|
ආදරය පිළිබඳ ඇත්ත කතාවක්
වසූදා මල් කර්මාන්තයක නියැළෙන එක්දරු මවකි. ඇගේ සැමියා පස් වසරක සිට අතුරුදන්ව සිටියි. සම්ප්‍රදාය අගයන ඇය ඔහු එන තෙක් බලා සිටින්නීය. මේ අතර වසූදාට ආරව් මුණගැසේන්නේ ඔහුගේම හෝටලයකදීය. වසූදා එහි මල් සපයන්නියක ලෙස කටයුතු කරන්නීය. ආරව් හෝටලයේ ආරක්ෂක කාර්ය මණ්ඩලය ක්‍රියා කරන්නේ කෙසේද යන්න සේවීමට හෝටලය තුළ කෘත්‍රිම ගින්නක් ඇති කරයි. එහිදී ආරව් ගින්නෙන් බේරා ගන්නේ වසූදා විසිනි. ආරව් වසූදා ගැන පැහැදීමෙන් ඇයට ඔහුගේ ඩුබායිහි පිහිටි හෝටලයක රක්ෂාවක් ලබා දුන්නද වසූදා එය ප්‍රතික්ෂේප කරයි. නැවත නැවතත් සළකා බලන ලෙස ආයාචනා කළද ඇයගේ තීරණය වෙනස් නොවේ. මේ අතර වසූදාට දැනගන්න ලැබෙන්නේ ඇයගේ සැමියා වන හරී අමෙරිකානු ජාතික පුවත්පත් කලාවේදීන් පස් දෙනෙකු මරා දැමූ ත්‍රස්තවාදියෙකු බවයි. හරි යම් ලෙසකින් ඇය හමුවුවහොත් ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස පොලීසිය වසූදාට අවවාද කරයි.
හරී මෙලස වරද පිළිගෙන ඇත්තේ වසූදාට යහපත් පවුල් ජීවිතයක් ගත කිරීමට බව වටහා ගන්නා වසූදා ආරව්ගේ යෝජනාව ප්‍රතික්ෂේප කරයි. නමුත් එය වසූදාට ගෙන දෙන්නේ විශාල සිත් තැවුළකි. හරී වරද පිළිගෙන ඇත්තේ වසූදා සිත් තැවුලට පත් කිරීමට බව දැන ගන්නා ආරව් එම ස්ථානයට යන්නේ කතාවේ සුලමුල සොයා ගැනීමටය. එහි ගොස් නැවත බොම්බායට එන ගමනේදී වසූදාගේ පළමු හමුවේදී දැනුණු මල් සුවඳ යළිත් ආරව්ට දැනෙන්නට වීම සමඟ ඒ ඔස්සේ ඔහු ඉදිරියට ඇදෙයි. එය ඔහුගේ ගමනේ තීන්දුව ගෙනන බව කිසිවෙකත් නොදැන සිටියේය. වසර විසි එකක් පුරා වසූදා සොයන හරී අවසානයේදී ඇයගේ මළගමට පැමිණේ. ඔහු ඇයගේ දේහයේ අළු ස්වල්පයක් ගෙන යන්නේ ආරව් මිය ගිය ස්ථානය වෙතටයි. ආරව්, වසූදා සහ හරීගේ තුන්කොන් ආදර කතාව ගෙන එන්නේ Hamari Aduri Kahani (හමාරි අධුරි කහානි) චිත්‍රපටය යි. හමාරී අධුරි කහානි අධ්‍යක්ෂණය මොහිත් සූරි විසිනි. නිෂ්පාදනය මහේෂ් භාත් සහ මුකේෂ් භාත් ගේය. භාත් පවුල ඉන්දියාවේ සුප්‍රසිද්ධ සිනමා පවුලකි. මොහිත්, මහේෂ් සහ මුකේෂ්ගේ බෑණා කෙනෙකි. කෙටියෙන් කීවොත් හමාරි අධුරි කහානි චිත්‍රපටය පවුලේ චිත්‍රපටයකි.
හමාරි අධුරි කහානි දැඩි චිත්‍රපටයක් ලෙස ඇතැමුන් හඳුන්වා ඇත. නමුත් තාක්ෂණික අංශයෙන් විශිෂ්ට නිෂ්පාදනයක් ලෙසත් එහි සංගීතය ඉතා වැදගත් බවත් විචාරකයෝ හඳුන්වා දෙති. ආශික් 2 චිත්‍රපටයෙන් පසු මොහිත් ගෙන එන හමාරි අධුරි කහානි පළමු දිනයේ ඉපැයූ ආදායම ඩොලර් මිලියන 50ක් විය. විද්‍යා බාලන්ටද මෙම චිත්‍රපටයේ විශේෂත්වය වූයේ එය ඇයගේ බොලිවුඩ් සිනමා දිවියේ දසවස් සැමරුම සටහන් කළ චිත්‍රපටය වීමයි. විද්‍යා පවසන්නේ බොලිවුඩ් සිනමාවේ පළමු චිත්‍රපටය වූ පරිනීතා චිත්‍රපටයෙන් පසු ප්‍රේමණීය චරිතයක් හමාරි අධුරි කහානි චිත්‍රපටයේ වසූදා ලෙසින් නිරූපණය කළ බවයි.
|