|
||||||||||
විදෙස් ටෙලි නාට්‍යවලට මම ඉන්නාතුරු ඉඩක් නෑ
ස්වාධීන රූපවාහිනියේ සභාපති මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක
මෙරට රූපවාහිනී මාධ්‍ය කලාවේ මහ ගෙදර සේ සැලකෙන ස්වාධීන රූපවාහිනිය ආරම්භ වන්නේ අදින් වසර තිස් හයකට පෙරාතුවය. නිවැරැදිවම කියතොත් 1979 ජූනි 05 වැනිදාය. එදා මෙදාතුර ලාංකේය ප්‍රේක්ෂකයා හා නිබඳ අත්වැල් බැඳ ගනිමින් පවුලේ නාළිකාව බවට පත් වූයේ ස්වාධීන රූපවාහිනියයි. වර්තමානයේ එය වඩාත් ජන ආකර්ෂණීය රූපවාහිනී නාළිකාව බවට පත්ව තිබේ. ඊට ප්‍රමුඛතම හේතුව වන්නේ එහි මුල් පුටුව හොබවන මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායකයන්ගේ කෘතහස්ත, හෘදයාංගම මාධ්‍ය කලා භාවිතයයි. ඔහු මෙරට ඇසිදිසි මාධ්‍ය කලාව උඩු යටිකුරු කළ පෙරළිකාර චරිතයක් බව කිසිවකුටත් රහසක් නොවේ. මහාචාර්ය දිසානායකයන් අද මෙසේ අප හා එක් වන්නේ ස්වාධීන රූපවාහිනිය වටා ගොනු වූ විමර්ෂණශීලී සංවාදයකටය.
ඉතිහාසයේ අන් කවර කලකටත් වඩා ස්වාධීන රූපවාහිනියේ විප්ලවීය වෙනසක් සිදුව ඇති බව හා තවදුරටත් සිදු වෙමින් පවතින බව අපට පෙනෙනවා. දැනෙනවා. එය මෙරට රූපවාහිනී ප්‍රේක්ෂකයන්ට නවමු අත්දැකීමක්? අපේ ස්වාධීන රූපවාහිනියට අවුරුදු තිස් හයක් පිරිලා තියෙනවා. පරණම රූපවාහිනී ආයතනය ලංකාවේ තියෙන. ඒ පැරණි බව වගේම අලුත්ම වැඩසටහන් ඉදිරිපත් කරන රූපවාහිනී ආයතනය බවට පත් වෙන්නයි අපට වුවමනා කරන්නේ. ජාත්‍යන්තරයට ගැළපෙන වැඩසටහන් අද අපි නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා පැරණිකම තියාගෙන අලුත් රූපවාහිනී මාධ්‍ය කලාවක් සමඟ ප්‍රෙක්ෂකයා හා අත්වැල් බැඳ ගැනීමයි අපේ අරමුණ. විශේෂයෙන්ම ටෙලි නාට්‍ය සඳහා විශාල ඉඩකඩක් වෙන්කර තිබෙන බවක් පෙනෙනවා? සාමාන්‍යයෙන් I.T.N. එක කියන්නේ ටෙලි නාට්‍යවලට ප්‍රසිද්ධ නාළිකාවක්. එතකොට ටෙලි නාට්‍යයට තමයි අපි වැඩිපුරම මුදල් ආයෝජනය කරන්නේ. සතියේ දවස් පහේම ටෙලි නාට්‍යය විකාශය වෙනවා. දවසකට ටෙලි නාට්‍යය පහ බැගින්. රිපීට් ඒවා ගත්තොත් ඊටත් වැඩියි. සති අන්තයේ ටෙලි නාට්‍යය නවයක් යනවා. හැබැයි එකක් කියන්නම් මේ සියල්ලම දේශීය ටෙලි නාට්‍යය. දැන් කෙනෙකුට ගැටලුවක් මතු වෙන්න පුළුවන් ජාතික නාළිකාවක ප්‍රමුඛ කාර්යභාරය විය යුත්තේ මේ ටෙලි නාට්‍යය පෙන්වීම ද කියලා. මොකද ටෙලි නාට්‍යය මත යැපෙන සංස්කෘතියක් තමයි අද නිර්මාණය වී තිබෙන්නේ. මේක හැම නාළිකාවකටම පොදු කාරණයක්?
මූලික වශයෙන් මිනිස්සු රූපවාහිනිය බලන්නේ විනෝදාස්වාදයට සහ තොරතුරු දැන ගැනීමට. දවසේ වෙහෙසට පත්වෙලා ඉන්න මිනිස්සු විනෝදය, සහනය, ආශ්වාදය සොයන්නේ රූපවාහිනියෙන්. මොකද ඒක තමයි නොමිලේ ලබා ගත හැකි එකම විනෝදය. අනෙක් ඒවාට ගෙවන්න ඕනෑ. ලෝකයේ තවම අපි දුප්පත් රාජ්‍යයක්. දුප්පත් මිනිස්සු වැඩියි. ඒ අයට සිනමා ශාලාවකට ගිහින් මුදල් ගෙවලා චිත්‍රපටයක් බලන්න ගියොත් ආදායමෙන් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙනවා. කේබල් නාළිකාවකට සල්ලි ගෙවන්න පුළුවන්කමකුත් නෑ. ච්. ඍ. ච් මඟින් බලන්න පුළුවන්කමකුත් නෑ. ඒ නිසා ඔවුන් වඩාත් නැඹුරුව සිටින්නේ ටෙලි නාට්‍යය නරඹන්නයි. ඒ කියන්නේ මේ ‘සෝප් ඔපෙරා’ කියන එක? සෝප් ඔපෙරා ලෝකයේ මේ වෙන කොට යල් පැන ගිහින් තමයි. නමුත් තාම අපේ රටේ පොදු ජනතාවගේ විනෝදාස්වාදය සපයන ප්‍රධාන වාහකය තමයි මේ ටෙලි නාට්‍යය. දේශීය සංස්කෘතියට, සදාචාරයට ගැළපෙන ගුණාත්මක, හරවත් ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන බවට බොහෝ නාළිකා ප්‍රතිඥා දෙනවා. නමුත් අපට එහෙම එකක් පෙනෙන්න නැහැ. ජනප්‍රිය සංස්කෘතිය හඹාගෙන යන ඒකාකාරී, හරසුන් ටෙලි නාට්‍යය තමයි අපට බොහෝ විට දකින්නට ලැබෙන්නේ. දැන් ස්වාධීන රූපවාහිනිය එතනින් වෙනස් වෙනවාද? ස්වාධීන රූපවාහිනිය හොඳ නාට්‍යය විකාශය කරන්න හැම වෙලේම උත්සාහ කරනවා. මොකද I.T.N. එකේ හොඳ ටෙලි නාට්‍යය නැතිනම් වෙන තැනක එහෙම ටෙලි නාට්‍යය තියෙන්න විදිහක් නෑ. හේතුව I.T.N. එකේ තමයි දිගම ටෙලි නාට්‍යය පෝළිම තියෙන්නේ. ඒ කියන්නේ සමීක්ෂණයට ඉදිරිපත් කර තිබෙන නාට්‍යය සංඛ්‍යාව ගත්තම සමහර නාට්‍යය අද අනුමත කළත් තව අවුරුදු දෙකකින් තමයි පෙන්වන්න වන්නේ. එතකොට නිර්මාණකරුවාට අසාධාරණයක් සිදු වෙන්නේ නැද්ද? ඉතින් මොනවා කරන්නද? නිර්මාණකරුවෝ ප්‍රමාණය වැඩියි. ඒ අය ධ්. ඊ. ව්. එකට කරන පොරකෑමත් වැඩියි. ඒ නිසා ටෙලි නාට්‍යය විශාල ප්‍රමාණයක් තියෙනවා. අපිට කිසිදු හිඟයක් නෑ අපි හොඳට ගෙවනවා. පසුගිය කාලේ විවිධ චෝදනා තිබුණත් දැන් එහෙම චෝදනා එල්ල වෙන්නේ නෑ අපට වෙන වෙන මාර්ගවලින් ටෙලි නාට්‍යය ගන්නවා කියලා. පසුගිය කාලේ බොහෝ නිර්මාණකරුවන්ට තමන්ගේ ටෙලි නාට්‍යය විකාශය කර ගන්නට අල්ලස් දෙන්න සිදු වුණා. රාජ්‍ය දේශපාලන හස්තය ක්‍රියාත්මක වුණා ඒ නිර්මාණකරුවන්ගේ අයිතිය කප්පාදු කරන්නට. දැන් වර්තමානයේ ස්වාධීන රූපවාහිනිය තුළ එබඳු අකටයුතුකම් සිදු නොවන බවට සහතිකයක් ඔබට දෙන්න පුළුවන්? ඔව්, පුළුවන්. එක්තරා කාලෙක අර වගේ දේවල් වුණා කියලා පාර්ලිමේන්තුවේ පවා නිතර, නිතර කියවුණා. ප්‍රසිද්ධියෙත් කතාබහ වුණා. දැන් එහෙම එකක් සිදු වන්නේ නෑ. ටෙලි නාට්‍යය මිලදී ගැනීමට මම කිසිදු අයුරකින් සම්බන්ධ වෙන්නේ නෑ. ඒවා සමීක්ෂණ මණ්ඩල දෙකකින් බලලා, ඒ මණ්ඩල දෙක අතර පරස්පරයක් මතු වුවහොත් නැවත ස්වාධීන රූපවාහිනියේ ඉන්න සියලුම උසස් නිලධාරීන් එය නරඹලා තමයි අවසන් තීරණයකට එලඹෙන්නේ. ඔබත් ඇතුළුව? මමත් ඇතුළුව. එහෙම බලලා මොකක්ද මේ පරපස්පරය කියලා තේරුම් අරගෙන ඒ අනුව අපි තීරණයක් ගන්නවා. නැතුව තනි තීරණයක් ගන්නේ නෑ. යම් හෙයකින් කිසියම් ටෙලි නාට්‍යයක් සමීක්ෂණ මණ්ඩලයෙන් ප්‍රතික්ෂේප වුණොත් ඊට හේතුභූත වූ කාරණා පිළිබඳ අදාල නිර්මාණකරුවා දැනුම්වත් කිරීමේ වැඩ පිළිවෙලක් ඔබ ආයතනය තුළ ක්‍රියාත්මක වන්නේ නෑ නේද? අපි ලිඛිතව නම් දැනුම් දෙන්නේ නෑ. ඒත් කිසියම් නිර්මාණකරුවෙක් විමසුවොත් සමීක්ෂණ මණ්ඩලයෙන් ඒක සාරංශයක් වශයෙන් කියනවා. මෙන්න මේ මේ වගේ අඩුපාඩුකම් පෙන්වලා තියෙනවා කියලා. විකාශය සඳහා ටෙලි නාට්‍යයක් තෝරා ගන්නේ කිසියම් විධිමත් ක්‍රියා පරිපාටියකට අනුව? ඔව්. ඒ තීන්දු අප ලබා දෙන්නේ සීල් කරපු කවරවල. ඒවා අපි ප්‍රසිද්ධියේ විවෘත කරන්නේ, ප්‍රසිද්ධියේ කියෝනවා හැමෝටම ඇහෙන්න ඒ වාර්තාව. ප්‍රසිද්ධියේ ලකුණු ගාණත් කියනවා. අපි දොළොස් දෙනෙක් විතර ඉන්නවා උසස් නිලධාරීන්. ඊට පස්සේ අපි තීරණයක් ගන්නවා මොකද කරන්නේ කියලා. එතකොට බාහිර සමීක්ෂණ මණ්ඩලයේ කොපමණ සාමාජිකයන් පිරිසක් ඉන්නවාද? පස් දෙනෙක් එකවර බලනවා. එහි මුළු පිරිස නම් දොළහක් පමණ. නමුත් සමහරු දැන් ක්‍රියාකාරී නෑ. කුමන සංයුතියකින් සැදුම් ලත් පිරිසක්ද? ලංකාවේ ප්‍රවීණතම විචාරකයෝ, කලාකරුවෝ, විද්වතුන් ඉන්නවා. නමුත් ඔවුන් අදාල කාර්යයේ නිරතව සිටින්නේ තමන්ගේ අනන්‍යතාය සිවිල් සමාජයට හෙළි නොකරමින්. දැන් තොරතුරු දැන ගැනීමේ පනත සම්මත වුණොත් එහෙම අපට පුළුවන් ඒ කවුද කියා දැන කියා ගන්න? පුළුවන්. ඒකේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒවා ඕනෑ වෙලාවක ලිඛිතව තිබෙනවා අදාල ලිපි ගොනුවල. අද බොහෝ රූපවාහිනී නාළිකා මඟින් හඬ කැවූ විදෙස් ටෙලි නාට්‍යය විකාශය කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා? ඔව්. අප හැර සියලු නාළිකා. ද ඔබ මහ පුටුවේ ඉන්න තුරු ස්වාධීන රූපවාහිනියෙන් එබඳු හඬ කැවූ ටෙලි නාට්‍යය විකාශය නොකරන බව 36 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී ඔබ ප්‍රකාශ කළා. නමුත් බහුතර ප්‍රේක්ෂක පිරිසක් ඇබ්බැහිි වෙලා ඉන්නවා එහෙම විදෙස් ටෙලි නාට්‍යය නරඹන්නට. දේශීය ටෙලි නාට්‍යය පමණක් විකාශය කිරීමේ ප්‍රතිපත්තිය මත හිඳිමින් එම අභියෝගය ජයගත හැකි යැයි කියා ඔබ සිතනවාද? අපිට උදවු වෙන්න පුළුවන් දේශීය ටෙලි නාට්‍යය කලාවට. එයින් සිදු වෙන්නේ දේශීය ටෙලි නාට්‍යය කලාවේ පිබිදීමක්. ඒ වගේම ඒ කලාකරුවන්ට අතහිත දීමක්. දැන් ඉන්දීය ටෙලි නාට්‍යයක් එක් කොටසක් මිලදී ගන්න පුළුවන් එක් ලක්ෂ විසි පන් දාහක් වගේ මුදලකට. එතකොට ඒකට හඬ කවන්න තව රුපියල් පහළොස් දාහක් විතර වියදම් වෙයි. ඊට පස්සේ තව දහදාහක් ආණ්ඩුවට දෙන්න ඕනෑ ටැක්ස් එක හැටියට. ඒවා ඔක්කොම එකතු කරලා ගත්තම විදෙස් ටෙලි නාට්‍යයක් විකාශය කරන එක අපට ලාබයි. මණ්ඩල දාගෙන, බැනුම් අහ අහා ඒවා කරන්න ඕනෑ නෑ. නමුත් අපි කල්පනා කරන්නේ ශීලාචාර වැඩක් හැටියට විදෙස් ටෙලි නාට්‍යය විකාශය කිරීම කළ යුතු නෑ කියන එකයි. දේශීය කලාකරුවන්ට අත හිත දීමකුත් සිදුවන බව ඔබ ප්‍රකාශ කළා? ටෙලි නාට්‍යය කලාවෙන් යැපෙන කලාකරුවෝ, කාර්මික ශිල්පීන්, අත් උදව්කරුවන් විශාල පිරිසක් ඉන්නවා. ඔවුන් ජීවත් වෙන්නේ එකී කර්මාන්තයෙන්. එක පැත්තකින් ඔවුන් අපේ අභිමානය. දුප්පත් වුණත් අපේ අභිමානය. මේක අපි අතෑරියොත් ඒ ඔක්කොම නැතිව යනවා. ඒ නිසා අපි ඔවුන් අත හරින්නේ නෑ කියන ස්ථාවරයේ ඉන්නවා. අනෙක් පැත්තෙන් අපි හිතනවා අපිට තරගයක් දෙන්න පුළුවන් කියලා. මොකද මීට කලින් ඔය ‘රන් දෙපැය’ට අපි තරගයක් දුන්නා. එයින් ‘රන් දෙපැය’ පරාජයට පත් වුණා. නමුත් අදත් එකී නාළිකාවෙන් එබඳු ටෙලි නාට්‍යය වඩා ජන ආකර්ෂණයක් ලබමින් විකාශය වෙනවා? ඔව්. අදත් එබඳු බලවේග හිස ඔසවමින් එනවා. ධ්. ඊ. ව් එක කල්පනා කරනවා අපිට ඒකට මුහුණ දෙන්න පුළුවන් කියලා. ඒ නිසාම වෙන්නට ඇති ඔබ කිව්වේ මම ගැන ලියන්න එපා. මේ ටෙලි නාට්‍යය ගැන, ටෙලි නාට්‍යයකරුවන් ගැන ලියන්න. ඒක තමා ඔවුන්ට කරන ලොකුම උදව්ව කියලා. මම හිතන්නේ එහෙම කියපු ප්‍රථම රූපවාහිනී නාළිකා සභාපතිවරයා ඔබ වෙන්නට ඇති? ඇත්තටම මම කැමැත්තෙන් නෙවෙයි මේ ඉන්ටර්වීව් එක දෙන්නේ. ඔබ ඉල්ලපු නිසා. මම ගැන ලියලා වැඩක් නෑ. ‘කුටු කුටු මාමා’ ගැන ලියන්න. ‘රන් දම්වැල්’ ගැන කියන්න. ඊළඟට ‘කුලැත්තියෝ’ ගැන ලියන්න. ‘සඳ දියවර’, ‘පිණිමුතු වැස්සේ’ ගැන ලියන්න. දේශීය ටෙලි නාට්‍යකරුවන්ගේ හපන්කම් ගැන ලියන්න. ඒ ගැන ලිව්වොත් මිනිස්සු තව තව ආසාවෙන් බලයි. ටෙලි නාට්‍යයක් වෙනුවෙන් ගෙවූ ඉහළම මුදල පිළිබඳ වාර්තා වෙන්නෙත් ස්වාධීන රූපවාහිනියෙන්? ඔව්. මට මතක විදිහට ඒ සුදත් රෝහණ අධ්‍යක්ෂණය කළ ‘ස්වයංජාත’ ටෙලි නාට්‍යයට. ඇත්තෙන්ම ටෙලි නාට්‍යයකට හොඳ ගෙවීමක් කරන ආයතනයක් හැටියට තමයි අපි ප්‍රසිද්ධියට පත් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් කොටස් සීයක ටෙලි නාට්‍යයක් සඳහා අපි එක් කොටසකට එක් ලක්ෂ විසි පන්දාහේ සිට එක් ලක්ෂ හැත්තෑපන් දහසක්, අසූ දාහක් අතරේ මුදලක් ගෙවනවා. ඒ හැරුණාම සති අන්තයේ විකාශය වන ටෙලි නාට්‍යය සඳහා දෙලක්ෂ විසිපන් දාහේ සිට ලක්ෂ තුන දක්වා මුදලක් අපි ගෙවනවා. සමහර විට ඊටත් වඩා. ටෙලි නාට්‍යයක් සඳහා ගෙවන මුදල නිර්ණය කරන්නේ කවර සාධකයක් මතද? ටෙලි නාටයයක් බලපුවාම අපිට තේරෙනවා ඒ සඳහා වැය වී ඇති මුදල සහ එහි ගුණාත්මකභාවය. ඒ නිසා අපි කුණුකොල්ලෙට ටෙලි නාට්‍යය ඉල්ලන්නේ නෑ. අද කොපමණ ටෙලි නාට්‍යය බිහි වුණත් ඒවා ප්‍රේක්ෂක මතකයේ රැඳෙන්නේ නෑ. නමුත් පළිඟු මැණිකේ, දිමුතු මුතු, යශෝරාවය, කඩුල්ල, දඬුබස්නාමානය වගේ ටෙලි නාට්‍යය අදටත් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. එවැනි නාට්‍යය සංස්කෘතියක් අද බිහි නොවන්නේ ඇයි? කරුණු දෙකක් තියෙනවා මට හිතෙන විදිහට. එකක් තමයි ඔය ඉන්දියානු දීර්ඝ ටෙලි නාට්‍යයවල ආගමනය. ඒකට මුහුණදිමට ලංකාවේත් එබඳු දීර්ඝ ටෙලි නාට්‍යය නිර්මාණය වුණා. එතකොට මේවාට ගෙවන්න පුළුවන් මුදල සීමාසහිතයි. අද රූපවාහිනී නාළිකා අතර තිබෙන දැවැන්ත තරගය නිසා සමහර විට එක නාට්‍යයකට ගෙවන්න පුළුවන් මුදල පෙරටත් වඩා සීමාසහිත වෙලා තියෙනවා. අර ඛ්ර්‍ථඅර්‍ථ කියන ගණන් හැදීම තුළ රේටින් අගයකට ගෙවන මුදල රූපවාහිනිය නරඹන ප්‍රේක්ෂක සංඛ්‍යාවෙන් බෙදිලා යනවා. ප්‍රෙක්ෂක සංඛ්‍යාව අඩු වුණ ගමන් එම දැන්වීම් සඳහා ගෙවන මුදල අඩු වෙනවා. ඒ සූත්‍රය පදනම් කරගෙන තමයි ටෙලි නාට්‍යයකට ගෙවන මුදල තීරණය වෙන්නේ. මේ මිල සූත්‍රය නිසා ප්‍රශස්ත මට්ටමේ ටෙලි නාට්‍යය නිර්මාණය වීමේ ප්‍රවණතාව අඩු වෙන්න පටන් ගත්තා? එහෙම ලොකු ටෙලි නාට්‍යයක් නිෂ්පාදනය කරලා අද ඒ මුදල හොයාගන්න බෑ. පහුගිය කාලේ එක එපිසෝඩ් එකකින් රුපියල් පනස් දාහ ගානේ දෙන්න වුණානේ. එක කොටසකට රුපියල් එක් ලක්ෂ විසි පන්දාහයි නම් ගෙවන්න පුළුවන් ඒකෙන් පනස් දාහක් කප්පමක් හැටියට දුන්නාම එතකොට හිතාගන්න පුළුවන්නේ නිර්මාණකරුවාගේත්, නිෂ්පාදකයාගේත් ඉරණම ගැන. මේ රේටින්ස් සංකල්පය නැතිනම් තියරි එක, එකම සාධාරණ විනිශ්චය කියලා ඔබට හිතෙනවාද, ටෙලි නාට්‍යයක ජනප්‍රියත්වය කිරා මැන බලන? එය සාධාරණ නොවෙන්න පුළුවන්. නිවැරදි නොවෙන්නත් පුළුවන්. නමුත් අවාසනාවකට වෙළෙඳ දැන්වීම් සපයන ආයතන මාධ්‍ය ආයතනයක චිත්‍රය බයිබලයක් හැටියට තියාගෙන ඉන්නේ මේ වාර්තාවෙන්. එතකොට මේ වාර්තාවෙන් තමයි ඒගොල්ල ඕනෑම චැනල් එකක් මනින්නේ. ඕනෑම ගුවන් කාලයක්, ඕනෑම ටෙලි නාට්‍යයක් මනින්නේ. ඒක හරි වෙන්න පුළුවන්. නැතිනම් වැරැදි වෙන්නත් පුළුවන්. නමුත් කරන්න දෙයක් නෑ. එතකොට ඒ මිම්ම මත තමයි වෙළෙඳ දැන්වීමේ වටිනාකම තීරණය වෙන්නේ. දිගු ටෙලි නාට්‍යය පෝළිමක් තිබෙන බව ඔබ සඳහන් කළා. එතකොට ඒ ටෙලි නාට්‍යය විකාශය කිරීමේ අනු පිළිවෙල සැකසෙන්නේ කොහොමද? දැන් මෙහෙමයි, අපි දන්නවා රෑ 7.00 සිට 7.30 දක්වා රූපවාහිනිය වටා රොක් වී ටෙලි නාට්‍ය නරඹන පිරිස. ඔවුන්ගේ වයස් කාණ්ඩ, ගැහැනු පිරිමි සංයුතිය ආදී වශයෙන් ඒ පවුල් සංස්ථාව පිළිබඳ අවබෝධයක් අපට තියෙනවා. ආපහු රාත්‍රී 8.00 සිට 8.30 දක්වා වාඩිවෙන පිරිස මොන වගේ ද කියලා දන්නවා අපි. ඊළඟට 8.30 සිට 9.00 දක්වා වාඩිවෙන පිරිස මොන වගේ ද කියලා. එතකොට එතනින් එහා පැත්තේ කවුද වැඩිපුර රූපවාහිනිය නරඹන්නේ කියා අපි දන්නවා. ඒ ඒ ප්‍රේක්ෂක පිරිස් ඉලක්ක කරගෙනයි ඔබ ටෙලි නාට්‍යය සඳහා ගුවන් කාලය වෙන් කරන්නේ? උදාහරණයක් හැටියට හිතන්නකෝ දැන් රාත්‍රී 7.30 ට ටෙලි නාට්‍යය නරඹන පිරිසක් ඉන්නවනේ. ඒ කාලයට සුදුසු ටෙලි නාට්‍යය පනහක් අපි ළඟ තියෙනවයි කියමුකෝ. ඒත් පැය භාගයයිනේ දවසට තියෙන්නේ. මේ පනහෙන් එකක් ගලවලා රෑ 9.30 ට දාන්න බෑ. මොකද ඒක ගැලපෙන්නේ අර වෙලාවට. ඒක හින්දා ඔන්න ඔය ප්‍රශ්නය තියෙනවා. ඒ එක්කම ටෙලි නාට්‍යය නිෂ්පාදකයින් අපිත් එක්ක සුහදව කතා කරනවා නම් කොහොමද මේ ගුවන් කාලය තියෙන්නේ කියලා එතකොට අපිට කියන්න පුළුවන් අට හමාරේ නම් බඩු නෑ කියලා. පොඩි හිඟයක් තියෙනවා? පොඩි හිඟයක් තියෙනවා. අපි ටෙලි නාට්‍යය හොය හොයා ඉන්නේ කියලා. සමහර වෙලාවට හිඟයි. සමහර ඒවා නෑ. එහෙම එකක් තිබෙනවා. දැන් උදාහරණයක් හැටියට රාත්‍රී 8.00 කියමුකෝ. ඒක ටිකක් අමුතු වෙලාවක්. බොහෝ නාළිකාවල ප්‍රධාන පුවත් විකාශය වෙන වෙලාව? ඔව්. එතකොට එතනටත් අපි මොකක්ද දෙන්න ඕනෑ කියලා කල්පනා කරන්න වෙනවා. ටෙලි නාට්‍යය තියෙනවා පෝලිමේ ඕනෑ තරම්. ඒ වුණාට 8.00 ට හරි යන එකක් නෑ. එහෙම වුණාම අපි ප්‍රශ්නයකට මුහුණ දෙනවා. මම මේ උදාහරණයක් ගෙනහැර පෑවේ. චිත්‍රපට පෝලිම වගේ නෙවෙයි ටෙලි නාට්‍යය පෝලිම. චිත්‍රපට පෝලිමට ඕනෑ එකක් එකයි. දකුණු ආසියාවේ දීර්ඝතම ටෙලි මාලා නාටකය ‘කෝපි කඩේ’. දැන් මේක මිනිස්සු ඉතා ආසාවෙන් නරඹපු ටෙලි නාට්‍යයක් වෙලා තිබුණා එක්තරා කාලෙක. ධ්. ඊ. ව්. කිව්වොත් කෝපිකඩේ. නමුත් මෑතක සිට බොහොම ඇල්මැරුණු ස්වභාවයක් තමයි අපි දැක්කේ. පැරැණි සම්ප්‍රදාය රැකගෙන නව ආරකින් ‘කෝපි කඩේ’ ඉදිරිපත් කරන්න අදහසක් නැතිද? අපි ඒක පටන් ගත්තා. පසුගිය වසර දෙකක හෝ තුනක කාලයක් තිස්සේ ‘කෝපි කඩේ’ ටෙලි නාට්‍යය විකාශය වුණාට කෝපි කඩයක් තිබිලා නෑ. කෝපි කඩයක් නැතිව නාට්‍යය ගිහින් තියෙනවා. හැබැයි අපි පටන් ගත්තා ‘කෝපි කඩය’ක්. අලුත් කෝපි කඩයක් දැන් තියෙනවා ධ්. ඊ. ව්. එක ඇතුලේ හදලා. මුළු රටම රැස් කකා කෝපි කඩේ බලපු කාලේ එය අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයෙක් අපි ගෙන්න ගත්තා. එයාට බාර දුන්නා වැඩේ. දැන් ඔබ විශ්වාස කරයි ද දන්නේ නෑ පහුගිය සතියේ වාර්තාව බැලුවොත් ‘කෝපි කඩේ’ ඉහළටම ඇවිත් තියෙනවා. ඒ කියන්නේ අනෙක් ටෙලි නාට්‍යය අභිබවා ‘කෝපි කඩේ’ ඉදිරියට ආවා. ‘සත්‍යාගාරය’ දේශපාලන වැඩ සටහනට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබුණා. වැඩසටහන් දහයකින් පසු ‘නඩුව‘ වැඩසටහන ආරම්භ කළා. දැන් ඊළඟට ‘ගිරය’ දේශපාලන වැඩසටහන ආරම්භ කරනවා. ඇයි වැඩ සටහන් දහයෙන් දහයට මේ සිරස්තල අලුත් කරන්නේ? හරියටම වැඩ සටහන් දහයක් කියලා නෑ. ඒත් කාලයක් යනකොට මම හිතන්නේ මිනිස්සුන්ට ඕනෑම දෙයක් එපා වෙනවා. කිසියම් දෙයක් උච්චස්ථානයට, මුදුන් පෙත්තට ආවාම වැටෙන්න නොදී නවත්වන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ නිසා තමයි ‘සත්‍යාගරය’ එක තැනකට ආවේ. එතනින් පස්සේ තව යා යුතු නෑ. ඒකයි අපි ඒ වැඩසටහන නැවැත්තුවේ. ‘නඩුව‘ත් මම හිතනවා එහෙම මුදුන් තැනකට එමින් ඉන්නවා. පාර්ලිමේන්තුව ඉදිරියේදී විසුරුවා හරියි. එතකොට ‘නඩුව‘ වෙනුවට අපි ගේනවා ‘ගිරය’. මේ එක් වැඩ සටහනක දිගුවක් නෙවෙයිද අනෙක් එක? නෑ. සම්පූර්ණයෙන්ම වෙනස්. ‘ගිරය’ යයි ඊළඟ ආණ්ඩුව පිහිටුවන කල්. ඊට පස්සේ ඒකත් වෙනස් වෙලා වෙන එකක් එයි මම හිතන්නේ. සතියේ දිනවල සවස 6.30 සිට 7.30 දක්වා පැයක ප්‍රවෘත්ති විකාශයක් ඔබ හඳුන්වා දී තිබෙනවා. ‘වෙනස මාරයි හය හමාරයි’ කියලා. ඒත් විනාඩි පහෙන් පහට විවිධ නාළිකාවන් ඔස්සේ ප්‍රවෘත්ති විකාශය වන රටක පැයක් පුරා කියන්න News ස්වාධීන රූපවාහිනියට තියෙනවාද? දැන් ලෝකයේ පැයේ ප්‍රවෘත්ති තියෙනවා. සමහර විට වෙලාව වෙනස් වෙන්න පුළුවන්. පැයක් එක දිගට යන ප්‍රවෘත්ති විකාශ තියෙනවා. හැබැයි අර සාමාන්‍ය ප්‍රවෘත්ති විකාශයට වඩා වෙනස්. ඒක තනිකරම වැඩ සටහන් විදිහටයි යන්නේ. ජනතාවගේ ගැටලු කතා කරන Action line හෙවත් ‘ක්‍රියාකාරී සටන’ මේ නව ප්‍රවෘත්ති විකාශයේ එක් ජනප්‍රිය අංගයක්. එසේම දූෂණ, වංචා හෙළි කරන ‘රහසිගත සාක්ෂිකරුවා’ හෙවත් secret witness අප අලුතින් ආරම්භ කළ ප්‍රවෘත්ති විශේෂාංගයක්. ඔබ දිගු කලක් ජීවත් වුණේ ජපානයේ. මේ නව ප්‍රවෘත්ති කලාව එහි පරමාදර්ශයක්ද? ඔව්. ජපානයේ උදේ 6.00 වෙනකොට ප්‍රවෘත්ති කීම ආරම්භ කරනවා. I. T. N. අපි උදෑසන 6.00 ට දහවල් 12.00 ට හා සවස 6.30 ට ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය කෙරෙනවා. මාස තුනක් වැනි කෙටි කාලයක් තුළ අප කළ වෙනස්කම් කෙතරම් ජනතාවට සමීපද යත් අප හඳුන්වා දුන් සංවේදී ප්‍රවෘත්ති විශේෂාංගය ඔස්සේ නිවාස දෙකක් ඉදි කිරීමට අපට හැකි වුණා. ඉන් පළමු නිවස දරුවන් හතර දෙනෙකු සමඟ අසරණ වූ පවුලකට මසක් වැනි කෙටි කලක් තුළ ඉදිකර භාර දුන්නා. ඒ වගේම අනෙක් දරු පවුල සඳහා දෙවැනි නිවස ඉදිකිරීම් දැන් ක්‍රියාත්මකයි. මීට පෙර සාකච්ඡාවකදී ඔබ ප්‍රකාශ කළා පක්ෂ, විපක්ෂ බේදයකින් තොරව ඉතාමත් අපක්ෂපාතීව, සමබරව ස්වාධීන රූපවාහිනියේ ප්‍රවෘත්ති වැඩ සටහන් දියත් කරනවා කියා. එය ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්නට ඔබට හැකියාව ලැබුණා. මේක අභියෝගයක් වුණේ නැද්ද? අභියෝගයක් තමයි. ලංකාවට එහෙම දෙයක් පුරුදු නෑ. විශේෂයෙන්ම දේශපාලනඥයින්ට පුරුදු නැහැ. රජයේ නාළිකාවලට පුරුදු නෑ. ඒ පුරුදු නැතිකම හින්දම ඒගොල්ලො හිතනවා මේක එහෙම විය යුතු නෑ කියලා. දිනපතාම වාගේ ඒක අභියෝගයට ලක් වෙනවා. නමුත් ජනමාධ්‍ය ඇමැතිතුමා තරයේ ඉන්නවා අපේ ක්‍රියාපරිපාටිය හරිය කියන තැන. අගමැතිතුමා, ජනාධිපතිතුමා කිසි දවසක කතා කරලා නෑ. නමුත් ඊට පල්ලෙහා අය නම් නිතර නිතර කතා කරලා කියනවා වැඩියිනේ පෙන්නනවා කියලා. අවුරුදු දහයක්ම ඔය මනුස්සයා ඕක බදාගෙන හිටියා. ඉතින් දැනුත් ඒකේ වෙනසක් නෑනේ කියන තර්කයයි ඔවුන් මතු කරන්නේ. කෙසේ හෝ රජයේ හොරණෑවක් ලෙස හංවඩු ගසා තිබූ ස්වාධීන රූපවාහිනිය මේවන විට ජනතාවගේ සිතුම් පැතුම් තේරුම් ගත් නාළිකාවක් බවට පරිවර්තනය වෙලා? අපි මේ මාධ්‍ය හසුරුවන්නේ ජනතාවගේ පැත්තෙන් බලලයි. ඇත්තටම අද වහිනවද, අද මාළු, එළවළු මිල ගණන් කොහොමද, කොයි හරියෙද ට්‍රැෆික් තියෙන්නේ මේ වගේ දේවල් ගැන නිවැරැදිව දැනගන්න ජනතාව කැමැතියි. පෙරදා රාත්‍රියේ අපි නිදාගෙන ඉන්න අතරේ මොනවද වුණේ කියලා ජනතාව දැනගන්න ඕනෑ. ඒකයි අපි උදේ News වලින් කරන්නේ. පුවත්පත්වලත් නැති අලුත්ම ප්‍රවෘත්ති? සාමාන්‍යයෙන් පෙර දා රාත්‍රී 10.00 පමණ වන තෙක් සිදු වූ දේවල් තමයි පහුවදා පත්තරයේ පළ වෙන්නේ. නමුත් 10.00 න් පසු සිදු වූ දේවල් පිළිබඳ ජනතාවට දැනගන්නට වන්නේ උදෑසන ප්‍රවෘත්ති විකාශයකින් පමණයි. රැය නිදා සිට අවදිවන්නාට ගෙවුණු රාත්‍රියේ සිදු වූ දෑ ප්‍රකාශ කරන ලූක් ලෙයිසන්ගේ නිදි වර්ජිත මාධ්‍යවේදියා බවට අප I. T. N.ප්‍රවෘත්ති අංශය දැන් පත්ව තිබෙනවා. සුභාවිත ගීතය රැක ගැනීමේ අරමුණින් විකාශය කළ ‘සංහිඳ’ වගේ සම්මානනීය වැඩ සටහනක් අද නැවතිලා. එතකොට ‘තඹරවිල’ සංගීත වැඩ සටහන් කීපයකින් නවතා දැමුවා. මම හිතන්නේ මෙබඳු වැඩ සටහන්වලට අනුග්‍රාහකයන් සොයා ගැනීම ගැටලුවක්. ඒ අභියෝග මැඬ පවත්වාගෙන එබඳු හරවත්, ආනන්දනීය සංගීත වැඩසටහන් නැවත ආරම්භ කරන්නට හෝ අලුත් වැඩසටහන් ඉදිරිපත් කරන්නට ඔබේ අදහසක් නැතිද? එබඳු වැඩ සටහන් කරන්නට කියලා ඉල්ලීමක් ඇවිත් තියෙනවා. නවීන සංගීතයත් එකතු කරගෙන කරන්න අවශ්‍යයි එය. මොකද තාරුණ්‍යය ටෙලිවිෂන් එක ඉස්සරහට ගන්න ඕනෑ. ඒගොල්ල ඈත් වෙච්ච පිරිසක් ටෙලිවිෂන් එකෙන්. ඒගොල්ලන් එකතු කරගන්න පුළුවන් සංගීත වැඩසටහනක් කරන්න ඕනෑ කියන අදහස තියෙනවා. අවසන් වශයෙන් ‘යාන්ස් කැෆේ’ විනෝදාත්මක විශේෂාංගය ගැනත් කතා කරමු? ඒකත් අත්හදා බැලීමක්. දවසකට තුන් හතර පාරක් විනාඩි පහ ගානේ හිනාවෙන්න අවකාශය සැළසෙනවා මේ විශේෂාංගයෙන්. දුක මොහොතකට හරි අමතක කර දමලා මුළු හිතෙන්ම, ඇඟෙන්ම හිනාවෙන්න පුළුවන් දෙයක් කරන්න ඕනෑ කියලයි ඩබ්ලිව්. ජයසිරි සමඟ Yance Cafe ආරම්භ කළේ. ප්‍රවෘත්ති ඉවර වෙච්ච ගමන් අපි ඊළඟ විනාඩි පහ වෙන් කරන්නේ Yance Cafe වලට. අපි හිතනවා ප්‍රේක්ෂකයෝ ඒක ආදරයෙන් වැළඳ ගනීවි කියලා.
|
||||||||||