|
බර්ට්‍රම් සාරංග ප්‍රනාන්දුගෙන් සංයුක්ත තැටියක්
නව පරපුරේ ගායන ශිල්පියෙකු වන බර්ට්‍රම් සාරංග ප්‍රනාන්දු සිය ප්‍රථම සංයුක්ත තැටිය නිකුත් කිරීම සඳහා මේ දිනවල ඒ සඳහා අවශ්‍ය ගීත පටිගත කිරීම්වල නියැලී සිටින අයුරු ඡායාරූපයෙන් දැක්වෙයි. එහි එක් පසෙක සංගීතඥ නාලක අංජන කුමාර සංගීතය මෙහෙය වන අතර අනෙක් පස රැඳී ඉන්නේ ගීත රචක අජන්තා රණසිංහයි. සාරංගගේ මේ සංයුක්ත තැටිය ජුලි මස නිකුත් වීමට නියමිත අතර එහි ගීත රචනා කරන ලද්දේ ආචාර්ය අජන්තා රණසිංහ, ඒරානන්ද හෙට්ටිආරච්චි, කුසුම් පීරිස් යන අය විසිනි.
ගී දැහැනට එන්න ජාතික රූපවාහිනියෙන් ආරාධනා
මෙවර සුසර ගී දැහැනේ නුවන් ගුණවර්ධන, වජිර එදිරිමාන්න, අමල් පෙරේරා ගායනයෙන් දායක වෙති. සංගීතය මෙහෙයවීම ප්‍රේමනාත් කොඩිතුවක්කු විසිනි. එච්. ආර් ජෝතිපාලයන්ගේ ගීත ප්‍රිය කරන රසික රසිකාවන්හට මෙම අවස්ථාවට සහභාගිවීමට ජාතික රූපවාහිනිය ආරාධනා කර සිටියි. සුසර ගී දැහැන නිෂ්පාදනය සුමිත් දිසානායක විසිනි.
නූතන ජාත්‍යන්තර නාට්‍ය නිෂ්පාදනයක් සඳහා ශිල්පීන් බඳවා ගැනේ
ප්‍රවීණ නාට්‍ය වේදී එම්.සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම මගින් මෙහෙය වන නූතන ජාත්‍යන්තර නාට්‍ය නිෂ්පාදන කිහිපයක් සඳහා ශිල්පීන් තෝරා ගැනීම මේ දිනවල සිදු කෙරෙයි. මේ පිළිබඳ උනන්දුවක් දක්වන වයස 18ට වැඩි සිංහල, දෙමළ ඕනෑම අයෙකුට අයැදුම් කළ හැකි අතර ඒ සඳහා තමන් විසින් සකස් කළ අයැදුම්පතක් ‘ඉන්ටර් ඇක්ට් ආර්ට්’, බ්ලැක් බොක්ස් රඟහල, 295, යූ.ඊ. පෙරේරා මාවත, ඔබේසේකරපුර, රාජගිරිය යන ලිපිනයට හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
විමලරත්න පෙරේරාගෙන් නින්නාදේ ඇසේ
මෙහි ගායනයෙන් සහය වී ඇත්තේ ධම්මිකා වල්පොළයි. යමුනා මාලනී, ආනන්ද පත්මසිරි, දයා ද අල්විස් ගී පද ලියූ ‘නින්නාදේ ඇසේ’ හි සංගීතයෙන් රෝහණ විරසිංහ, මහින්ද බණ්ඩාර, එච්.එම්. ජයවර්ධන, සනත් නන්දසිරි යන ශිල්පීන් සහය වී ඇත.
පොල්ගහවෙල ‘නිසිසංප’ නව ජවයකින්
80 – 90 දශකවලදී ප්‍රසිද්ධියට පත් වූ ජාතික මට්ටමේ කලාකරුවන් රැසක්ම රටට දායාද කළ ස්වේච්ඡාවෙන් කටයුතු කළ කලා සංවිධානයක් වූ පොල්ගහවෙල නිර්මාණී සිනමා සහ සංස්කෘතික පර්ෂදය නැවතත් නව ජවයකින් පසුගියදා ආරම්භ කර ඇත. මේ පර්ෂදයෙන් බිහි වී රට සෑම තැනම සහ විදෙස් රටවල පදිංචිව සිටින සාමාජික සාමාජිකාවන්ට, වයඹ පළාතේ සිටින කලා කුසලතාවෙන් හෙබි සාමාජිකත්වය අපේක්ෂාවෙන් සිටින සියලුදෙනාට මේ පර්ෂදය වටා එක්රොක්විය හැකි බව එහි විධායක අධ්‍යක්ෂ ටෙලි නිර්මාණවේදී ජිනදාස එච්. ගමගේ පවසයි. මේ සඳහා 071-4715865 / 071-8240250/071-9057138 යන දුරකතන අංකවලින් හෝ ගරු ලේකම්, නිර්මාණී සිනමා සහ සංස්කෘතික පර්ෂදය, පැරැණි ලංකා බැංකු ගොඩනැඟිල්ල, දෙවන මහල, තානායම් හන්දිය, කුරුණෑගල පාර. පොල්ගහවෙල යන ලිපිනයෙන් වැඩිදුර තොරතුරු විමසිය හැකිය.
සෝමදාස අබේවික්‍රමගෙන් ප්‍රතිචාරය
මෙහි ප්‍රේම කුමාර හපුගොඩ, රසිකා චාන්දනී, සුදර්මා ගුණසේකර ප්‍රධාන චරිත මවන අතර මහින්ද දොඩංගොඩ, සෝමදාස අබේවික්‍රම, එච්.බී.පී. සුනිල් සෙසු චරිත සඳහා රංගනයෙන් සහභාගි වෙති. චමිල අලහප්පෙරුම හා ක්‍රිශාන්ත කෞෂල්‍ය ආලෝකකරණයේ යෙදුනු ‘ප්‍රතිචාරයේ කැමරා අධ්‍යක්ෂණය කුමාර ගමගේ මෙහෙය වීය. සහය අධ්‍යක්ෂණයෙන් නලින් කාරියවසම්ද, සංස්කරණයෙන් හිරාන් අතුරලියගේද සහය වූ මේ ඒකාංගික ටෙලි නාට්‍යය විකාශය වූයේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙනි. මෙහි කතාව 2000 වසරේ පී. වැලිකල සමරු ගුවන් විදුලි නාට්‍ය උලෙළේ දී දිවයිනෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද්දකි. |