|
ජන රන්ජන රන්ජන්
තුන් ඈඳුතු ජීවිත කතාවක් අර්නස්ට් වඩුගේ රචනා කරයි
පසු කාලීනව රන්ජන්ට සිනමාපටවල ලැබෙන්නේ එක දර්ශනයක් හෝ දෙකක් පමණි. ඔහු ලද අමිහිරි අත්දැකීම් අභියෝගයක් ලෙස සලකමින් ඉදිරියටම ආවේය. එම ගමන් මඟ ජන රන්ජන රන්ජන් හි පළමු කොටසේ විවරණයවේ. කෙසේ හෝ රන්ජන් සිංහල සිනමාවේ ජනපි‍්‍රයත්වයේ හිනිපෙත්තටම පැමිණියේය. පිට පිට ඔහු පස්වතාවකට වඩා ජනපි‍්‍රයතම නළුවාට හිමි සම්මානය ද දෝත දරා ගත්තේය. එමෙන්ම සිනමාවේ වීරයකුද විය. එලෙස සිනමාව ජයගත් රන්ජන් දේශපාලනයට පිවිසි අයුරු ග්‍රන්ථයෙහි දෙවැනි කොටසෙන් කියැවේ. කොතරම් දේශපාලන සබඳකම් තිබුණ ද ඔහු තනිව ජනතාව අතරට ගොස් ඡන්දය ඉල්ලා නියෝජ්‍ය ඇමැති ධුරයට පත්වුණ අවස්ථාව දක්වා රචකයා දෙවැනි කොටසින් ඉදිරිපත් කොට තිබේ. මෙහි තෙවැනි කොටස ඉතාමත් රසවත්වනු ඇත. ඒ රන්ජන්ගේ අතිශය පෞද්ගලික ජීවිතය එහි ලියැවෙන බැවිනි. ඔහුගේ ප්‍රේම සබඳකම් ඇතුළු සියලු රහස් මෙහිදී හෙළි කිරීමට නියමිතය. රන්ජන් මෙරට ජනකාන්ත නිළියන් දෙදෙනෙකු සමඟ සබඳකම් තිබුණු බව අර්නස්ට් වඩුගේ අනාවරණය කරයි. එම ග්‍රන්ථයේ තුන්වන කොටසේ ඔවුන් කවුරුන්දැයි නම් පවා සඳහන් වන බව කතුවරයා පැවසීය. මෙම ග්‍රන්ථය තමා විසින් ලියනු ලබන්නේ කිසිම දේශපාලන අරමුණකින් නොවන වග අර්නස්ට් වඩුගේ පවසයි. එමෙන්ම මෙය රන්ජන් සමඟ සාකච්ඡාකොට සම්පාදනයවේ. |