහි සටහන් කරලා තිබුණා. සනී ඩියෝල් ඩේරියන් වෙනුවෙන් අහානා සහ විභාව්ට සුභ පතන්නත් අමතක කළේ නැහැ. |



ඩියෝල් පවුලට අලුත් සාමාජිකයෙක් ඇවිත්. ඒ නිසා මේ දවස්වල ඩියෝල් පවුලේ හැමෝම ගොඩක්
සතුටින් ඉන්නේ. මේ සුභ ආරංචිය මුලින්ම කිව්වේ යුගයක තරුවක් වූ ධර්මේන්ද්‍ර සහ
හේමාමාලිනිගේ වැඩිමහල් දියණිය ඊෂා ඩියෝල්. අලුත් සාමාජිකයා ඔවුන්ගේ දෙවැනි දියණිය
අහානාගේ පුත්‍රයා. ශාස්ත්‍රීය නර්තන ශිල්පිනියක වන අහානා විවාහ වී සිටින්නේ
ව්‍යාපාරිකයෙකු වන විභාව් වොහ්රා සමඟින්.