|
ටෝනි නම් රසවතාබුද්ධදාස ගලප්පත්තිගේ ආවර්ජනය
මෑත කාලයේ ඒ වගේ විශාල ගුවන් කාලයක් මුද්‍රිත පිටු ඉඩකඩක් ලැබුණු එකම මියගිය කලාකාරයා ටෝනි කියලා මට හිතුණි. මාධ්‍යවලින් කොයි තරම් ප්‍රචාරයක් ටෝනි වෙනුවෙන් දුන්නාද කිව්වොත් එක රූපවාහිනි නාළිකාවක නංගි කෙනෙක් කිව්වේ ටෝනි රණසිංහ සිනමාවට ආවෙ රන් තෝඩු චිත්‍රපටයෙන් කියලා. තවත් මාධ්‍යයක සඳහන් වෙලා තිබුණෙ ඔහු රඟපෑ රන්තෝඩු නාට්‍යය සුගතපාල ද සිල්වාගේ නිෂ්පාදනයක් කියලා. ධර්මසිරි වික්‍රමරත්නගේ රන්තෝඩු නාට්‍යය චිත්‍රපටයක් කරපු, රන්තෝඩු නිෂ්පාදනය සුගතපාල ද සිල්වාගේ ගිණුමට බැර කරපු මාධ්‍ය නංගිලා මල්ලිලා ටෝනි වේදිකා රංගනය වෙනුවෙන් ලබපු දෙවැනි සම්මානෙ ගැන දැනගෙන හිටියේ නෑ.
අවි නාට්‍යයේදී ටෝනි හොඳම සහාය නළුවට හිමි සම්මානය හිමි කර ගන්න කොට ඔහුව වෙස් ගැන් වූ මට හොඳම අංග රචකයාට හිමි සම්මානය හිමි වෙනවා. ටෝනිත් මාත් අතර ළඟ මිත්‍රකමක්, ආශ්‍රයක් ඇති වෙන්නේ අවි නාට්‍යය එක්ක. ලංකාවේ දුර පළාත්වල වගේම කොළඹ දර්ශනවලදීත් නිතර හමුවෙන්න පටන් ගත්තට පස්සේ. ඔහු තුළ අපූරු රසවතෙක් ජීවත් වෙන බව අපිට වැටහුණේ නාට්‍ය කණ්ඩායමේ ගමන් බිමන්වලදී. ටෝනිත් එක්ක අපේ කණ්ඩායමේ හිටිය අනෙක් කට්ටිය තමයි නීල් අලස්, අජිත් ජිනදාස, චන්ද්‍රා කළුආරච්චි, නවනන්දන විජේසිංහ, අනෝමා කුමුදුනී, දමයන්ති ෆොන්සේකා, ප්‍රසාද් සූරියආරච්චි. අපි දර්ශන දෙකකට අනුරාධපුරයට ගියත් එදා දවල් දර්ශනය පැවැත් වුණේ නෑ. අපේ කණ්ඩායම අනුරාධපුර දිවා චාරිකාව අවසන් කරලා හවස දර්ශනේට සූදානම් වුණා. ටෝනිට උඩු රැවුලක්, ව්‍යාජ නාසයක් පාවිච්චි කළා. 'ගලා නාහෙ ගෙනාවද, රැවුල හරිද' මේක් අප්්වලට ඉස්සර ටෝනිගෙ ප්‍රශ්න. ඔහු මට කියන්නෙ ගලා කියලා. මට එහෙම කතා කරන තව දෙතුන් දෙනෙක් ඉන්නවා. සුගතපාල ද සිල්වාත් කියන්නෙ එහෙම. ඊළඟට නාමෙල් මාලිනී වීරමුණි ජෝඩුව. හවස දර්ශනේට සෙනඟ පිරිලා හිටියේ. දර්ශනේ ඉවර වෙලා කර්ටන් කෝල් එකටත් පස්සේ ටෝනි විහිලුවට වගේ ප්‍රේක්ෂකාගාරෙට පස්ස පැත්ත පෙන්නුවා. ටෝනි හිතල තිබුණෙ කර්ටන් කෝල් එකට පස්සේ තිරය වහල කියලා. ඒත් ටෝනිගේ ඒ රඟපෑම දැකපු සමහර ප්‍රේක්ෂකයෝ පිටුපසට ඇවිත් ප්‍රසන්නගෙන් ඇහුවා, ඇයි ටෝනි එහෙම කළේ කියලා. නාට්‍ය දර්ශනේ ඉවර වුණාම ඒ වගේ රංගන කරනවා. ඒත් ප්‍රේක්ෂකයන්ට පේන්නවත් ඔවුන්ට හිනා වෙන්නවත් නෙවි කියලා' ප්‍රසන්න කිව්වා. ටෝනි දැනගෙන ඉඳලා නෑ තිරය විවෘතයි කියලා.
මේ පොතෙන් අවි ගැන කොලම් එකක් තියෙනවා. පාට් වන් එකේ මම ගැන තිබුණු කොලම්ස් දෙකම ඉන්ටර්රෙස්ටිං. මචං ගලා, ආපහු කොලමක් ලියන කොට අපි අවිත් එක්ක බණ්ඩාරවෙල ගිය ට්‍රිප් එකේ කතාවත් ලියන්න අමතක කරන්න එපා. 'මොකක් ද ටෝනි කතාව. ඇයි මතක නැද්ද ෂෝ එක ඉවර වෙලා ප්ලාන්ටර්ස් ක්ලබ් එකේදි බොන කොට වෙච්ච ෆන් එක.' 'මම ඉන්න නැතුව ඇති ඒ වෙලාවේ'. මේකයි මචං වුණේ. ෂෝස් ඉවර වෙලා ඕර්ගනයිසර්ස්ලා අපිව එක්ක ගෙන ගියා ටවුන්හෝල් එක අනිත් පැත්තෙ තියෙන ක්ලබ් එකට ඩ්‍රින්ක් එකකට. ඔන්න දෙවෙනි රවුම විතර යන කොට ඕර්ගනයිසර්ස්ලගෙ මෑන්ස් කෙනෙක් අහපි කෝ ප්‍රොඩියුසර් ප්‍රසන්න විතානගේ කියලා. ඔය කාලෙ වෙන කොට ප්‍රසන්න දමයන්තිත් එක්ක හිච් වෙලා ප්‍රේමය පටන් ගත්ත මුල් කාලේ. මම ඒ මෑන්ස්ට කිව්වා 'ප්‍රසන්න බොන්නෙ නෑනේ, බස් එකේ ඇති කියලා'. ටෝනිගේ උත්තරේට ඕර්ගනයිසර්ස්ලගේ අර ප්‍රශ්නෙ අහපු මෑන්ස්ගේ උත්තරෙන් ටෝනි උඩ ගියලු. 'ප්‍රසන්න ඩ්‍රින්ක්ක්ස් ගන්නෙ නෑ, වෙන්න බෑනේ දැන් මාස දෙක තුනකට ඉස්සර දවසක මෙහෙට ඩ්‍රාමා එකක් ආපු වෙලාවේ ප්‍රසන්නගේ තාත්තා අපිත් එක්කත් මෙතනම ඩ්‍රින්ක්ස් ගත්තනෙ'. ටෝනි කිසිම උත්තරයක් දුන්නෙ නෑලු. ඒත් පස්සෙ තමයි ටෝනි දැනගෙන තියෙන්නේ ඒ කට්ටිය එක්ක කලින් දවසක ක්ලබ් එකේ ඩ්‍රින්ක්ස් අරන් තියෙන්නෙ සෙනෙහෙබර ඩොලී එක්ක ගියපු බන්දුල විතානගේ කියලා. කිසිම නෑකමක් නැතිව විතානගේ නම නිසා. ප්‍රසන්න බන්දුල විතානගේගෙ පුතා හරි බන්දුල විතානගේ ප්‍රසන්නගෙ තාත්ත වෙච්ච හැටි ගැන හරි මගේ තීරුවක ලියන්න කියලා ඉල්ලපු ටෝනි හිනා වෙන්නේ ඒ වගේ කතා ගැන කියවන්න පාඨකයො, රසිකයො කැමැතියි කියන ගමන්. ඔව් ඇත්තටම රසිකයො කැමති ඒ වගේ කතා රාශියක් ටෝනි ළඟ තිබුණා.
එල්සන් එක පාරටම කලබල වෙලා, බුද්ධි පොඩ්ඩක් ඉන්න, අපි ආපහු රෙකෝඩින් එක පටන් ගම්මු කියලා කියාපි. මම බැලුව මොකද මේ කියලා. බුද්ධි, මගේ තාත්ත අම්ම දීපු නමක් මට තියෙනවා. ඒකෙ කොහේවත් නෑ දිවිතුරුගම කෑල්ලක්. මම එල්සන් දිවිතුරගම. එල්සන්ගෙන් සමාව ඉල්ලලා මම අලුතින් පටිගත කිරීම පටන් ගත්තෙ අද අපේ ආරාධිතයා එල්සන් දිවිතුරගම කියලා. හැබැයි ඒ වගේ පුංචි වචනයක වැරැද්දක් දකින එල්සන්ගේ කතාබහේදී අමුතු බාසාවක් තිබිල තියනවා. අතුරු කතාවෙන් ප්‍රධාන කතාව, එල්සන් ටෝනිගෙ සංවාදයට. ටෙලි නාට්‍ය රූගත කිරීමකට ටෝනි කොළඹින් පිට ගියපු වෙලාවක එල්සන්ට ඇවිත් ටෝනිගෙ කාමරේම ඉන්න පහසුකම් හදල දීල තිබුණලු. එල්සන්ගේ බාසාවෙ යෙදුම් මෙහෙමයි. කාමරේට ආපු ගමන් එල්සන් ටෝනිට කියනවලු 'මචං ටෝනි, හරි මහන්සියි එක දිගට ප්‍රයිවට් බස්මන්ට් එකක ඇවිත්. ඔක්කෝටම ඉස්සර වෙලා කොසුමන්ට් එකක් හොයාගෙන අතුමන්ට් එකක් දාලා වොෂ්මන්ට් එකක් ගන්න ඕන කියලා. ටෝනි එල්්සන්ගෙ මේ අමුතු බාසාව ගැන දන්න නිසා මෙහෙම කිවවලු. එල්සා, එල්සා මොකක්ද බන් උඹේ ඔය බාසාව, අතුමන්ට්, කොසුමන්ට්, සුද්ධ සිංහලෙන් කතා කරපන්කො. එල්සන් ආපු ගමන් කියලා තියෙන්නේ ප්‍රයිවට් බස් එකක එක දිගට ඇවිත් මහන්සියි. කොස්සක් හොයාගෙන කාමරේ අතුගාලා ඇඟ සෝදගන්න ඕන කියලයි. බස්මන්ට්, කොසුමන්ට්, අතුමන්ට්, වොෂ්මන්ට් කතාව ටෝනි අපිත් එක්ක කියල හිනා වෙන්නේ දිවිතුරුගම කිව්වම තරහ ගිය එල්සන්ගෙ අපූරු වචන ගැන මතක් කරමින්.
|