සෝමදාස අබේවික්රමගෙන් ප්‍රතිචාරය
සෝමදාස අබේවික්රමගෙන් ප්‍රතිචාරය
සෝමදාස
අබේවික්‍රම තිර නාටකය ලියා අධ්‍යක්ෂණය කරන ලද කුළුදුල් ඒකාංගික ටෙලි නාට්‍යය
‘ප්‍රතිචාරය’ නමින් හෙරිටේජ් රූපවාහිනියේ විකාශය විය.
මෙහි ප්‍රේම කුමාර හපුගොඩ, රසිකා චාන්දනී, සුදර්මා ගුණසේකර ප්‍රධාන චරිත මවන අතර
මහින්ද දොඩංගොඩ, සෝමදාස අබේවික්‍රම, එච්.බී.පී. සුනිල් සෙසු චරිත සඳහා රංගනයෙන්
සහභාගි වෙති. චමිල අලහප්පෙරුම හා ක්‍රිශාන්ත කෞෂල්‍ය ආලෝකකරණයේ යෙදුනු ‘ප්‍රතිචාරයේ
කැමරා අධ්‍යක්ෂණය කුමාර ගමගේ මෙහෙය වීය.
සහය අධ්‍යක්ෂණයෙන් නලින් කාරියවසම්ද, සංස්කරණයෙන් හිරාන් අතුරලියගේද සහය වූ මේ
ඒකාංගික ටෙලි නාට්‍යය විකාශය වූයේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනි. මෙහි කතාව 2000
වසරේ පී. වැලිකල සමරු ගුවන් විදුලි නාට්‍ය උලෙළේ දී දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා
ගන්නා ලද්දකි.
- තිලානි
|